කුවේටයේ ගෘහසේවිකාවක් ලෙස සේවය කළ ලාංකික කාන්තාවන් රන් අභරණ සොරකම් කිරිමේ සිද්ධියක් මත අත් අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි සිය හාම් පුතු සතු ආභරණ තොගය සොරකම් කළ බවට ලාංකික කාන්තාව කුවේට් පොලිසිය හමුවේ වරද පිලිගැනිම නිසා ඇයව අත් අඩංගුවට ගෙන තිබේ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ආචාර්යවරු ඉන්න රටක් අපේ රට. මෙහෙ ඇවිල්ල බලපුවාම දැනගන්න පුළුවන් අක්කලාගේ වැඩ. කොහාම ආචාර්ය පට්ටමක් හදාගත්තද දන්නේ නෑ. ලංකාවේ කමට පයින් ගහල, ලංකාවේ ඉන්න මිනිහවයි ළමයින්වයි අමතක කරලා වෙන රටවල මිනිස්සු සමග පවුල් කනවා. ගණිකා වුර්තියේ නියෙලනවා, එකතුවෙලා මංකොල්ල ගහනවා. අපේ තුප්පහි ආචාර්යවරු හිතේ අරාබි රටවල් කියන්නේ වදකාගාරවල් පිරිච්ච රටවල් කියා. කිසිම රටකින් අපේ ගැහෙනු බලෙන් අරන් යන්නේ නෑ. කිසිම රටක ගනු අපේ රටේ ගැහෙනු තරම් නරක වැඩ කරන්නෙත් නෑ. කුවයිට් රටේ දැනටමත් ලංකාවේ අය 20000 කට වැඩිය විසා නැතිව සිටිනවා. මේ අය හොරෙන් රැදී සිටින්නේ. මේ අයව රටින් පිට කරන්න එහි රජය දැඩි ශ්‍රමයක් ගන්නවා.
ජේ.ජේ.ඔයා නියමයි...
ජේ.ජේ. ඔයා නියමයි....
මේ කාන්තාව ඇත්තටම හොරකම් කලාද නැද්ද මම දන්නැහැ නමුත් මේහේ ගේවල්වල වැඩ කරන්න අය තාඩන පීඩන වලට මැදිව ගේවල් වලින් පැනල ගිහාම මේරටේ ජතිකයන් කරන එකම දේ තමා ආරක්ෂක අංශදැනුවත් කීරිම ඒඅය එතනට ගිහින් කියන් නැහැ අපි තාඩන පීඩන කරපු නිසා ඇය පැනලා ගියා කියලා ඔවුන් කියන එකමදේ අපේ ගේදර ගෘහසේවිකාව වාටිනාකියන බඩු බාහිරාදියත් අරන් පැනල ගිහින් කියලා මේහේ ආරක්ෂක අංශ ගන්නේත් අර අංහිසක කන්නාවගේ පැත්ත නෙමේයි අන්තිමට... ඇය ගේදරින් පැනලා යන්නේ තානාපතී කාර්යාලයටනම් ඇත්ත වශයෙන්ම ඔවුන්ට සහනයක් තියනවා...නමුත් මේහේම අසරනවේලා හවුහරනක් සොයාගේන යන අයවලුන්ව ගිල ගන්න (කියන්න කැතයි ) අපේම මිනිස්සු සහා අනිකුත් රටවල මිනිස්සු බලන් ඉන්නවා අන්තිමට අරැමොසම් ලොකය සොයන් ගිය අය වේනුවේන් පේනි හිට්න්න කවුරැවත් නැහැ වීසා නැතිව හොරේන් ඉදලා වැඩකරපු අයදාපු බොරැවත් අන්තිමට ඇත්තවේලා හිරේ විලංගුවේත් වැටිලයි නවතින්නේ......එවගේම තමයි සමහර ගෘහසේවිකාවන් ඉතාමත් නුවණක් කාරයි..එවගේම මේ රටේත් සමහර හාම්පුතුන් ඉතාමත්ම කරැණවන්ත අයත් ඉන්නවා..හරිතැනට හරිදේ ලැබුනොත් හොදයි..හරි තැනට වැරදි දේයක් ලැබුනොත් දේවියන්ගේම පිහිටයි...ඔකතමයි යාතාර්තය.. අත්තටම පෞද්ගලිකව මමනම් කැමති නැහැ ගෘහසේවිකාවන් විදිහට මේරට වලට එනවට දැන්වත් බළදාරින්ට තේරැනොත් ලොකුදේයක් මේ ගැන....
