ජාතික පාසල් ක‍්‍රීඩා උළෙලේ බොක්සින් තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ඇලහැර කනිෂ්ඨ විද්‍යාලයයේ සිසුහු තිදෙනෙක් සමත්වූහ. වයස 13-14 කිලෝ 35-37 බර පන්ති රන් පදක්කම අකිල ඉන්ද්‍රජිත් පෙරේරාට හිමි විය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා වූයේ ද ඔහුය. වයස 13-14 කිලෝ 37-35 බර පන්ති ලෝකඩ පදක්කම ප‍්‍රමෝද් ලහිරු සේනාරත්න ද එම වයසේම කිලෝ 41-43 බර පන්ති ලෝකඩ පදක්කම රොෂාන් ධනුෂ්ක බණ්ඩාර ද දිනා ගත්හ. පදක්කම් දිනූ සිසුහු බස් රියෙන් ගමට ආහ.

1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එකෙන් ගෙදර යන එක කොච්චර හොඳ දෙයක්ද වාහන නැති කීදෙනෙක් ඉන්නවද එක හෑල්ලු කරන්න එපා...ජපානය වගේ දියුණු රට වලත් ඔලිම්පික් රන් පදක්කම් දිනලත් ගෙදර එන්නේ කෝච්චියේ බස් රථයෙන්.
කාර් දෙන එක නොවෙයි ප්‍රශ්නය ක්‍රීඩාවට කියලා අමාත්‍යාංශයක් තියෙනව ඒ සෙවකයෝ පඩියක් ගන්නවා අමතර දීමනාත් ගන්නවා පොඩ්ඩක් වැරදුනොත් වර්ජනයත් නමුත් කරනවා ක්‍රීඩකයින්ට මදි පුංචි කම කරපු පළමු වතාව මෙය නොවෙයි
කවුරු හරි රන් පදක්කන් අරගෙන අවා කියලා, ඒ එන හැමෝටම කාර් දෙන්න ඕනි කියලා නියමයක් නෑ. මේක ලංකාව. කවුරු හරි ලංකාවෙන් හිගින් ආයෙත් ආවම අර ගිය කෙනාම මිසක් වෙන කෙනෙක් නොවේ නේද? එහෙමනම් අපි කාර් දෙන්න ඕනි මැද පෙරදිග ඉදල එන ගෘහ සේවිකාවන්ට නේද ? කොහොමත් පත්තර වලට පුළුවන් මිස්සුන් නොමග යවන්නත් හොද මග යවන්නත්. කව්රු හරි බසයෙන් ගෙදර ගිය පැවසීම කියන්න දෙයක් ද ? සතුටු වෙන්න ඕනි ගෙදර යන්න හරි බසයක් හරි තිබීම ගැන. දුල පුතාලට ජය වේවා. සමහරු හිතන් ඉන්නේ ඇමතිකමක් තියෙන්නේ කාර් දෙන්න කියලා. ඔයාල ඉදිරියටම යන්න. මෝඩ මිනිස්සුන්ගේ කතා වලට දුක් වෙන්න එපා. කවදා හරි මේ රටේ තැනක් තියෙන්නේ දුක් විදින ජනතාවට මිසක් රජ සැප විදින අයට නොවේ. ඔයාලටත් රටක් තියනවා, අවස්ථාවක් එනවා කියලා මතක තිය ගන්න
අනේ ඔයාලගෙ කාර්,අර දිනපු කොල්ලට කවුරුහරි අත දෙන්න පුලුවන්නම්.බොරුවට පංපෝරි ගහන්නැතිව.(අ)
අනේ උඹලගෙ කාර්,අර දිනපු කොල්ලට කවුරුහරි අත දීපල්ලා පුලුවන්නම්.බොරුවට පංපෝරි ගහන්නැතිව.(අ)
ඉතාම සතුටුයි අපේ රටට අවශ්‍ය මේ වගේ වීරයෝ තමයි .පාංකඩ සොසේජ් බටර් වීරයෝ නොවෙයි.. ජාතියේ දරුවනි ඔබ සැමට සුබ අනාගතයක්.
පුදුම වෙන්න දෙයක් නෑ මේ ශ්‍රි ලංකාව. පුතාලා එය හිතට ගන්න. බුදු සරණයි.
අපේ සුබ පැතුම් රන් පදක්කම් දිනන හැමෝටම කාර් දෙන්න ඕනෑද. ලංකාදීපය ප්‍රශ්න ඇති කරන්න එපා
පළමුව මගේ සුබ පැතුම් පළිගන්න බසයෙන් ගමන් කිරීම අරුමයක් නොවේ.. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා
ලොක්කා රන් පදක්කම් දිනන හැමෝටම කාර් දෙන්න අවශ්‍ය නෑ . ඒත් ගමට යන්න ප්‍රවාහන පහසුකම්වත් සලසන්න බැරිනම් ක්‍රීඩා ඇමැතිකම මොකටද අපේ පුංචි වීරයින් රැකගන්න ඕනෑ.