අම්බලන්ගොඩ රන්දොඹේ ගබඩාවකින් කසළ තේ කිලෝ විසිහත්දාහක් පමණ අත්අඩංගුවට ගන් බව ගාල්ල විශේෂ පොලිස් බළකාය කියයි.
තේ සැකසීම සඳහා මේ වසරට බලපත්‍රයක් ද ලබා ඇති මෙම ස්ථානයේදීම කසළ තේ වනසා දැමීමට නියමිතය.
අම්බලන්ගොඩ රන්දොඹේ ගබඩාවකින් කසළ තේ කිලෝ විසිහත්දාහක් පමණ අත්අඩංගුවට ගන් බව ගාල්ල විශේෂ පොලිස් බළකාය කියයි.
තේ සැකසීම සඳහා මේ වසරට බලපත්‍රයක් ද ලබා ඇති මෙම ස්ථානයේදීම කසළ තේ වනසා දැමීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තේ නිසා ලංකාවේ තේ වලට තියෙන ඉල්ලුම පහළ බැහැලා. මෙවැනි පහත් වැඩ කරන දේශද්‍රෝහින් "රජයේ ආදායම අඩුකිරීමට සළස්වා රජයට පාඩු කිරීමේ වරදට" අර බරපතල වංචා කොමිසමට කැඳවිය යුතුය. (නි)
රන්දොඹේ හැමදාම කසළ තේ? මේකට විසඳුමක් නැද්ද? (නි)
දැන් තියෙන්නේ තේ කොළ නෙමෙයි, තේ පොතුනේ! මේවා අපි ඉන්න රටවල මිනිස්සු දැනගත්තොත් අපිවත් ගහලා පන්නාගනීවි (නි)
මැටිපහන ඔබ රහසක් එළිකළා නේද? වෙදගේ අපි ඕවට නෑ නෑ කියන්න (බ)
වෙදගේ, පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු! (ර)
ලංකාවේ තේ වගා කළා වුණාට මොකද අපි තේ බොන්නේ කිලෝව රුපියල් 1300/- ට 1400/- ට නේ. ඒකත් කසළ තේ කලවම් කරලාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ලස්සන පැකට් වල දාලා ග්‍රෑම් 100 රුපියල් 130/- යි 140/- යි. (නි)
මේවා විකුණන කඩ වලට දඩ ගැසීම පටන් ගැනීමෙන් මෙය වලක්වා ගන්න හැකිවෙනවා වගේම මේ කඩවල විකිණීමට ඇති තේ පමණක් නොව අනික් හැම දෙයක්ම සුදුසු ඒවාද කියා බලන්න ඕනේ (බ)
රන්දොඹේ මේ වැඩේට හරි ප්‍රසිද්ධයිනේ (නි)
මේවා නැති කරන්නේ කොහොමද? ප්‍රධානතම තේ කම්හල් තමයි මේවා විකුණන්නේ. වැටළීම් වලදී අත්අඩංගුවට ගන්නේ මේ වගේ පොඩ්ඩෝ විතරයි. තෝරු මෝරු ඔක්කොම එළියට දානවා. (නි)
මෙහි සාදන තේ, තේ ගස්වල පොතු වලින් සාදනු ලැබේ මේවට කසල මිශ්‍ර කරනු නොලැබේ (බ)
තේ පරීක්ෂකවරුත් මේවට සම්බන්ධද කියලා හිතෙනවා (නි)
තේ අල්ලා විනාශ කරනවා , ඒත් කුඩු අල්ලලා අඩු ගානට විකුණා අපි රවටනවා.(හේ)
වෙදගේට කසල තේ ගැන හොඳ දැනීමක් තියෙනවා වගේ. මට තියෙන ප්‍රශ්නය තේ ගස් වලින් පොතු ඉවත් කලහම ගස් ඉතුරු වෙන්නේ කොහොමද කියන එක. කිලෝ විසි හත් දාහක කසල තේ ගන්න අක්කර කීයක තේ ගස් වල පොතු ඕනෙද. (හේ)
ලංකාවේ හොදම තේ පිටරට යවනවා. ලංකාවේ විකුනන්නේ අතුගාන තේ කුඩු. මේක අද ඊයේ කරන දෙයක් නෙමෙයි. (ර)
මේ ගොඩනැගිල්ල තේ සැකසීමට තියා ගව මඩුවකට වත් සුදුසු තැනක් නොවන බව තේ සැකසීමේ බල පත්‍ර නිකුත් කරන දෙපාර්තමේන්තු නිලධාරීනට නොපෙනෙන එකයි පුදුමේ. (ර)