මත්තෙගොඩ මනාලියකට ඇන්ඳවීම සඳහා ආ රූපලාවන්‍ය ශිල්පිනියක එම නිවසින් සොරාගත් බව කියන රුපියල් ලක්ෂ හතර හමාරක රන් බඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම නිවසේ නාන කාමරයේ කවුළුවක් උඩ තබා තිබූ හිස් පෙට්ටියකින් හොරා අල්ලාගැනීමට පොලිසිය සමත් විය. රූපලාවන්‍ය ශිල්පින් තිදෙනකුගෙන් එම කවුළුවට උස ඇතිව සිටි ශිල්පිනියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇගේ නිවසේ කුස්සියෙන් රන් බඩු සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“මාල හොරා උසෙන් දැනේ“ කිවුවලු (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්? දැන් දැන් අහන්න ලැබෙන්නේ පුදුමාකාර පුවත් (නි)
ආස හිතිලා ගන්න ඇති.(හේ)
ඉස්සර අපි කිවේ පුහුල් හොරා කරෙං දැනේ කියල දැන් කියන්න වෙන්නේ රන් හොරා උසින් දැනේ කියල. (බ)
ලංකාවේ දැන් සැබෑ තත්ත්වය මේක තමා , කිසිම කෙනෙකුව විශ්වාස කිරීමට බැහැ , කිසියම් කෙනෙකු ගෙදරට ආවිට නිතරම සෝදිසියෙන් සිටියේ නැතිනම් ඉවරයි , පිට කෙනෙකු නොව සමහර විට පවුලේම අයගෙනුත් මෙසේ සිදුවේ (බ)
හොරකම් කිරීමට පෙර සිතාගතයුතු කරුණු කීපයක් තිබෙනවා. 1. හොර හිතකින් සේවය කිලිටිවීමට ඉඩ දිය යුතුද? 2. තමන්ගේ දෙයක් හොරකම් කලවිට තමන්ට දැනේනේ කෙසේද? 3. ආගම ඇදහීම 4. අසු වුවොත් ලැබෙන ප්‍රතිවිපාක (අ)