
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විදේශ සංචාර විසිතුනකට සහභාගිවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන් සහභාගිවු විදේශ සංචාර සඳහා වැයවූ මුදල කෝටි 102 කට වැඩි බවද හෙතෙම ප්‍රකාශ කළේය.
වික්‍රමසිංහ මහතා 2022 වර්ෂයේදී විදේශ සංචාර හතරකටද 2023 වසරේදී 14 කටද 2024 වර්ෂයේදී පහකටද මෙසේ සහභාගි වී ඇති බව ඔහු කීය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
අනුන්ගේ කුනු හොයන එක පැත්තක තියලා තමන්ගේ ගෙට හොරු පැනලා කරලා තියන දේ බලන්න. තමුන්ගේ ආසනය වන අගලවත්ත දුරකතනයට යනකන්ම අනුන්ගේ කුනු ගොඩවල් ඇවිස්සුවා. අගලවත්ත ප්ර්රාදේශිය සභාවයි පාලින්ද නුවරයි දෙකම දුරකතනයේ. දෙකට ඉන්නේ රත්තරන්ගේ අනුග්‍රාහක අන්න්නාසි ගෙඩි. මාලිමාව තුන. මදැයි කොලා.
වැඩිපුරම ගියේ අර දේශගුණික විපර්යාස කියල ලෝකේ රාජ්‍ය නායකයෝ නිකන් සැප ගන්න හදාගෙන තියන වැඩකට නැති සමුළුවට සහභාගි වෙන්න
එහෙම ගිහිල්ල තමයි බංකොලොත් රටක් ගොඩ දාලා, සංචිත වැඩිකරලා මාලිමා පචයන්ට රඟන්න ඉතුරු කලේ. අනුර මාස හයට රට සවාරි 4ක් ගිහිල්ල රටට ගෙනාපු සංවර්ධනය මොකක්ද? ජනතාවට හෙලිකරන්න බැරි හොර ගිවිසුම් ගොඩක් විතරයි.
චන්ද ලක්ෂ 25ක් නැතිකරගෙනත් තවමත් පාඩමක් ඉගෙනගෙන නෑ වගේ. ඕපාදුප කිය කියා ගම් ගානේ යන එක නවත්තලා වැඩක් කරන්න ඕන. නැත්නම් එතුරු මිනිස්සු ටිකත් දුරස්වෙලා යයි.
ඊයේ නේද ලොක්කා රෙද්දෙම මළ පහා උනේ! තවම හෝදා ගන්නවත් කාලයක් නෑ, එත් උදෙන්ම ඇවිල්ල ආයෙත් අනුන්ගේ කුනු හොයනවා. දැන්වත් වැඩක් කරනවා හෙලෝ. බයිලා ගැහුවා කියලා රටට ලැබෙන දෙයක් නැහැ කියලා දැන්වත් තේරෙන්නේ.
තවත් පචයක්....මොකද රනිල්ටම ගහන්නෙ ඔයගොල්ලො..රාජපක්ෂට බයද...නෑත්නම් ඩීල් ද
ඇත්ත කියන විට සජබ එජාප හොර හවුලේ දඩෝරියෝ කුලප්පු වෙනවා අපේ හාමුදුරුවනේ ! 2019 ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල සමග 2015 මැතිවරණ ප්‍රතිඵලය සංසන්දය කරන්න නොදන්න හාමුගේ දඩෝරියෝ හිතාගෙන ඉන්නේ මාලිමාව පැරදිලා කියලා........
තනියම ගියා නම් කමක් නෑ කියමුකෝ. යන්නේ ගෝලයෝ රොත්තක් එක්කනේ.
මෙවැන් දෑ නිතර නිතර ප්‍රකාශ කිරීම පහත් සහ බොළඳ සිද්ධියක් සේ දැනේ. එයින් කිසිවෙකුටත් වන යහපත් නැත. වර්ථමාන ජනාධිපති පවා රට රටවල සංචාරය කරනු ඇත. කොයිතරම් සුදනන් වෙන්න දැඟළුවත් වරායෙන් පන්නපු කන්ටේනර් ගැනත් ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් ගැනත් පසුව රටට දැනගතවනු ඇත. තව තවත් දෑ ඉදිරියට සිදුවේ. ඒවා ගැන පසුව දැනගත් හැකිවේ. අප සිටිය යුත්තේ මැදහත් සිතකිනි. අන්තවාදීව කිසි පක්ෂයක් බදාගෙන නොසිටිය යුතුයි. අපට වැදගත් වන්නේ රට දැය සහ සමය...
