IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


රන් හෙර කුවේටයේදි අල්ලයි

කුවේටයේ ගෘහසේවිකාවක් ලෙස සේවය කළ ලාංකික කාන්තාවන් රන් අභරණ සොරකම් කිරිමේ සිද්ධියක් මත අත් අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි සිය හාම් පුතු සතු ආභරණ තොගය සොරකම් කළ බවට ලාංකික කාන්තාව කුවේට් පොලිසිය හමුවේ වරද පිලිගැනිම නිසා ඇයව අත් අඩංගුවට ගෙන තිබේ



අදහස් (0)

රන් හෙර කුවේටයේදි අල්ලයි

විජය Monday, 25 June 2012 10:32 PM

අනුන්ගේ බැල මෙහෙවරකම් කරන්න කාන්තාවන් රට යවන එක දැන්වත් නැවැත්තුවොත් හොදයි නේද?

:       0       0

කමල් Tuesday, 26 June 2012 12:42 PM

කාටද ආඩම්බර....

:       0       0

කුමාර Tuesday, 26 June 2012 01:49 AM

පුදුම ආචාර්යවරු ඉන්න රටක් අපේ රට. මෙහෙ ඇවිල්ල බලපුවාම දැනගන්න පුළුවන් අක්කලාගේ වැඩ. කොහාම ආචාර්ය පට්ටමක් හදාගත්තද දන්නේ නෑ. ලංකාවේ කමට පයින් ගහල, ලංකාවේ ඉන්න මිනිහවයි ළමයින්වයි අමතක කරලා වෙන රටවල මිනිස්සු සමග පවුල් කනවා. ගණිකා වුර්තියේ නියෙලනවා, එකතුවෙලා මංකොල්ල ගහනවා. අපේ තුප්පහි ආචාර්යවරු හිතේ අරාබි රටවල් කියන්නේ වදකාගාරවල් පිරිච්ච රටවල් කියා. කිසිම රටකින් අපේ ගැහෙනු බලෙන් අරන් යන්නේ නෑ. කිසිම රටක ගනු අපේ රටේ ගැහෙනු තරම් නරක වැඩ කරන්නෙත් නෑ. කුවයිට් රටේ දැනටමත් ලංකාවේ අය 20000 කට වැඩිය විසා නැතිව සිටිනවා. මේ අය හොරෙන් රැදී සිටින්නේ. මේ අයව රටින් පිට කරන්න එහි රජය දැඩි ශ්‍රමයක් ගන්නවා.

:       0       0

ජේ.ජේ‍ Tuesday, 26 June 2012 02:32 PM

මම ඩුබයි වල ගෙදරක ඉන්නෙ.. මේ ගෙදර අය මට මුලදි කන්න බොන්න දුන්නෙ නැහැ.. 12-1 වෙනකම් වැඩ.. එත් අද මට පරිගණක, අන්තර්ජාල පහසුකම් ඇතුළු හැම පහුසුකමක්ම දීල තියෙනවා.. මම හිතන්නේ මෙයාලව දෙවි වරැ කරගන්නෙත් යක්කු කර‍ගන්නෙත් අපිමයි..

:       0       0

තුන් සිත Tuesday, 26 June 2012 03:43 AM

කුවේට් ඇතුළු මැදපෙර දිග රටවල් වල සේවය කරන අපේ ගොඩක් කාන්තාවන්ට වෙන හිරි හැර ගැන මේ හුග දෙනෙක් නොදන්නා පාටයි ..

:       0       0

ඇතීනා Tuesday, 26 June 2012 04:28 AM

මේ කුමාර ඔයාට අක්කල විතරද පෙන්නේ.අපේ ආචාර්ය තුමාගේ කතාවෙත් ඇත්තක්‌ තියෙන්න පුළුවන් බොහෝවිට. ඔයා අක්කල ගැන කියන කතාව [ඔක්කොම අක්කල නෙවෙයි]වගේම කතා සමහර අයියලටත් කියන්න වෙනවා දන්නවද?හැම ප්‍රස්නයකදිම අපි දෙපැත්තම සාදාරණව බලන්න පුරුදු වෙමු.

