රුපියල් තිස් හතර ලක්ෂ දස දහසක් වටිනා රත්තරන් කැබැලි 4 ක් සපත්තු පතුලේ අලවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරුවෝ කොළඹ පදිංචි වයස 42 සහ 45 වියැති පුද්ගලයෝ බව පොලීසිය කියයි.

අත් අඩංගුවට ගනු ලැබූ රත්තරන් වල බර ග්‍රෑම් හයසිය අසු දෙකකි.

සැකකරුවෝ  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරිමේදී මේ බව දැන  රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සැකකරුවන්ට රුපියල් පනස් දහසක දඩ නියම කොට එම රත්තරන් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක  ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.