දැනටත් කරන්නේ රට යන එකනේ, ට්රම්ප්වත් ඔච්චර ගිහින් නෑලු...
දොස්තර කමටත් නිගාවක්... මෙහෙම කෙනෙක් වෛද්‍ය සේවයේ හිටියා නම් පෙට්ටිකඩේ මුදලාලියා රජවෙනවා..
අනේ යන්න... දොස්තර දොස්තර නෙවෙයි, කවුරු වුණත් ඔයාලත් වැඩ්ඩෝ...!
රනිල් නැතුව මේ පුරසාරම් දොඩන අයට 2022 වෙනකන් කොහේවත් හොයාගන්න බෑ. අර්බුදකාරී වෙලාවේදිත්, තබුත්තේගමට මිනිහාට සම්පූර්ණ බලය ඕනෑ කියලා කිව්වා මාස හයක් ඇතුළත සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 10 ට අඩුවෙන් තිබුණු රට නැවත ගොඩගන්න පුළුවන් කියලා. දැන් රනිල් ඒක බිලියන 6කට ආපහු ගෙනාවා. මේ වඳුරන්ටවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ පාලනය කළ හැකි මට්ටමට ගෙනෙන්න බැරි වුණාම, ඔවුන් පුරසාරම් දොඩනවා. අමු කුණුහරප කියනවා. මොනතරම් බොරුකාරයෝද, වහල්ලු මේ වැඩකට නැති මෝඩයෝ පස්සේ ගිහින් ආශ්චර්යමත් දේශයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..
අවුරුදු 60ක් පමණ මාරුවෙන් මාරුවට ඔහොම මුදල් නාස්ති කරපු නිසානේ රට බින්දුවට වැටුනේ, අන්තිමට බංග්ලාදේශයනුත් ණය අරගන්න කොටයි මිනිස්සුන්ගේ ඇස්, කන් ඇරුනේ..., ඒ වේලාවේ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4 නොලැබුණා නම් රටෙන් අඩක්ම හාමතේ මැරිලා එම මුදලින් තමයි මාස ගණනක් මුහුදේ තිබුණු තෙල් නැවට, ගෑස් නැවට සල්ලි දීලා ගත්තේ... නැතුව පින් ජනධිපතිලා සංචිත වැඩිකරලා නොවෙයි...
ඉතින් ඔය ගිහින් තියෙන්නේ විනෝද ගමන් නෙවෙයි, අරුණ කුමාර මාස 6ට ගමන් කීයක් ගියාද? ඒවත් කිසිපලක් නැති ඒවා වුණත් රාජ්‍ය නායකයගේ ගමන්...!
මේ වගේ ගොන් හරකුන්ට ඕවා කීවාට තේරුමක් නැහැ සහෝදරයා. හොරකමට වන්චාවට දුෂණයට තමයි කැමැත්ත...
සීයා ගියේ සාමාන්‍ය ප්ලේන් එකේ. අනුර එන්නේ ජෙට් එකේ. කොහොමද ඒක...? එක ට්‍රිප් එකට වියට්නාමේ ඉඳලා ලංකාවට එන්න කෝටි 1.5ක් විතර යනවා. කොහෙන්ද එච්චර සල්ලි...?
පාර්ලිමේන්තු කථානායකයගේ හොර ආචාර්ය මහාචාර්යවරුන්ගේ ඉඳලා පටන් ගත්තෙම බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවටන්නනේ. අවසානයට ඉවර කලේ රටේ උතුම්ම මල් කළඹට වස්තුවට නිගා කරමින් අවනම්බුවට අපහාසයට ලක්කරමින්. කොහොමද සාපය පටන් ගත්ත හැටි. තව ඉස්සරහට බලන් ඉන්නකෝ ගොබ්බ මාලිමා රැලට වන දේ...