:       0       0

සම්පත් Monday, 25 June 2012 06:28 PM

අපරාදෙනේ අහුවුණේ

:       0       0

වරුණ Tuesday, 26 June 2012 07:48 AM

පේනවනේ අපේ රටෙන් යන නෝනලාගේ කෙරුවාව

:       0       0

විමුක්ති Monday, 25 June 2012 07:32 PM

ඒ රට වලට වෙලා මිනිස්සු විදින දුක් කන්දරාව ගැන කාටවත් පේන්නේ නෑ.මිනිස්සු ඒ පැත්තෙන් අන්ධ වෙලා ඉන්නේ

:       0       0

මධු Monday, 25 June 2012 07:00 PM

ලංකාව හොරුන්ට හරි ප්‍රසිද්ධයිනේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 June 2012 07:15 PM

අසරණ දිළිඳු කාන්තාවන්ගෙන් අසීමිත ලෙස වැඩ කරවා ගෙන ඇයට හිමි වැටුප් හා වේතන ලබා නොදී එලවාදැමීම සඳහා එරට හාම්පුතුන් යොදන සුලභ උපක්‍රමයක් තමයි තමන්ගේ නිවෙසේ ඇති යම්කිසි වටිනා දෙයක් ඒ සේවිකාව සොරකම් කරඇති බව පවසා පොලීසියට අල්ලා දෙන ක්‍රමවේදය. මම දන්නේ නැහැ මෙහි කුමක් සිදුවෙලාද කියලා ඇත්තටම නමුත් මම කියන්න කැමතියි යම් හෙයකින් මේ අසරණ සේවිකාවට අසාධාරණයක් සිදුවෙලාද කියලා පළමුවෙන්ම සොයාබලන්න.එහිදී සේවිකාව වැරදි බව ඔප්පුවෙනවා නම් කළයුත්තේ මැදපෙරදිග තිරිසන් වධ බන්ධන ඇයට පැමිණවීම නොව වහාම ඇයව මෙරටට ගෙන්වාගෙන අපේ රටේ නීතියට අනුව කටයුතු කිරීම බව ප්‍රකාශ කරමි.

:       0       0

නිලන්ත Monday, 25 June 2012 07:55 PM

මේවා බොරු කතා.අපේ ලංකාවේ අය ගෙවල් වල ගොඩක් දුක් විදිනවා එහේ.ඉන්නම බැරි වුණාම ගෙවල් වලින් පැනලා යනවා.එහෙම ගියාම එහේ කට්ටිය මෙහෙම බොරු නඩු පටලවනවා.

:       0       0

අස්මිර Monday, 25 June 2012 07:19 PM

අපේ නැන්දද දන්නේ නෑ

:       0       0

ෆර්හා Monday, 25 June 2012 07:26 PM

ඔවු ඔවු. ලංකාවේ අය පිටරට ගියහම හොරු වෙනවානේ

:       0       0

පිලිපීනයේ කොල්ලා Tuesday, 26 June 2012 03:06 PM

ඔයගොල්ල මොකද කියන්නේ පිලිපීනෙ ගැහැණු අය ඔය රටවලට ගිහිං කරන වැඩ ගැන? එහෙම බැලුවාම ලංකාවෙ අය හොදයි.. මොනවා උනත් අපේ ර‍ටේ නම කැත වෙනවා. මේ වගේ වැඩවලින්...

:       0       0

චමින්ද Tuesday, 26 June 2012 03:45 PM

මේ කුමාර සහෝදරයා තමුන් අරාබි රටවල් ගැන මොනවා දැනගෙන කතා කරනවද මන්දා. අසරණ දිළිඳු කාන්තාවන්ගෙන් අසීමිත ලෙස වැඩ කරවා ගෙන පඩියවත් හරියට දෙන්නේ නැති අරාබි කාරයෝ ඕන තරන් ඉන්නවා . හරියට කන්න බොන්න නැ .සමහරක් වෙලාවට මේ කාන්තාව කිසිම වැරැද්දක් කරලා නැති වෙන්න පුළුවන් .බයට වැරැද්ද පිළිගත්තා වෙන්න පුළුවන් .මම නොදන්න අරාබි මිනිස්සු.....

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 26 June 2012 09:09 AM

තන්හාව, ක්‍රෝද, වෛරය හමුවේ මිනිසා කොතැනද ඉන්නේ ???????

