IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රන් වළලු දී රෙදි ගන්න බැරි වේ

රුපියල්  විසිහය ලක්ෂ විසි පන්දහසක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක්,  වළලූ දහ තුනක් සහ මුදු තුනක් පැලඳ ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකාරියෝ කොළඔ පදිංචිකාරියන් බවත් ඔවුන් නිතර නිතර ඉන්දියාවට ගොස් ඇති බවත්  රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබු රන් ආභරණ වල බර ග‍්‍රෑම් පන්සිය විසි පහකි.

රේගුව විසින් ප‍්‍රශ්ණ කිරීමේදී  මොවුහු පවසා ඇත්තේ තමන් මෙම රන් ආභරණ ඉන්දියාවට ගෙන ගොස් විකුනා එම මුදල් වලින් රෙදිපිළි රැගෙන ඒමට සැලසුම් කර තිබූ බවයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටි ආරච්චි මහතා විසින් සිදු කරනු ලබයි. 



අදහස් (0)

රන් වළලු දී රෙදි ගන්න බැරි වේ

චානක Friday, 06 December 2013 03:03 PM

චමත් ඔයාට විශ්වාසද ඔයාගෙ රත්තරන් ගෙදර කියලා.හොරෙන් දවාලක ගෙදර ගිහිල්ලා බලන්නකෝ. (ස)

:       0       0

අසෝකා Thursday, 05 December 2013 08:10 PM

දැන් අපිට ලංකාවට එනකොට ලංකාවෙන් යනකොට රත්තරන් බඩු ගෙන යන්න තහනම්ද?.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Friday, 06 December 2013 07:24 AM

අනිල් මහතා ඔබ තුමා බොහෝ කලෙක සිට මමත් කියන්න කියලා හිතන් සිටි දෙයක් කියලා තිබෙනවා. ස්තුතියි. (ස)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Thursday, 05 December 2013 08:28 PM

සරත් නෝනිස් මහත්තයෝ, මේ කාන්තාවන් හොරකම් කෙරුවේ? නැහැ. ඒ ගොල්ලන්ගේ සල්ලි වලින් ඉතාමත් අමාරුවෙන් මේවා අරගෙන ගිහිල්ලා විකුණලා, ඒවායින් රෙදිපිළි ගේන්න නේද යන්න ගියේ? දැන් රටේ ජීවත්වෙන්න විදියක් නැති නිසයි මෙහෙම කළේ. (නදී)

:       0       0

ආරියසේන Thursday, 05 December 2013 08:31 PM

මා දන්නා තරමින් තමන්ට රත්රන් මාල වළලු මුදු පැළඳගෙන යන්න එන්න මගීන්ට අවහිරයක් නොමැත. රේගුව විසින් ප්‍රශ්න කරද්දී ඔහුන්ට කියන්න තිබුනා මා මේවා පළදින ඒවා කියලා..(නදී)

:       0       0

නිහාල් Thursday, 05 December 2013 08:54 PM

මෝහමෙඩ් මහත්තයෝ,රෙදි පිලි ආයතනයක් මෙරට ලියාපදිංචි කරලා,බැංකු අයිරාවකුත් අරගෙන නීතියනු කුල විදියට කරන්න පුළුවන් ක්‍රම තියෙනවා නේද? (නදී)

:       0       0

අනිල් Thursday, 05 December 2013 09:43 PM

ඔබට ගොඩක් ස්තුතියි මගේ අහදස පළකළාට. අනේ මන්දා. මේවායින් වෙන්නේ ලංකාවේ ආර්ථිකය තවත් හිරවෙන එක තමයි (නි)

:       0       0

සිරි අයියා Friday, 06 December 2013 12:21 PM

මට බයයි දැන් කොහෙවත් යන්න. මගේ කටේ රත්තරන් දත් ගොඩක් තියෙනවා. (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 06 December 2013 02:49 AM

අනේ මට නම් කමක් නැහැ .මගේ රත්තරන් ගෙදර.ඒවා එහාට මෙහාට කරනවා නම් බොරු ... (නි)

:       0       0

සරා Friday, 06 December 2013 04:29 AM

ගැහැණුන්ගේ නුවණ හැදි මිටේ දිග කිවුවලුනේ (නි)

:       0       0

කුමාරි Thursday, 05 December 2013 06:15 PM

නැවතත් මම කියනවා ඉන්දියාවට යන සෑම කෙනෙක්වම විශේෂ පරික්ෂාවකට ලක් කරන්න. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 05 December 2013 06:27 PM

දැනට දින කීපයකට කලින් කිවුවා නේද ගෑණු අයෙකුට පවුම් 15 කුත් පිරිමි කෙනෙකුට පවුම් 5 දක්වා රත්තරන් අාභරණ පැළදගෙන ගුවන් තොටුපලින් යන්න පුළුවන් කියලා.මොකක්ද මේකේ තේරුම? (නි)

:       0       0

මගලී ප්‍රනාන්දු Thursday, 05 December 2013 06:49 PM

අනේ මන්දා ගැහැණු අය සාමාන්‍යෙයන් වළලු හයක් මාලයක් මුදු දෙක තුනක් දානවා .දෙමළ අය ඊට වඩා වැඩිය දානවා. මොකක්ද මේ නීතිය. දෙදෙනෙකුට වලලු 13 ක් දාගෙන යන්න බැරිද. අනික රත්තරන් දැන් බදු රහිත නේද? (නදී)

:       0       0

අනිල් Thursday, 05 December 2013 06:56 PM

ලොකු ලොකු අයට කුඩු කන්ටේනර් ගෙනෙන්ඩ පුළුවන්. පොඩි එකෙකුට රෙද්දක් ගේන්ඩ තහනම්. මම විදේශ රටක ඉන්නේ. මම දන්නවා මෙහෙන් නීති විරෝදීව බඩු යවනවා ලංකාවට. රේගුවට ජරාව දීලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site