IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


රන්දීර්ගේ 'සිහිවටන' ගැනයි

2016-06-06-ent-136

රන්දීර් විතාන බොහෝ දෙනා හඳුනා ගනු ලැබුවේ රැප් ගායකයෙකු ලෙසයි. නමුත් ඔහු විසින් එළිදැක්වූ "නාමල් මිටක්" ගීතයෙන් පසුව ඔහු ඒක පුද්ගල ගායකයෙකු ලෙසද ජනප්‍රියත්වට පත්විය. මේ දිනවල නැවතත් ඔහු පිළිබඳව කතාබහට ලක් වන්නේ ඔහු විසින් පසුගිය දිනෙක එළිදැක්වූ අමුතු ආකාරයේ ගීතය නිසයි. ඒ "සිහිවටන" නම් ගීතය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා "සාරවිට" සඳහා අප රන්දීර්ව සම්බන්ධ කරනු ලැබුවා. මේ ඔහුගේ අදහසයි.

"මේ ගීතය ලිව්වේ මනුරංග විජේසේකරයි. මෙහි තනුව දිලුම් තේජනගෙයි. මෙම වීඩියෝවේ අධ්‍යක්ෂක වෙන්නේ මුවිඳු බිනෝයි විසිනි. මේ සිංදුව ගැන කිව්වොත්, අවුරුදු එකහාමාරකට කලින් මනුරංග මට ගෙනාපු එකක්. ඇත්තටම කිව්වොත් ඒකේ Dummy එකක Voice කරලා ඔහොම්ම තිබ්බා. ඉතිං ඒකට මුකුත් කරන්න වුණේ නැහැ. මම මේ අවුරුද්දේ වෙන සිංදුවක් දාන්න හිටියා. එක පාර අර සිංදුව දාන්න ඉඳලා ඊට පස්සේ මතක් වුණා අර මුලින් කරපු සිංදුව දැම්මොත් හොඳයි කියලා. ඊට පස්සේ තමයි දාන්න හිටපු එක නවත්තලා "සිහිවටන" සිංදුව දැම්මේ."

"මේ විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි වීඩියෝව පිළිබඳව. මේ මුලු මියුසික් වීඩියෝවම අරන් තියෙන්නේ එක ෂොට් එකකින්. එකේ මාත් එක්ක රංගනයෙන් දායක වෙනවා යුරේනි නොෂිකා. මම හිතන්නේ මම දන්න තරමින් ලංකාවේ මේ වගේ ගීතයක් බිහිවුණේ නැහැ. ඒක රූගත කරනවා කියන්නෙත් සෑහෙන අමාරු කාරණයක් වුණා. අපි තනි ෂොට් එකකින් කරනවා කියන්නේ Cutsවලට යන්න බැහැ. අපිට ඔය Frame එක ඇතුළේ කර Action එක අපිට ආයේ පාරක් ගන්න බැහැ. සිංදුව විනාඩි තුනහමාරක්නම්, එක Action එකකින් මේ විනාඩි තුනහමාර ඇතුළත් කරන රඟපෑම පිළිබඳව 100% දැනගන්න ඕනා. මොකද වරදින්නත් ඉඩක් නැහැ. ඉතිං මායි, යුරේනියි දොළොස් පාරක් විතර පුරුදු පුහුණු වීම් කරලා තමයි Take එකකට ගියේ. මෙහි හොඳම සිදුවීම තමයි මේ වීඩියෝව බලපු ගොඩක් කට්ටිය අහනවා. කාර් එකේ Screen එක ඇත්තටම කුඩු කළාද කියලා. නැත්නම් ඒ සඳහා Special Effect එකක්ද කියලා. ඇත්තම කාරණාව තමයි. Screen එකක් කැඩුවා. අපිට එක windscreen එකක් විතරයි තිබුණේ. ඉතිං අපි එක Shoot කරද්දි ඒක කැඩුවේ වරදින්න එපා කියන හැඟීමත් එක්කයි."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-06-ent-137 2016-06-06-ent-138



අදහස් (0)

රන්දීර්ගේ 'සිහිවටන' ගැනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 106 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site