මේ කුමාර සහෝදරයා තමුන් අරාබි රටවල් ගැන මොනවා දැනගෙන කතා කරනවද මන්දා. අසරණ දිළිඳු කාන්තාවන්ගෙන් අසීමිත ලෙස වැඩ කරවා ගෙන පඩියවත් හරියට දෙන්නේ නැති අරාබි කාරයෝ ඕන තරන් ඉන්නවා . හරියට කන්න බොන්න නැ .සමහරක් වෙලාවට මේ කාන්තාව කිසිම වැරැද්දක් කරලා නැති වෙන්න පුළුවන් .බයට වැරැද්ද පිළිගත්තා වෙන්න පුළුවන් .මම නොදන්න අරාබි මිනිස්සු.....
ඔයගොල්ල මොකද කියන්නේ පිලිපීනෙ ගැහැණු අය ඔය රටවලට ගිහිං කරන වැඩ ගැන? එහෙම බැලුවාම ලංකාවෙ අය හොදයි.. මොනවා උනත් අපේ රටේ නම කැත වෙනවා. මේ වගේ වැඩවලින්...
මම ඩුබයි වල ගෙදරක ඉන්නෙ.. මේ ගෙදර අය මට මුලදි කන්න බොන්න දුන්නෙ නැහැ.. 12-1 වෙනකම් වැඩ.. එත් අද මට පරිගණක, අන්තර්ජාල පහසුකම් ඇතුළු හැම පහුසුකමක්ම දීල තියෙනවා.. මම හිතන්නේ මෙයාලව දෙවි වරැ කරගන්නෙත් යක්කු කරගන්නෙත් අපිමයි..
කාටද ආඩම්බර....
කුමාර ඔයා කියන ජාතියේ අයත් ඔය රටවල් වල ඉන්නවා, ඒ වගේම කන්න නැතුව, පඩි නැතුව, රෑ 12- 01 වෙනකන් අරාබි ගැනුන්ගෙන් ගුටිකකා වැඩ කරන ගැහැණු අයත් ඉන්නවා. ඔයාට ලැබිල තියන ජොබ් එක හොද එකක් වෙන්න ඇති, ඒත් අනිත් හැමෝගෙම රස්සා ඔයාගේ වගේ කියල හිතන්න එපා, ඔය රටවල් වලට නිරෝගිව ගිහින් සදාකාලික අබ්බ ගාත උණු අයත්, අතපය කඩාගෙන, ඇගේ කටු ගහගෙන අපු අයත් ඉන්නවා, සමහර අය පෙට්ටියේ ඇවිත් තියනවා, ඔයාගේ ජොබ් එක අනුව ඔයාට අන්තර්ජාල පහසුකම් එහෙමත් ඇති, ඒත් සමහරකාන්තාවන් ඉන්නවා ගෙදරට කතාකර ගන්න බැරුව, ගෙදරින් එන ලියුම හම්බ වෙන්නේ නැති, ලංකාවෙන් ණයවෙලා ඇවිත්, කරන රස්සාවෙනුත් ප්‍රශ්න ඇතිවෙලා එයාලට, කරගන්න දෙයක් නැති උනහම, ඔයවගේ දේවල් වලට එයාල පෙලම්බෙනන පුළුවන්, එහෙම නැතුව, ඔය රටවල් වලට ගොඩක් අය යන්නේ ගණිකා සේවයේ යෙදෙන්නවත්, හොරකම් කරන්නවත් නෙමෙයි,
මම කුවෙට්වල වසර 4 ක් උන්න කෙනෙක් . අපේ රටේ ගෑනු විතර ජරා වැඩ කරන්නේ නැහැ කිසිම රටක ගැහෙනියක් කුවෙට්වල .
අපේ රටේ අයගේ හොර වැඩ විතරක් අල්ලන්නේ ඇයි අනේ එහේ වැරදි නැද්ද අල්ලන්න.....
තන්හාව, ක්‍රෝද, වෛරය හමුවේ මිනිසා කොතැනද ඉන්නේ ???????
පේනවනේ අපේ රටෙන් යන නෝනලාගේ කෙරුවාව
මේ කුමාර ඔයාට අක්කල විතරද පෙන්නේ.අපේ ආචාර්ය තුමාගේ කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන් බොහෝවිට. ඔයා අක්කල ගැන කියන කතාව [ඔක්කොම අක්කල නෙවෙයි]වගේම කතා සමහර අයියලටත් කියන්න වෙනවා දන්නවද?හැම ප්‍රස්නයකදිම අපි දෙපැත්තම සාදාරණව බලන්න පුරුදු වෙමු.
කුවේට් ඇතුළු මැදපෙර දිග රටවල් වල සේවය කරන අපේ ගොඩක් කාන්තාවන්ට වෙන හිරි හැර ගැන මේ හුග දෙනෙක් නොදන්නා පාටයි ..
අපරාදෙනේ අහුවුණේ
අනුන්ගේ බැල මෙහෙවරකම් කරන්න කාන්තාවන් රට යවන එක දැන්වත් නැවැත්තුවොත් හොදයි නේද?