:       0       0

අභිලාශිනී Tuesday, 26 June 2012 09:17 AM

අපේ රටේ අයගේ හොර වැඩ විතරක් අල්ලන්නේ ඇයි අනේ එහේ වැරදි නැද්ද අල්ලන්න.....

:       0       0

හීන් මණික Monday, 25 June 2012 07:52 PM

හොරක් වෙන්නේ හොරා අහු නොව්නොත් තමයි.

:       0       0

දයා,සෞදි Tuesday, 26 June 2012 10:39 AM

මම කුවෙට්වල වසර 4 ක් උන්න කෙනෙක් . අපේ රටේ ගෑනු විතර ජරා වැඩ කරන්නේ නැහැ කිසිම රටක ගැහෙනියක් කුවෙට්වල .

:       0       0

අමරා Monday, 25 June 2012 08:29 PM

ගෙදර කරදර නම් ඒවට විසදුම් තියෙනවා.හොරකම් කරන්න ඕනි නෑහැනේ

:       0       0

රිෂාන් Wednesday, 27 June 2012 12:36 PM

ජේ.ජේ. ඔයා නියමයි....

:       0       0

රිශාන් Wednesday, 27 June 2012 01:15 PM

ජේ.ජේ.ඔයා නියමයි...

:       0       0

බෙන් ටෙන් Monday, 25 June 2012 09:12 PM

එයා වරද පිළිගත්තට පස්සෙ තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ලංකාවේ වගේ සැකපිට නෙවෙයි. ඒ අතින් බලන කොට ඒ රටවල් සාධාරණයි. රට ගිහිල්ල තියෙන්නේ ඔක්කෝම උගත් කාන්තාවන් නෙවෙයි. එගොල්ලෝ දන්නෙ නැහැ තාක්ෂණයේ දියුණුව. හැම තැනම කැමරා සවිකරලා තමයි ගොඩාක් හොරු අල්ලන්නේ. අපේ ගම්වල කාන්තාවෝ කොළඹට වත් ඇවිල්ල ඇත්තේ ඔය පාස්පෝට් එක ගන්නයි, ඒජන්සි එකටයි විතරක් වෙන්න ඇති. අඩුම තරමේ කොළඹ ගැනවත් දන්නැති මේගොල්ලෝ දියුණූ රටවලට ගිහිල්ලා මේවගේ වැඩක් කරන්න ඕනද? අඩුම තරමේ දෙවියන්ට හරි බිය විය යුතුයි නේද? මේ ඔක්කොටම හේතුව ලංකාවේ ආර්ථික තත්වයයි. ඇයට ඉක්මන් නිදහස ලැබී ලංකාවට ඒමට වාසනාව ලැබේවා...

:       0       0

ප්‍රසන්න Tuesday, 26 June 2012 11:44 AM

කුමාර ඔයා කියන ජාතියේ අයත් ඔය රටවල් වල ඉන්නවා, ඒ වගේම කන්න නැතුව, පඩි නැතුව, රෑ 12- 01 වෙනකන් අරාබි ගැනුන්ගෙන් ගුටිකකා වැඩ කරන ගැහැණු අයත් ඉන්නවා. ඔයාට ලැබිල තියන ජොබ් එක හොද එකක් වෙන්න ඇති, ඒත් අනිත් හැමෝගෙම රස්සා ඔයාගේ වගේ කියල හිතන්න එපා, ඔය රටවල් වලට නිරෝගිව ගිහින් සදාකාලික අබ්බ ගාත උණු අයත්, අතපය කඩාගෙන, ඇගේ කටු ගහගෙන අපු අයත් ඉන්නවා, සමහර අය පෙට්ටියේ ඇවිත් තියනවා, ඔයාගේ ජොබ් එක අනුව ඔයාට අන්තර්ජාල පහසුකම් එහෙමත් ඇති, ඒත් සමහරකාන්තාවන් ඉන්නවා ගෙදරට කතාකර ගන්න බැරුව, ගෙදරින් එන ලියුම හම්බ වෙන්නේ නැති, ලංකාවෙන් ණයවෙලා ඇවිත්, කරන රස්සාවෙනුත් ප්‍රශ්න ඇතිවෙලා එයාලට, කරගන්න දෙයක් නැති උනහම, ඔයවගේ දේවල් වලට එයාල පෙලම්බෙනන පුළුවන්, එහෙම නැතුව, ඔය රටවල් වලට ගොඩක් අය යන්නේ ගණිකා සේවයේ යෙදෙන්නවත්, හොරකම් කරන්නවත් නෙමෙයි,

