IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රන් ගෙනා දෙදෙනාට ලක්ෂ අටක දඩ

 රුපියල්  අසූ ලක්ෂ අනූ දහසක් වටිනා නිම නොකළ රන් මාල දහයක් කලිසම් සාක්කුවල සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය යෑමට ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට රුපියල් ලක්ෂ අටක දඩ නියම කළ රේගුව එම රන් මාල රාජසන්තක කළේය.

ඔවුනට රන්මාල ගෙන ආ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශයේ රියදුරකු  බව කියන පුද්ගලයෙක්  ප්‍රශ්ණන කර මුදා හරිනු ලැබීය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රෙස්න මහතා විසින් අද සිදු කළේය.

අත් අඩංගුවට ගනු ලැබු රන් මාල වල  බර  කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් හයසිය දහ අටකි.
ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ   ලබා දුන් තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 

රේගුව පවසන්නේ මෙම රන් මාල  යම් කිසි පුද්ගලයෙකු විසින්  සංක්‍රමණික මගී පර්යන්තයට වෙත ගෙන ගොස් මොවුන් දෙදෙනාට බාර දී ඇති බවයි.

සංක්‍රමණික මගී පර්යන්තයට ගෙන ගිය පුද්ගලයා  සොයාගැනීම සඳහා ගුවන්තොටුපොළ සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමේදී  හදිසි අවස්ථාවකදී පමණක්  භාවිතා කරන දොරටුවකින්  යම් කිසි පුද්ගලයෙකු ගුවන්තොටුපොළ තුළට ඇතුළු වී සංක්‍රමනික මගීන් ගැවසෙන ප්‍රදේශයට ගොස් ඇති බවට දත්ත සටහන් වී ඇති බව සොයාගෙන ඇත. ඔහු  ජීප් රථයකින් එම හදිසි දොරටුව අසලට පැමණ  එම දොරටුවෙන්  ගුවන්තොටුපොළ තුලට පිවිසෙන අයුරු සී.සී.ටී.වී කැමරා වල සටහන් වී ඇති බවද වාර්ථා වෙයි.

පසුගිය කාලයේ මෙරට සිට ඉන්දියාවට රන් ප්‍රවාහනය කළ  ශ්‍රී ලාංකිකයන්  මෙන්ම ඉන්දියා ජාතිකයන් ද විටින් විට  ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේදී සහ තදාසන්න ගුවන්තොටුපොළවල් හිදී අත් අඩංගුවට ගත්  නමුත් ඔවුන්  ශ්‍රී ලංකාවෙන්  හොර රහසේ  එම රන් කෙලෙසක  පිටකළේ ද යන්න ඉන්දීය බලධාරීන්ට මෙන්ම මෙරට බලධාරීන්ටද ප්‍රෙහෙළිකාවක්ව තිබිණි.

වරෙක මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවෙන්ද ඉන්දීය බලධාරීන් ප්‍රශ්න කර තිබුණු බවද වාර්ථා විය.

නමුත් මේ සිද්ධිය අනාවරණය වීමත් සමගම මෙරට බලධාරීන් පවසන්නේ මෙම හදිසි දොරටුවෙන් ඇතුළු වු විට රේගු ප්‍රදේශය මග හැර පහසුවෙන් සංක්‍රමනික මගීන්ගේ පර්යන්තයට ඇතුළු වීමට හැකි බැවින්  මේ අයුරින් රන් ප්‍රවාහනය දිගටම සිදු වී ඇති බවට සැක සිතිය හැකි බවයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ  උපදෙස් මත  නියෝජය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන සී.පෙරිම්බනායගම්, එස්.පී.අයි බාලසුරිය, නියෝජ්‍ය රේගු අධිකාරී  නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, හසන්ත ගුරුගේ ආර්.ඒ.ඩී ප්‍රසන්න සහ  සී.පී බෝපගේ යන නිලධාරීහු සිදු කළහ.

 



අදහස් (0)

රන් ගෙනා දෙදෙනාට ලක්ෂ අටක දඩ

ලක්මාල් Friday, 28 March 2014 03:18 AM

අපරාදේ සල්ලි... (නි)

:       0       0

කුමාරි Thursday, 27 March 2014 06:56 PM

ඒ කියන්නේ මේ වගේ නොසැළකිළිමත් විදියට ඇතුළු වීමේ හැකියාවකුත් මෙච්චර කල් තිබිලා තිබෙනවද? (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 28 March 2014 09:01 AM

මේක නම් සම්පූර්නයෙන්ම කළමනාකරණයේ වරදක්. මේකට ප්‍රධාන නිලදාරියා වග කිව යුතුවේ. මන් දන්නේ නැහැ කියා බේරෙන්න බැහැ.(නදී)

:       0       0

විද්‍යා Thursday, 27 March 2014 07:51 PM

මෙහෙමත් මිනිස්සු? වෙන තැනක හංගාගෙන එන්න තිබුනනේ. (නි)

:       0       0

රංග Thursday, 27 March 2014 08:58 PM

ආර්ථික අපහසුකම් නිසාමද මන්දා, මිනිස්සු දැන් අපරාධ වලට පෙළඹෙනවා වැඩියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site