අනුරාධපුර සාලියපුර ඉපැදී නම ගිය අපරාධකරුවකු වී සිරෙන් ද කිහිපවරක් පැන ගිය ඩී ජේ සිරිපාල හෙවත් ‘මරු සිරා’ 1975 අගෝස්තු 05 වැනිදා මහනුවර බෝගම්බර සිර ගෙදරදී එල්ලා මැරූ ස්ථානය බැලීමට ඔහු බිරිය රන් මැණිකා (70) ඇගේ ඥාතීන් සමඟ එහි ගියාය.
ඔහු රදවා සිටි සිර මැදිරියට දුටු ඇය හඬා වැටෙමින් පැවසුයේ ‘සිරිපාල මා දලා ගියා’ යනුවෙනි.
එල්ලුම් ගහ අසලට ගිය ඇය එතැනදීත් හඬා වැටුණාය.
මැරූ දවසට පෙර ඔහු නිදි බෙහෙත් පෙති අධික ප්‍රමාණයක් ශරීරගත වීම නිසා ඔහු පෝකයට රැගෙන ගියේ සිහිසුන්වය.
දෙපයින් පෝරකයට යන සිරකරුගේ බෙල්ලට තොණ්ඩුව දමා ලණුව පහළ ඇදීමෙන් මොහොතකින් මරණය සිදුවෙතත් ඔහු ගිලන් මැස්සකින් රැගෙන ගොස් ගෙළට තොණ්ඩුව දැමීම නිසා ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වීමට සෑහෙන වේලාවක් ගත වු බව බන්ධනාගාර වාර්තා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයට ජනාධිපති කොමිසමක් ද පත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩා මැරුණට ලෙඩේ මැරෙන්නෙ නෑ - බෝගම්බර සිර ගෙදර සිර මැදිරියක බිත්තියක සිර කරුවෙකු ලියූ අදහසකි.(නදී)
අම්මේ ඔබ උතුම් ශ්‍රී ලංකා කාන්තාවක්.(නදී)
ඒ කාලේ මේවගේ අපරාධකරුවන්ට ලැබුනේ එල්ලුම්ගහ. නමුත් දැන් කාලේ සමාව සහ ඇමති තනතුරක්. අනේ මරුසිරා මේ කාලේ ඉපදෙන්න පින්කරලා තිබුනේ නැහැනේ.(නදී)
රන් මැනිකේ මගේ රූබර බිරිද රන්වන් මගේ දරු පැටියා. ඇසිපිය වෙන්න කලින් මට බලන්න බැරිවෙයිදෝ.(නදී)
පක්ෂ අදහස් විතරයිද වැටෙන්නේ? (නදී)
අද එල්ලුම් ගස් යන්න සුදුසුකම් තිබෙන අය සුරසැප විඳිනවා. (නදී)
"ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයට ජනාධිපති කොමිසමක් ද පත් කැරිණි." අපි නොදන්නා සිරි ලංකාව.(නදී)
ඇත්ත කාන්තාවන් ලෙස අපි අපේ වගකීම හරියට ඉටු නොකිරීමේ ප්‍රතිවිපාකය සැමියන්ට මෙවැනි විපතකින් ජීවිත අහිමි විය හැක. සමහර ගැහැණු උදවිය නැතිබැරි කම කියාගෙන විදේශයන් වලට පැමිණියත් කාලයක් යනවිට තම සැමියාව වහ කදුරු වගේ පෙනිමට ගන්නවා. ඉන් පසු වෙනත් පුරුසයන් සොයා ගොස් තම සැමියාගේ නැති වැරදි කියමින් තමන් සාදාරන බව ලොවට ඔප්පු කිරීමට සැරසෙනවා එවැනි පසුබිමක සදාචාරය ගැන කුමන කතාද ? (නදී)
