ඉකුත් 17 වැනි දා  ආදුරුක්කුවීදියේ  දී  රන් භාණ්ඩ අලෙවි  සැලක්  කොල්ල කා රුපියල්  කෝටි  දෙකයි  ලක්ෂ  25 ක මුදල් සොරාගත්  සැකකරුවන්  සිව් දෙනා  අද (18) අධිකරණයට  ඉදිරිපත්  කැරිණි.

එහි දී  පළමු  සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට  ඉදිරිපත්  කිරිමට නියමිතය.

දෙවැනි හා තෙවැනි සැකකරුවන් වන ටෝනි රණසිංහ , සම්පත් ගෝනගල නොවැම්බර් 1 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (18) නියෝග කළේය.

සිව් වැනි සැකකරු වන ක්‍රිෂාන්ත හෙට්ටිආරච්චි එම සිදුවිමට  අදාල චෝදනාවලින් නිදහස් කර රජයේ සාක්කිකරුවකු  බවට  පත් කැරිණි.