:       0       0

ෆෙලිකෝ Monday, 25 June 2012 09:53 PM

අරාබි කාරයො විශ්වාශ කරලා අපේ සහෝදරියකට ඇත්ත හරි හැටි නොදැන ගරහන්න එපා.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 June 2012 10:08 PM

පුතේ අසරණ අහිංසක දුප්පත් ගැහැණු අයට බැනලා තව තවත් ඒ අසරණ ජීවිත පහළට දාන්න එපා.අපි දන්නේ නැහැනේ ඇයට නඟන චෝදනාව ඇත්ත එකක්ද නැතිනම් පඩි ගෙවන්න වෙනවට නඟන බොරු චෝදනාවක්ද කියලා.ඇයි ඉතින් ඇයට දැන්මම දංගෙඩියට ගෙනියන්න වෑයම් කරන්නේ.ඇයව පව්කාරිය කරලා ගල් ගහන්න ලෑස්තිවෙන්නේ

:       0       0

මල්දේනීයේ සිමියෝන් Tuesday, 26 June 2012 05:39 PM

මේ කාන්තාව ඇත්තටම හොරකම් කලාද නැද්ද මම දන්නැහැ නමුත් මේහේ ගේවල්වල වැඩ කරන්න අය තාඩන පීඩන වලට මැදිව ගේවල් වලින් පැනල ගිහාම මේරටේ ජතිකයන් කරන එකම දේ තමා ආරක්ෂක අංශදැනුවත් කීරිම ඒඅය එතනට ගිහින් කියන් නැහැ අපි තාඩන පීඩන කරපු නිසා ඇය පැනලා ගියා කියලා ඔවුන් කියන එකමදේ අපේ ගේදර ගෘහසේවිකාව වාටිනාකියන බඩු බාහිරාදියත් අරන් පැනල ගිහින් කියලා මේහේ ආරක්ෂක අංශ ගන්නේත් අර අංහිසක කන්නාවගේ පැත්ත නෙමේයි අන්තිමට... ඇය ගේදරින් පැනලා යන්නේ තානාපතී කාර්යාලයටනම් ඇත්ත වශයෙන්ම ඔවුන්ට සහනයක් තියනවා...නමුත් මේහේම අසරනවේලා හවුහරනක් සොයාගේන යන අයවලුන්ව ගිල ගන්න (කියන්න කැතයි ) අපේම මිනිස්සු සහා අනිකුත් රටවල මිනිස්සු බලන් ඉන්නවා අන්තිමට අරැමොසම් ලොකය සොයන් ගිය අය වේනුවේන් පේනි හිට්න්න කවුරැවත් නැහැ වීසා නැතිව හොරේන් ඉදලා වැඩකරපු අයදාපු බොරැවත් අන්තිමට ඇත්තවේලා හිරේ විලංගුවේත් වැටිලයි නවතින්නේ......එවගේම තමයි සමහර ගෘහසේවිකාවන් ඉතාමත් නුවණක් කාරයි..එවගේම මේ රටේත් සමහර හාම්පුතුන් ඉතාමත්ම කරැණවන්ත අයත් ඉන්නවා..හරිතැනට හරිදේ ලැබුනොත් හොදයි..හරි තැනට වැරදි දේයක් ලැබුනොත් දේවියන්ගේම පිහිටයි...ඔකතමයි යාතාර්තය.. අත්තටම පෞද්ගලිකව මමනම් කැමති නැහැ ගෘහසේවිකාවන් විදිහට මේරට වලට එනවට දැන්වත් බළදාරින්ට තේරැනොත් ලොකුදේයක් මේ ගැන....

:       0       0

අමිල කටුනායක Monday, 25 June 2012 10:31 PM

ආඩම්බර විය හැකි කාන්තාවක්ගේ තොරතුරු පල කර එහි උනුසුම යන්නටත් පෙර නැවතත් සුපුරුදු පුවතක් ........

:       0       0

අමිල කටුනායක Monday, 25 June 2012 09:57 PM

ඕවා මොනවද මේ වෙනදේවල් හැටියට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 92 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2230 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 691 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site