රුපියල් දහනම ලක්ෂ තිස්පන්දහසක් වටිනා රන් බිස්කට් හතරක් ගුද මාර්ගයේ සගවාගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ නියම කළ රේගුව එම රන් බිස්කට් හතර රාජ සන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතා විසින් අද සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පනස් අට හැවිරිදි ත‍්‍රීරෝද රථ රියදුරෙකුටය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී පැවසුවේ මෙම පුද්ගලයා මින් පෙර හය වතාවක් පමණ ඉන්දියාවට ගොස් ඇති බවයි. එසේම මීට පෙර අවස්ථාවකදී ද මේ අයුරින්ම රන් ඉන්දියාවට ගෙන ගිය බව මොහු පිළිගෙන ඇත.
අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග‍්‍රෑම් තුන්සිය අසූ හතකි. මෙම රන් බිස්කට් දෙක බැගින් ගම් ටේප් සහ කාබන් කොළ වලින් ඔතා තිබූ බව රේගුව කියයි.
මෙම පුද්ගලයා අද අළුයම හතරට පමණ එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ටී.ඒ පේ‍්‍රමචන්ද්‍ර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල ප‍්‍රසාද්, ඒ. ඥානමෝහන්, ආර්.එල්.ඞී රණතුංග, ජේ.ඒ.ඞී.එල් රණසිංහ, ඞී.එම්.එස් කරුණාරත්න, කේ.කේ.ඞී ප‍්‍රියදර්ශනී සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට වඩා ලංකාවේ රත්තරන් ලාබද? (ස)
මොනාලිසා නියම කතාව ඒ දෙකම නෙමේ ඒක අදායම් මාර්ගය .(නදී)
ඉන්දියාවට රන් යවන්න ඕනේ ඔහොම තමයි. වැදගත් විදියට ඕනේ නැහැ.(නදී)
මෑතකදී අල්ලා ගත් රත්තරන් ටොන් ගානම ඇති රටේ දුප්පත්කම නැති කරන්න. (නි)
දඩේ මදි හොර වැඩ වලට. (ස)
අධෝමාර්ගය = ජීවනමාර්ගය (ස)
මේ රන් ගෙනියන්න අවසර දීල බද්දක් අය කලානම් ඉවරනේ. රජයට ආදායම් දෙකයි. රටට ගෙන කොටත් ගෙනියන කොටත් බදු ගන්න පුළුවන්. (අ)
හැමතැනම හොරකම... (නි)
සමහර අය ගෙනියනවා නේද මීට වඩා? (නි)
භාණ්ඩ තොගයක් ගබඩා කිරීමට ගබඩා කාමරයක් වුවමනා කර තිබේ. (නි)
මිනිස්සු රත්තරන් ගිිලනවද කියලා බලලා ඉන්නත් ඕනෑ මුලින්ම. (නි)
මේවා යවන මිනිසුත් හොයල දඬුවම් කලානම් නියමයි. (ස)
මෙයාගේ ගුද මාර්ගයත් රන් ආලේප වෙලා දිලිසෙනවා ඇති ... (ස)
කොහොමත් දැන් ඉන්දියන් යන අය අමුතුම පරික්ෂණයකට ලක් කරන්න නම් වෙනවා. (ස)
ජයාගෙ අදහස හරි. හැමදාම අහුවෙන්නෙ පොඩි මිනිහ විතරයි.ලොක්කො පැත්තක. (ස)
රන් දඩය වැඩි කරයි. කුඩු දඩය අඩු කරයි. (ස)
තබුක් සිල්වා, වැකේෂන් ගිහින් හිටියාද ? (නදී)
ඕක නවත්වන්නේ නැහැ. ඉන්දියාව අත දාන්නෙ ඔන්න ඔය වගේ කරුණු කාරණා නිසා. (නි)
අධෝ මාර්ගයේ (ගුදයේ ) කොහොම ගසනවාද මෙපමණ රන් තොගයක් ? මේවා අධෝ මාර්ගද ? අධි වේග මාර්ගද ? කුඩා කල පටන් අධෝ මාර්ගයේ යම් යම් දේවල් දමා පුරුදුවූ කෙනෙක් වෙන්ට ඕනේ. (ස)