IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රන් දිනා බසයෙන් ගෙදර යයි

ජාතික පාසල් ක‍්‍රීඩා උළෙලේ බොක්සින් තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ඇලහැර කනිෂ්ඨ විද්‍යාලයයේ සිසුහු තිදෙනෙක් සමත්වූහ. වයස 13-14 කිලෝ 35-37 බර පන්ති රන් පදක්කම අකිල ඉන්ද්‍රජිත් පෙරේරාට හිමි විය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා වූයේ ද ඔහුය. වයස 13-14 කිලෝ 37-35 බර පන්ති ලෝකඩ පදක්කම ප‍්‍රමෝද් ලහිරු සේනාරත්න ද එම වයසේම කිලෝ 41-43 බර පන්ති ලෝකඩ පදක්කම රොෂාන් ධනුෂ්ක බණ්ඩාර ද දිනා ගත්හ. පදක්කම් දිනූ සිසුහු බස් රියෙන් ගමට ආහ.



අදහස් (0)

රන් දිනා බසයෙන් ගෙදර යයි

ආසිරි Monday, 12 September 2011 02:42 PM

බස් එකෙන් ගෙදර යන එක කොච්චර හොඳ දෙයක්ද වාහන නැති කීදෙනෙක් ඉන්නවද එක හෑල්ලු කරන්න එපා...ජපානය වගේ දියුණු රට වලත් ඔලිම්පික් රන් පදක්කම් දිනලත් ගෙදර එන්නේ කෝච්චියේ බස් රථයෙන්.

:       0       0

සෆ්රාෂ Monday, 12 September 2011 02:43 PM

කාර් දෙන එක නොවෙයි ප්‍රශ්නය ක්‍රීඩාවට කියලා අමාත්‍යාංශයක් තියෙනව ඒ සෙවකයෝ පඩියක් ගන්නවා අමතර දීමනාත් ගන්නවා පොඩ්ඩක් වැරදුනොත් වර්ජනයත් නමුත් කරනවා ක්‍රීඩකයින්ට මදි පුංචි කම කරපු පළමු වතාව මෙය නොවෙයි

:       0       0

කවීන් Monday, 12 September 2011 02:44 PM

කවුරු හරි රන් පදක්කන් අරගෙන අවා කියලා, ඒ එන හැමෝටම කාර් දෙන්න ඕනි කියලා නියමයක් නෑ. මේක ලංකාව. කවුරු හරි ලංකාවෙන් හිගින් ආයෙත් ආවම අර ගිය කෙනාම මිසක් වෙන කෙනෙක් නොවේ නේද? එහෙමනම් අපි කාර් දෙන්න ඕනි මැද පෙරදිග ඉදල එන ගෘහ සේවිකාවන්ට නේද ? කොහොමත් පත්තර වලට පුළුවන් මිස්සුන් නොමග යවන්නත් හොද මග යවන්නත්. කව්රු හරි බසයෙන් ගෙදර ගිය පැවසීම කියන්න දෙයක් ද ? සතුටු වෙන්න ඕනි ගෙදර යන්න හරි බසයක් හරි තිබීම ගැන. දුල පුතාලට ජය වේවා. සමහරු හිතන් ඉන්නේ ඇමතිකමක් තියෙන්නේ කාර් දෙන්න කියලා. ඔයාල ඉදිරියටම යන්න. මෝඩ මිනිස්සුන්ගේ කතා වලට දුක් වෙන්න එපා. කවදා හරි මේ රටේ තැනක් තියෙන්නේ දුක් විදින ජනතාවට මිසක් රජ සැප විදින අයට නොවේ. ඔයාලටත් රටක් තියනවා, අවස්ථාවක් එනවා කියලා මතක තිය ගන්න

:       0       0

කේශර Wednesday, 16 July 2014 03:22 PM

අනේ ඔයාලගෙ කාර්,අර දිනපු කොල්ලට කවුරුහරි අත දෙන්න පුලුවන්නම්.බොරුවට පංපෝරි ගහන්නැතිව.(අ)

:       0       0

කේශර Wednesday, 16 July 2014 03:22 PM

අනේ උඹලගෙ කාර්,අර දිනපු කොල්ලට කවුරුහරි අත දීපල්ලා පුලුවන්නම්.බොරුවට පංපෝරි ගහන්නැතිව.(අ)

:       0       0

යවන Monday, 12 September 2011 07:46 AM

ඉතාම සතුටුයි අපේ රටට අවශ්‍ය මේ වගේ වීරයෝ තමයි .පාංකඩ සොසේජ් බටර් වීරයෝ නොවෙයි.. ජාතියේ දරුවනි ඔබ සැමට සුබ අනාගතයක්.

:       0       0

එම් ඩී ගාමීණි Monday, 12 September 2011 08:33 AM

පුදුම වෙන්න දෙයක් නෑ මේ ශ්‍රි ලංකාව. පුතාලා එය හිතට ගන්න. බුදු සරණයි.

:       0       0

ලොක්කා Monday, 12 September 2011 10:34 AM

අපේ සුබ පැතුම් රන් පදක්කම් දිනන හැමෝටම කාර් දෙන්න ඕනෑද. ලංකාදීපය ප්‍රශ්න ඇති කරන්න එපා

:       0       0

සුසන්ත කුමාරගේ Monday, 12 September 2011 11:31 AM

පළමුව මගේ සුබ පැතුම් පළිගන්න බසයෙන් ගමන් කිරීම අරුමයක් නොවේ.. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා

:       0       0

රංග Monday, 12 September 2011 11:36 AM

ලොක්කා රන් පදක්කම් දිනන හැමෝටම කාර් දෙන්න අවශ්‍ය නෑ . ඒත් ගමට යන්න ප්‍රවාහන පහසුකම්වත් සලසන්න බැරිනම් ක්‍රීඩා ඇමැතිකම මොකටද අපේ පුංචි වීරයින් රැකගන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site