IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රන්දිව් - හේරත් දෙදෙනා යොදා ගනිමින් එංගලන්තය අමාරුවේ දැමීමේ සැලසුමක්

අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු වැනි ස්ථානය හිමිකරගෙන සිටින එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමුවැන්න අද (26 වැනිදා) ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි. එක දිගට එක්දින තරග 19 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ මාස දෙකක පමණ පසුවය. වසර 2010 අගෝස්තු මාසයේදී මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව මේ දක්වා ටෙස්ට් තරග 17 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඒවායින් තරග හයක් පරාජය වී ඇති නමුත් ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි. මේ වසරේ ජනවාරි මාසය මුලදී දකුණු අපි‍්‍රකාව හමුවේ ටෙස්ට් තරගාවලිය පරාජය වීම නිසා වසර ගණනාවකට පසුව ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ ප‍්‍රසාද ලකුණු 100 සීමාවෙන් පහළට ඇද වැටුණ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් අතර හයවැනි ස්ථානය දක්වා පහළට ඇද වැටී තිබේ. මෙම තත්ත්වය මත, මහේල ජයවර්ධන නැවතත් නායකත්වයට පත්වීමෙන් පසුව සහභාගි වන පළමු ටෙස්ට් තරගාවලිය වන බැවින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ ඉහළට යාම ශී‍්‍ර ලංකා පිලේ අපේක්‍ෂාවයි. ශී‍්‍ර ලංකාවට ඉතාමත් වාසිදායක කී‍්‍රඩාංගණයක් ලෙසින් සැලකෙන ගාල්ල කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා පිල මෙවරත් සූදානම් වන්නේ දග පන්දු යවන්නන් දෙදෙනකුගේ සේවය යොදා ගනිමින් එංගලන්ත පිල අමාරුවේ දැමීමටය. සුරාජ් රන්දිව් කලකට පසුව නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා සිටින අතර මුරලිදරන්ගේ සමුගැනීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා පිලට වැඩිම සේවයක් කළ ද`ග පන්දු යවන්නා වන රංගන හේරත්ද ගාල්ල තරගයේදී ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් පිටියට පිවිසීමට සූදානමින් සිටිති. ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවා වශයෙන් යොදාගැනීමේ වෙනසක් කිරීමට කිසිම හේතුවක් නැතැයි කී ශී‍්‍ර ලංකා නායක, මහේල ජයවර්ධනට ඇති එකම හිසරදය වන්නේ අංක හය ස්ථානය සඳහා යොදාගන්නා පිතිකරුවා දිනේෂ් චන්දිමාල්ද නැතහොත් චාමර සිල්වාද යන්න පිළිබඳව තීරණයය එළැඹීමයි. හිටපු කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන සැත්කමින් පසුව සුවය ලබා නැවතත් කණ්ඩායමට පැමිණ සිටින හෙයින් අංක 6 පිතිකරු ස්ථානය සඳහා තරගයක් ඇතිවී තිබෙන නමුත් එහිදී චන්දිමාල් ඉදිරියෙන් සිටින බව කණ්ඩායම් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. ආබාධයකට ලක්වී සිටින රවී බොපාරට පන්දු යැවිය නොහැකි බැවින් වමතින් ද`ග පන්දු යවන සමිත් පතෙල් හෝ වේග පන්දු යවන ටිම් බ්‍රෙස්නන් එංගලන්ත කණ්ඩායමේ අවසන් 11 ට ඇතුළත් වීමේ අවස්ථාවක්ද තිබේ. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ සිටින නමුත් පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලිය    3-0 ක් ලෙසින් පරාජය වූ එංගලන්තයට ශී‍්‍ර ලංකාවේ කාලගුණික තත්ත්වය නම් එතරම් යහපත් නොවනු නියතය. මේ දිනවල පවතින අධික උණුසුම නිසා එංගලන්ත කණ්ඩායමේ සැලසුම වන්නේ වේග පන්දු යවන්නන් කෙටි පන්දු යැවීමේ වාර සඳහා යොදා ගැනීමටය. එහෙත් එහි තිබෙන අවාසිය වන්නේ පන්දු යවන්නන් නිසි රිද්මයකට පැමිණියද එම රිද්මය නියමිත පරිදි පවත්වාගෙන යාමට නොහැකි වීමයි. මෙය පිතිකරුවන්ට ඉතාමත් වාසිදායක තත්ත්වයකි. ශී‍්‍ර ලංකා නායකයාගේ බලාපොරොත්තුව පළමු ඉනිමේදී හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ගොඩගසා ගැනීමයි. මේ කාලගුණික තත්ත්වයන් අපට හොඳයි කියලා පහසුවෙන් හිතන්න වෙලාවක් නොවෙයි. අපි හොඳින් කී‍්‍රඩා නොකළොත් අප ආමාරුවේ වැටෙනවා” ඒ නිසා අපේ රටේදී හොඳින් කී‍්‍රඩා කරන්න ලැබිලා තිබෙන මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න සෑම දෙනාම බලා සිටිනවා” යයිද මහේල පැවසීය. කෙසේ වෙතත් එංගලන්ත පිතිකරුවන් පාලනය කිරීම එතරම් පහසුවට ගතහැකි අභියෝගයක් නොවේ. එංගලන්ත පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනාම පුහුණු තරග දෙකේදී ශතක ලබාගත් අතර සෙසු පිතිකරුවෝත් ලකුණු අතර සිටිති. මෙවර තරගාවලිය, දෙරට අතර ටේස්ට් තරග ආරම්භ වී වසර 30 කට පසුව පැවැත්වෙන්නකි. ශී‍්‍ර ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය (ශී‍්‍ර ලංකාවේ මංගල ටෙස්ට් තරගය) 1982 දී කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැති අතර එහිදී එංගලන්තය කඩුලූ හතක පහසු ජයක් හිමිකරගත්තේය. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 24 ක් පවත්වා ඇති අතර එයින් තරග 6 ක ජය ශී‍්‍ර ලංකා පිලත්, තරග 9 ක ජය එංගලන්ත පිලත් සතුවී තිබේ. ශී‍්‍ර ලංකා සංචිතය: තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන, සුරාජ් රන්දිව්, රංගන හේරත්, සුරංග ලක්මාල්, චානක වෙළගෙදර, චාමර සිල්වා, තරංග පරණවිතාන සහ ධම්මික ප‍්‍රසාද් එංගලන්ත සංචිතය: ඇන්ඩෲ ස්ට‍්‍රාවුස් (නායක), ඇලිස්ටෙයාර් කුක්, ජොනතන් ට්‍රොට්, කෙවින් පීටර්සන්, ඉයන් බෙල්, මැතිව් ප‍්‍රයර්, ගේ‍්‍රඒම් ස්වෝන්, මොන්ටි පනීසාර්, ජේම්ස් ඇන්ඩසන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ස්ටීවන් ෆින්, සමිත් පතෙල්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් සහ ස්ටීව් ඬේවිස්, විනිසුරුවරු: අසාඞ් රවුෆ් (පාකිස්තානය) සහ රොඞ්නි ටකර් ( ඕස්ටේ‍්‍රලියාව), බෲස් ඔක්සන්ෆර්ඞ් (තුන්වැනි විනිසුරු) සහ අසෝක ද සිල්වා (අතිරේක විනිසුරු) තරග තීරක: ජවගල් ශී‍්‍රනාත් (ඉන්දියාව) රංගන හේරත් සුරාජ් රන්දිව්  (ඡායාරූප-ශාන්ත රත්නායක)



අදහස් (0)

රන්දිව් - හේරත් දෙදෙනා යොදා ගනිමින් එංගලන්තය අමාරුවේ දැමීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site