රුපියල් ලක්ෂ විසිහතරක් වටිනා රත්තරන් කැබලි 04 ක් තම මුදල් පසුම්බියේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් කැබලි හතරේ බර ග්‍රෑම් හාරසීයකි.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි.
ඔහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් සිංප්පුරුවේ සිට ඊයේ උදෑසන මෙරටට පැමිණ ඇත. පසුව ඔහු රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන් පිටවන මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කර ඇත.
එම අවස්ථාවේ මෙම තරුණයාගේ හැසිරීම පිළිබඳ රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබු මෙම රන් කැබලි 4 සොයාගෙන ඇත.
රේගුව විසින් ප්‍රශ්ණ කරද්දී සැකකරු පවසා ඇත්තේ මෙම රන් කැබලි මිතුරෙකු විසින් ඔහුගේ බිරියට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට එද්දී තමාට දුන් බවයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කොට එම රන් කැබලි රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.ඒ.ඩී.එන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිද කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අපේ අහවල් සුරූපී නිළි නංගි කළා වගේ දුරකතන ඇමතුමක් දීලා බැලුවේ නැද්ද? (නි)
මේ ඔක්කොම වෙන්නේ පොඩි පොඩි දඩ මුදල් හින්දයි. මිනිස්සු දන්නවා අහුවුණත් පොඩි දඩයක් ගෙවලා ගැළවෙන්න පුළුවන් කියලා. (නි)
දැන් එතකොට මේවා ගෙනෙන්න පුලුවන් කොහොමද? (නි)
මෙතන වරද රේගුවට නොදන්වා මෙය රැගෙන ඒමය. තමන් උපයපු මුදල් වලින් රන් ගත්තා නම් එය රේගුවට පෙන්වා අවසරයක් ඇතුව ගෙන යා හැකිය. මම වරක් එසේ සිදු කළා (නදී)
එහෙනම් ඒ රත්තරන් වලටත් හරි (නදී)
ඒ රත්තරන් වලට මොකද කරන්නේ? (නි)
කෝටි ප්‍රකෝටි ගණනින් කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වනවා. අල්ලනවා.ගෙන්වන කෙනෙක් නැහැ.අල්ලා ගත් ඒවට වෙන දෙයකුත් නැහැ.ඒ වගේ ගුවන් තොටුපොළින් අල්ලාගත් රත්තරන් වලට වෙන දෙයක් නැහැ.වුණ දෙයකුත් නැහැ. (නි)
මම මේ බයේ ඉන්නේ ලබන වාරයේ මම ඩුබායි ඉඳලා ලංකාවට නිවාඩුවට යනකොට අරගෙන යන හාල්,කිරිපිටි,පරිප්පු, කරවල,පිටි,තුනපහ ....පෙට්ටියත් රාජසන්තක කරයිද කියලා. (නි)
මේ අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)