රිදී ආලේපිත රන් ගාංචු 20 ක් සහිත අත් බෑග් හතරක් රැගෙන කටුනායක සිට චෙන්නායි යාමට ආ ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකුට රුපියල් විසිපන් දහස බැගින් දඩ නියම කළ රේගුව එම රන් ගාංචු රාජ සන්තක කළේය.
මේ දෙදෙනා වත්තල පදිංචි මවක (57) සහ දියණියක(20) බව රේගුව කියයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ රන් ගාංචු වල බර ග්‍රෑම් 1035 ක් වූ බවත් එහි වටිනාකම පනස් දෙලක්ෂ හැත්තෑ පන් දහසක් බවයි.
මොවුන් රේගුවට පවසා ඇත්තේ මෙම අත් බෑග් 04 තම ඥාතියෙකු විසින් ඉන්දියාවට ගෙනයාමට ලබා දුන් බවත් එහි රන් ඇති බවට තමන් නොදන්නා බවයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී සී.පී.බී පිටවල, නියෝජ්‍ය රේගු අධිකාරී නිමල් විජේසිරි සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ඒ.එන් ප්‍රනාන්දු, එස්.බී පොල්කොටුව,ෂමිදු මාකේවිට, ආර්.එම්.සී.එම් ලංකා, අසංක ප්‍රියදර්ශන, නිලුෂි පතිරන යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මයි දුවයි කියලා තියෙන්නේ අතේ පැලවෙන බොරුවක් (දී)
අනේ පව් තොත්ත බබල දෙන්න (අ)
ඒ අලුත්ම ක්‍රමවේදය වෙන්න ඇති. තනි රත්තරන් ගාංචු වලට රිදී ආලේප කිරීම.(අ)
තමා ගෙනියන භාණ්ඩ පිළිබඳව තමා වගකිව යුතුයි. ඒ නිසා අනුන්ගේ බඩු ගෙනයාමට භාර නොගැනීමයි වඩාත්ම යෝග්‍යය. (අ)
රාජ සන්තක කරන රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ(අ)