මහනුවර රන්දෙනිගල රජමාවත ආසන්නයේ මයිලපිටිය කැප්පටියාවේ කානුවක් කපද්දී විශාල උමගක් මතුවී ඇත.
මීට වසර හතලිහකට පමණ පෙර සිට මිනිසුන් පදිංචි වීමෙන් මෙම ගම්මානයක බිහිවී ඇත. ඊට පෙර මෙය කැලෑබද කදුකර ප්‍රදේශයකි.
උමගට බැස්ස තරුණයෙක් වන ඩි.එම්. ජයකොඩි ප්‍රකාශ කළේ තමා මෙම උමගට බැස අඩි අටක් පමණ ඇතුලට ඇවිද ගිය බවත් අධික රස්නය හා හුස්ම ගැනීමට අපහසු බවත්ය ඇතුළත හුණුගල් ඇති බවත් ඔහු කියයි.
මේ ගැන පුරාවිද්‍යා දේපාර්තුමේන්තුවට දැනුම් දුන් බව තලාතුඔය පොලිසිය කියයි.
රන්දෙණිගලට නුදුරින් පිහිටි ස්ත්‍රී පුරයේද උමගක් තිබූ බවත් රන්දෙනිගල ජලාශයට ස්ත්‍රී පුරය යටවීම නිසා එම උමගද යටවු බව මහවැලි නිලදරයෝ කියති.
රන්දෙණිගල හා ස්ත්‍රීපුරයේ පැරණි රජවරුන් උමන් කැපා තිබූ බව ජනප්‍රවාදයේ කටා කතාවකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරවංශලා හා ගම්මන්පිලලා මේවා ගැන කොහොම අදහස් පළකරයිද මන්දා? (නි)
කතා දෙකක් නැහැ, මේක නම් ස්ත්‍රී පුරයට යන්න කපපු රහස් උමගක්. (නි)
එ්ත් ඉතින් රජවරුන්ට හොරරහසේ ස්ත්‍රීපුරයට යන්න උමං මොකටද? කෙළින්ම යන්න බැරිද? කාගෙන් තහංචිද? (නි)
මේකත් පසුගිය කාලයේ හම්බවුණ පොළව යට තිබුන ස්ත්‍රී පුරයට සම්බන්ධ එකක්ද දන්නේ නැහැ. (නි)
තිස්ස මාතෘකාවට අදාළව කථා කරන්න. කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ අදහස් දාන්න එපා (බ)