ඕවා මොනවද මේ වෙනදේවල් හැටියට...
ආඩම්බර විය හැකි කාන්තාවක්ගේ තොරතුරු පල කර එහි උනුසුම යන්නටත් පෙර නැවතත් සුපුරුදු පුවතක් ........
පුතේ අසරණ අහිංසක දුප්පත් ගැහැණු අයට බැනලා තව තවත් ඒ අසරණ ජීවිත පහළට දාන්න එපා.අපි දන්නේ නැහැනේ ඇයට නඟන චෝදනාව ඇත්ත එකක්ද නැතිනම් පඩි ගෙවන්න වෙනවට නඟන බොරු චෝදනාවක්ද කියලා.ඇයි ඉතින් ඇයට දැන්මම දංගෙඩියට ගෙනියන්න වෑයම් කරන්නේ.ඇයව පව්කාරිය කරලා ගල් ගහන්න ලෑස්තිවෙන්නේ
අරාබි කාරයො විශ්වාශ කරලා අපේ සහෝදරියකට ඇත්ත හරි හැටි නොදැන ගරහන්න එපා.
එයා වරද පිළිගත්තට පස්සෙ තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ලංකාවේ වගේ සැකපිට නෙවෙයි. ඒ අතින් බලන කොට ඒ රටවල් සාධාරණයි. රට ගිහිල්ල තියෙන්නේ ඔක්කෝම උගත් කාන්තාවන් නෙවෙයි. එගොල්ලෝ දන්නෙ නැහැ තාක්ෂණයේ දියුණුව. හැම තැනම කැමරා සවිකරලා තමයි ගොඩාක් හොරු අල්ලන්නේ. අපේ ගම්වල කාන්තාවෝ කොළඹට වත් ඇවිල්ල ඇත්තේ ඔය පාස්පෝට් එක ගන්නයි, ඒජන්සි එකටයි විතරක් වෙන්න ඇති. අඩුම තරමේ කොළඹ ගැනවත් දන්නැති මේගොල්ලෝ දියුණූ රටවලට ගිහිල්ලා මේවගේ වැඩක් කරන්න ඕනද? අඩුම තරමේ දෙවියන්ට හරි බිය විය යුතුයි නේද? මේ ඔක්කොටම හේතුව ලංකාවේ ආර්ථික තත්වයයි. ඇයට ඉක්මන් නිදහස ලැබී ලංකාවට ඒමට වාසනාව ලැබේවා...
ගෙදර කරදර නම් ඒවට විසදුම් තියෙනවා.හොරකම් කරන්න ඕනි නෑහැනේ
හොරක් වෙන්නේ හොරා අහු නොව්නොත් තමයි.
ඔවු ඔවු. ලංකාවේ අය පිටරට ගියහම හොරු වෙනවානේ
අපේ නැන්දද දන්නේ නෑ
මේවා බොරු කතා.අපේ ලංකාවේ අය ගෙවල් වල ගොඩක් දුක් විදිනවා එහේ.ඉන්නම බැරි වුණාම ගෙවල් වලින් පැනලා යනවා.එහෙම ගියාම එහේ කට්ටිය මෙහෙම බොරු නඩු පටලවනවා.
අසරණ දිළිඳු කාන්තාවන්ගෙන් අසීමිත ලෙස වැඩ කරවා ගෙන ඇයට හිමි වැටුප් හා වේතන ලබා නොදී එලවාදැමීම සඳහා එරට හාම්පුතුන් යොදන සුලභ උපක්‍රමයක් තමයි තමන්ගේ නිවෙසේ ඇති යම්කිසි වටිනා දෙයක් ඒ සේවිකාව සොරකම් කරඇති බව පවසා පොලීසියට අල්ලා දෙන ක්‍රමවේදය. මම දන්නේ නැහැ මෙහි කුමක් සිදුවෙලාද කියලා ඇත්තටම නමුත් මම කියන්න කැමතියි යම් හෙයකින් මේ අසරණ සේවිකාවට අසාධාරණයක් සිදුවෙලාද කියලා පළමුවෙන්ම සොයාබලන්න.එහිදී සේවිකාව වැරදි බව ඔප්පුවෙනවා නම් කළයුත්තේ මැදපෙරදිග තිරිසන් වධ බන්ධන ඇයට පැමිණවීම නොව වහාම ඇයව මෙරටට ගෙන්වාගෙන අපේ රටේ නීතියට අනුව කටයුතු කිරීම බව ප්‍රකාශ කරමි.
ලංකාව හොරුන්ට හරි ප්‍රසිද්ධයිනේ
ඒ රට වලට වෙලා මිනිස්සු විදින දුක් කන්දරාව ගැන කාටවත් පේන්නේ නෑ.මිනිස්සු ඒ පැත්තෙන් අන්ධ වෙලා ඉන්නේ