රුපියල් තිස් හතර ලක්ෂ දස දහසක් වටිනා රත්තරන් කැබැලි 4 ක් සපත්තු පතුලේ අලවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ කොළඹ පදිංචි වයස 42 සහ 45 වියැති පුද්ගලයෝ බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ රත්තරන් වල බර ග්‍රෑම් හයසිය අසු දෙකකි.
සැකකරුවෝ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරිමේදී මේ බව දැන රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සැකකරුවන්ට රුපියල් පනස් දහසක දඩ නියම කොට එම රත්තරන් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
317
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් පාවහන් දෙකක් රේගුවේ හිරවේ
ගාමිණී - සිරි Friday, 08 August 2014 05:13 AM
මිරි වැඩි සඟලක් පැළඳුවේ පුරාණයේ රජවරු. නුතනයේ ගුවන් මගීන්. මේ රාජ සන්තක කරන රත්තරන් හා නියම කරන දඩ මුදල් බැර කරන්නේ කිනම් ගිනුමකටද ? (නදී)
තිලක්-ඩුබායි Friday, 08 August 2014 03:46 PM
ගුවන් තොටුපොලෙන් අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ?(අ)
තිලක්-ඩුබායි Friday, 08 August 2014 03:49 PM
මේ අල්ල ගත්තු රත්තරන් කන්දරාවම ඇති ලංකාවේ දුප්පත්කම තුරන් කරන්න.ලංකාවේ 45% ක දරුවන් මන්දපෝෂණයෙන් බේරා ගන්න.40% ගැබිණි මව්වරු රක්ත හීනතාවයෙන් බේරා ගන්න.(අ)
අබේරත්න Friday, 08 August 2014 07:27 AM
රේගු නිලධාරීන්ගේ කැපවීමෙන් යුතු සේවාවට අපගේ ප්‍රණාමය! (නි)
රිචි බාලසුරිය Friday, 08 August 2014 10:43 AM
මේවාට වෙන්න ඇති ඉස්සර කාලයේ මිරිවැඩි සඟල කිව්වේ , ඉන්දියාවට අපේ රටින් පිට කරන රත්තරන් ප්‍රමාණය කොපමණද කියා ලංකාදීපයේ දිනපතා පුවත් පත බලන මට හිතා ගන්නටත් බැහැ. මේවා අපේ රටේ ධනස්කන්දය නේද? (නදී)
නලීන් Friday, 08 August 2014 11:34 AM
ගාමිණී , ඔබ හරි. (නි)
ලුම්බිණි Friday, 08 August 2014 03:23 AM
මේ අල්ලන විදියට මේ වෙනකොට කිලෝ 50ක විතර රත්තරන් රේගුවේ තියෙන්න ඕන. (දී)