
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායී සහ ශක්තිමත් කරවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය සාදරයෙන් පිළිගත යුතු වර්ධනීය අවස්ථාවක් බව ද හිටපු ජනාධිපතිවරයා කියයි.
එමෙන්ම කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (යිට්කා) [Economic and Technical Cooperation Agreement] සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට ඡන්දය දීපු අයට වඩා සජබ සහ එජාප (දක්ෂිණාංශික ලිබරල් පිල) අය තමයි මේ වෙලාවෙ ඇත්තටම සතුටු වෙන්න ඕන.එට්කා ගිවිසුම ඉන්දියාවේ සිට ලංකාවට තෙල් විදුලිය සහ මහාමාර්ගය ඉදිවීම අපේ සිහිනයක්.මීළගට එම්සීසී ගිවිසුමත් ළග ළගම එනවා.මේව තමයි සුභ ලකුණු.දැන් මේවට විරුද්ධ වෙන්න මාරාන්තික උපවාස කරන්න කෙනෙක් නෑ.රනිල්ලට සජිත්ලට ඔය ඉන්දු ඇමරිකා වැඩපිළිවෙළ ලංකාවට ගේන්න කවදාවත් බෑ.ජවිපෙ රාජ්‍ය සේවා වෘත්තීය සමිති දාල රට නවත්තල වැඩේ අල කරනව.දැන් ඒ කුලප්පු වෙන කණ්ඩායමේ නායකය තමයි රජවෙලා ඉන්නෙ.දැන් ඔවුන්ට බයක් නෑ.තමන්ගෙ නායකය කරනකොට ඒ විශ්වාසය හැදෙනව.ඇත්තටම හොඳයි.රටට සුභයි.මහින්ද කාපු චීන ලණුව වාමාංශික නායකයෙක් අතින්ම ඇදල එළියට දැමීම ගැන දක්ෂිණාංශික ලිබරල් පිලේ අය මේ වෙලාවෙ කිරිබත් කන්න ඕන.
තෙල් ටැංකි ටික ගිවිසුමක් වත් නැතිව ලියලා දුන්න රනිල් පිම්ප්යා කියන කතා.
මෙයාගේ අදහස කාටවත් මොකටද දැන්.
දැන් ඉතින් වෙන මොනවා කියන්නද? පැරැන්නෝ කියපු ප්‍රස්තා පිරුලු සිහි කර ගන්න මඩේ හිටවපු ඉන්නවගේ, ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ, පන්ඩිතයට ඒ දන්ඩේ යන්න බැහැලු, ගිනිපෙනෙල්කෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එලියටත් බයලු, උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි.
එදා එට්කා ගිවිසුම අල්ලගෙන රට ගිනි තියපු හනුමා අද ඔක්කෝටම කලින් එට්කා ක්‍රියාත්මක කරන්න හදන එක තමයි ලොකුම විහිළුව. මේ විදියට තමයි මෙයාලා පහුගිය 50 වසර තුළ මුළු රටේම දියුණුව අඩාල කළේ. දැන් එයාලටම ඒක වැටහිලා.
දැන් ඉතින් සජිත්ට ඩෝං යාවි.
එතකොට ගෑස් නැති වෙනවා කීවේ පචයක්ද?
බලපුවාම ඔක්කොම යාළුවෝ එක වැඩපිළිවෙළට තමා වැඩ... ඡන්දෙ කාලෙට දෙපැත්තට වෙලා දෙස් කියාගන්නවා. ජනතාව මෝඩ වෙනවා.