සැබෑ ආදරයකට නිමාවක් නොමැත. මිය ගියද ඔවුනොවුන් හදවත්හි සදාතනිකව ජීවත්වෙති.(නදී)
මෙලොව උපදින මිනිසා හොද හෝ නරක දෑතින් රැගෙන එන්නේ නැහැ. ඔහුව එතනට ගෙනියන්නේ පවතින සමාජය. අනෙක පොලීසිය අපරාද කරුවෙක් ඉතා දරුණු වන තුරු ඔහුව ආරක්ෂා කරනවා . ඔහුව නැතිකරන්නේ තව එකෙක් එම අඩුව පිරවීමට පෙළ ගනුනාට පසුවයි. නැතිනම් පොලීසියට පැවැත්මක් නැහැ. ගුණගරුක සමාජයකට පොලීසියක් අනවශ්‍යයි.(නදී)
වත්මන් සිරාලා හා සසඳන කල්හි මරු සිරාගේ අගය කියා නිම කල නොහැකිය.(නදී)
යා යුත්තොම හිදති. නොයා යුත්තොම යති. විශ්ව මාතාවනි ,මේ ඔබේ කිනම් දහමක්ද ? (නදී)
රන්මැනිකා මගේ මට සිටි එකම පන ................... හෙට උදයේ අටට නිමවෙයි මෙමගෙ පන ........... කළකම් පළදුන්නෙ මාහට මේ ලෙසින ................ දරුවන් සමග ඔබ යහතින් සිටිනු මැන ...............(නදී)
නිර්මල සහ පිවිතුරු ආදරයේ හොඳම සංකේතයක් තමා සිරිපාල සහ රන් මැණිකාගේ ආදර කතාව. ඇයගේ අවසන් හුස්ම යනතෙක් ඇයගේ ආදර සිරිපාල ඇයගේ මතකයේ සදාකල් ජීවත්වේවි. බොහොම සංවේදී දසුනක් මා දුටුවේ. මටත් කඳුළු අවා නොදැනීම. උපදින උපදින ආත්මයක් පාසා සමහරක් විට මේ දෙන්නා පෙම්වතුන් වෙලා ඉපදෙවිද කියලත් මට හිතෙනවා. අනේ එහෙම උනානම් කොච්චර හොඳද?(නදී)
මොනව කරන්නද කරුමෙ තමයි.(නධී)
රන් මැණිකා ගැන දුක තමයි. එහෙත් මරුසිරා අතින් මැරුණු මිනිසුන්ගේ බිරින්දැලා ගැන කවුරුවත් කතා කරන්නේවත් දුක් වෙන්නේවත් නැහැ. (නි)
දසක හතරකට අසන්න කාලයකට පෙර එල්ලා මරා දැමුවට , දරුණු අපරාධ කරුවෙකුගේ බිරිදක් ලෙස අපමණ නින්දා අපහාස කරදර හිරිහැර වින්දද තවමත් තම සැමියාට ආදරය කරන මේ සැබෑ සිංහල ගැමි කාන්තාව කියාපාන්නේ හැබෑ ආදරය ගැන නොවේද? ආදරය කියමින් ලිංගික පහස පමණක් ලබන්නට හදන නව පරපුරට පළමු ඡායාරුපය කියාදෙන ආදර කතාව වචන දස දහස් ගණනකින්වත් ලිවිය නොහැකි කතාවකි (අ)
කව්ද මේකට එල්ලුම් ගහ කියල නම දැම්මේ, මේක එල්ලුම් බාල්කයක්නේ. (අ)
මරු සිරා මැරෙනකොට රන්මැනිකට අවුරුදු 31 යි. තවමත් ආදරය කරන්නේ හොද ස්වාමි පුරුෂයෙක් වෙන්න ඇති.(නදී)
නැවත මරණ දණ්ඩනය ගේන්න ඕනේ (දී)
කල කම් පල දීමක් ධාර්මිකව ජීවත් උනොත් කාටත් හොඳයි.(නදී)
ඔබට දීර්ඝායු පතමි (දිල්)
