IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රන් කිලෝවක් ඇද්දොත් ලක්ෂ අටක් සාක්කුවට

කොළඹ - කොචි - චෙන්නායි අතර හොර රන් ජාවාරමක් අල්ලා ගත් බව කොචින් ගුවන්තොටේ ගුවන් බුද්ධි අංශය කියයි.

ඉන්දියා රුපියල් කෝටි තුනක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6.24ක්) වටිනා කිලෝ එකළොහක රන් අබරණ රැගෙන ආ ශ්‍රී ලාංකික කණ්ඩායම් දෙකක් සඳුදා උදේ අත්අඩංගුවට ගත් බව ඉන්දියාව කියයි.

කිලෝ දහයක ගොරහැඩි රන් ආබරණ තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගැහැනුන් 28 දෙනකු ඇතුළු හතලිස් දෙනකු ඉරිදා උදේ අත්අඩංගුවට ගත් එහි ගුවන් නිලධරයෝ එදින සවස කිලෝ 1.7කට වැඩි රන් ආබරණ සමග තවත් ශ්‍රී ලාංකිකයෝ 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ 56 දෙනාම ඉන්දියාවට නිතර යන එන අය බව කියති.

රං ජාවාරමට ශ්‍රී ලාංකිකයන්ගේ හවුලක් ඇති බවට සොයා ගත් පළමු අවස්ථාව මෙය බව කොචින් රේගු කොමසාරිස් කේ එම් රඝවාන් කියයි.

ඔත්තුවන් අනුව ඔවුන් පැමැණි යානා පිරික්සා ඇත.

සොයාගත් අබරණවල වටිනාකම තක්සේරු කිරීමට පැය නවයක් ගත වූ බව කොචින් රේගුව කියයි.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ රන් මිලෙහි වෙනස අනුව රන් කිලෝවකින් ඉන්දියා රුපියල් ලක්ෂ තුනක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6.24ක්) සිට ඉන්දියා රුපියල් ලක්ෂ හතරක් (ශ්‍රී ලංකා රුපියල් 8.32) උපයා ගත හැකි බව කියති.

මේ ශ්‍රී ලාංකිකයන් දකුණු ඉන්දියා කොචි චෙන්නායි හා මදුරෙයි ගොවන් තොටුපොළවලට නිතර යන එන නමුත් වඩාත්ම ජනප්‍රිය ගුවන්තොට කොචි බව කියයි.

 



අදහස් (0)

රන් කිලෝවක් ඇද්දොත් ලක්ෂ අටක් සාක්කුවට

තිලක් Monday, 25 November 2013 12:12 PM

ඉතින් බද්දක් අය කරලා ඕනෑ තරම් ගෙනියන්න දෙන්න බැරිද? ආනයනය කරනකොටත් බදු අය කරනවනෙ (නි)

:       0       0

මාගලී Monday, 25 November 2013 06:28 PM

කවුරු කළත් වරද වරදම තමා (නි)

:       0       0

අමිල කටුනායක Monday, 25 November 2013 01:47 PM

මුහුදු මාර්ගයෙනුත් සෑහෙන ගණනක් යනවා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site