සිරිපාල අන්තිමේට ලියපු කවිය මට මතක් උනා , රන්මැණිකේ මට මගේ සිටි එකම පන හෙට උදේ අටට නිමවෙයි මෙමාගේ පන අහිතක් නොම සිතා මා යන ගමන ගැන දරුවොත් සමග ඔබ යහතින් සිටිනු මැන නමුත් මට අද වගේ මතකයි යමක් බොන්ඩ අරන් ආවා ඒත් රන් මැණිකට අපිව නම් මතක ඇති කියල හිතන්ඩ අමාරුයි .(අ)
අනුර මෙන්න මෙහෙම ලියන්න, රන්මැණිකේ ආදර... මගේ බිරිඳ පෙම්බර.... රන්වන් මගේ දරු සුරතල් පැටියා සුන්දර... ඇස් වැහෙන්ට පෙර හුස්ම යන්න ඉස්සර... ආසයි බලන්න මුහුණ රූබර...(අ)
දසක හතරකට අසන්න කාලයකට පෙර එල්ලා මරා දැමුවට , දරුණු අපරාධ කරුවෙකුගේ බිරිදක් ලෙස අපමණ නින්දා අපහාස කරදර හිරිහැර වින්දද තවමත් තම සැමියාට ආදරය කරන මේ සැබෑ සිංහල ගැමි කාන්තාව කියාපාන්නේ හැබෑ ආදරය ගැන නොවේද? ආදරය කියමින් ලිංගික පහස පමණක් ලබන්නට හදන නව පරපුරට පළමු ඡායාරුපය කියාදෙන ආදර කතාව වචන දස දහස් ගණනකින්වත් ලිවිය නොහැකි කතාවකි. (නදී)
එළබෙන දිනය ගැන හොදහැටි හැදින ගෙන - ඔහු මිය ගියද ඔබ සතුටින් සිටිනු මැන.(නදී)
දහසක් මරු සිරාලා වර්ථමානයේ සිටියත් දඬුවම් වෙනස්වී ඇත.(නධී)
සමාජය විසින් ඔහුව අපරාධ කරුවකු ලෙස හංවඩු ගසන ලදී.(නදී)
සිරිපාල යහමගට ගන්න ඔබට ලොකු වගකීමක් තිබුනා. තරුණකමට ඔබ එය නොසලකා හරින්න ඇති. ඔය හෙලූ කඳුල ඒ අතපසුවීම වෙනුවෙන් වෙන්න ඇති. (නදී)
සැබැ ආදරය කිසිදා මිය නොයයි. (ස)
ලංකාවේ ඒ කාලයේ නීතියත්, දැනට සමානයි, සිහිනැති මිනිහෙක්ව එල්ලනවා කියන්නේ, (දිල්)
සත්‍යපාල.., ඔබගේ අදහස හරිම වැදගත්. අද සමාජයේ සිද්ද වෙන්නේ ඔය කියපු දේමයි.., (දිල්)
ඔව් චන්දන, සිරිපාලගේ ආදරය මතක් වෙලා මතක්වෙලා තමයි තාම අඬන්නේ. (නදී)
ලංකාවේ ගැණු අන්දන්න කප් ගහපු අය, ඕව එච්චර සිරාවට ගන්න දේවල් නෙවේ. (නදී)
අම්මේ ඔබ උතුම් සිංහල කාන්තාවක්, ඔබට පරමායුෂ ලැබේවා (අ)
සත්‍යපාල මහත්මයා, මම නම් හිතන්නේ එදා අද තරම් දියුණු මාධ්‍ය සංස්කෘතියක් නොතිබුණු නිසා ඇයට මෙතුවක් කල් ජීවත්වෙන්න වාසනාව තියෙනවා ඇති. නැත්නම් ඇයට වෙන්නෙත් බෙල්ලෙවල දාගන්න අද සමහර මිනිස්සු ගැන වෙබ් අඩවි වල දාන ඒවායේ හැටියට. මොනවා උනත් අවංක ආදරයකින් සිටිබවත් දාමරිකයෙක් උනත් සිරිපාල තමාගේ බිරිඳට හොඳින් සලකුබවට හොඳ සාදකයක් තමයි ඇය සස්වාමිකව තවමත් දිවිගෙවන එක. අනික ස්වාමියා ජිවතුන් අතර සිටියදීත් අනියම් ඇසුරු පවත්වන කාලයක අවු 31 දී සැමියා අහිමි වුන කාන්තාවක මෙහෙම හිටපු එකට ඇයට වෙනම උපහාරයක් දක්විය යුතුයි. (අ)
මාරු සිරා සිරාවට ආදරේ කරල තියනව එයාගෙ බිරිදට. මෙයා හදවතින් අඩන්නෙ ඒ නිසායි.(අ)
මොනවා උනත් අපරාද කාරයෙක් නිසානේ මැරුවේ. අද රන් මැණිකා ඇඩුවට එදා කි දෙනෙක් යසයි කියන්න ඇද්ද? (නදී)
දරුණු අපරාද කරා කියල කිව්වට මරුසිරාලග හොද ගුනදර්ම තිබුනා අසාදරණයට එරෙහිව කැ ගැසූ කෙනක් කියලයි මම අහල තියෙන්නේ. රන්මැනිකා ගෞරවනීය කාන්තාවක් .එදා ආදරේ කොයි තරම් වටිනා එකක් වෙන්න ඇතිද? මේ ෆොටෝ දැක්කම හොදින්ම තහවුරු වෙනවා. රන්මැනිකට නිරෝගී සුවය පතනවා. මටත් හරි දුකයි උත්තරීතර ආදරයක්.(නදී)
මේ කිසි කෙනෙක් වෙච්ච්ච සිද්ධිය ගැන දන්නේ නැතිව තමා ප්‍රතිචාර දාලා තියෙන්නේ. මම අහල තියෙන විදියට මෙයා මරලා තියෙන්නේ රන්මණිකට අතවර කරන්න ආපු අයව. (අ)
ගොඩක් මිනිස්සු දරුනු වෙලා තියෙන්නෙ සමාජයේ වැරදි වලින්, මරු සිරාටත් එහෙම වෙලා තියනව කියල තමයි මට හිතෙන්නෙ. මොකද තමන්ගෙ බිරිදට ඔහු ගොඩක් ආදරය කලා කියල මම අහල තියෙනවා. ඒක මේ සිද්දියෙන් හොදට තේරෙනවා. ලගදි ජනාදිපති සමාව ලැබිල එලියට ආපු හිත හොද ජීවිතේ කියන කෙනාගෙ කතාව මම පත්තරෙකින් කියෙව්වා. එයා සිරිපාලත් එක්ක එකට හිර ගෙදර කඩාගෙන ගිහිල්ල තිබුනා. එයා කියල තිබුන සිරිපාල හිත හොද මිනිහෙක් කියලා.(නදී)
මංජුල එය අස්වාමිකව යනුවෙන් නිවැරදි විය යුතුයි. (නදී)
අම්මේ අද ඉන්න ළමයින්ට අදරය කරන්න කියලා දෙන්න.(නදී)
ඇත්තටම අද රටේ සිටින හොර තක්කඩි දේශපාලුවෝ කරන තරම් ජාතික අපරාධ මරුසිරා කලේ නැහැ. මරුසිරා කලේ තියෙන උන්ගේන් අරන් දුප්පත් අයට බෙදල දුන්නා. නැතුව මරුසිරා බංගලා හදලා සැප ජීවිතයක් ගත කලේ නැහැ. ප්‍රාඩෝ වලින් ගියෙත් නැහැ. නමුත් මරුසිරා ළඟ මනුස්ස ගති තිබුනා. මැති, ඇමතිවරු වගේ ස්ත්‍රී දූෂණ,ළමා අපචාර කෙරුවේ නැහැ. කුඩු ඇද්දේත් නැහැ , කුඩු වික්කෙත් නැහැ.(නදී)
මරුසිරාගෙන් පසුවත් රන්මැණිකා විවාහ උණා. ඒ කසාදෙත් ළමයි ඉන්නවා.(නදී)
සංවේදී මොහොතකි. මියනන්නන් නිසා දුක් උහුලන්නේ ජීවත්ව සිටින්නන් වන අතර, මිනිස්කම මියගියවුන් නිසාද දුක් උහුලන්නේ පොළවේ පය ගසා ජීවත් වන්නන්ය.(නදී)