ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවරට වලට රත්තරන් කිලෝ 4 ගුවන්යානයේ ආසනයේ යට සඟවාගෙන ඒමට තැත් කළ ලාංකිකයෙක් සහ ඉන්දීය ජාතිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
AL440 දරණ එයාර් ඉන්දියා ගුවන්යානය විනාඩි 40 පසුව නවදිල්ලිය බලා ගමන්කිරිමට නියමිතව තිබුණි. චෙන්නායි සිට නවදිල්ලිය බලා ගමන්කිරිමට ගුවන් මගීන් ටික දෙනෙකු සිටිනිසා ඔවුන්ගේ නාමලේඛනය පිරික්සූ ඉන්දීය නලධාරින්ට දැකගැනීමට හැකිවූයේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයකුගේ ආසනය තවත් අයෙකු විසින්ම වෙන්කරවාගෙන ඇති බවත් ඔහු මුලින්ම ගුවන්යානයට ගොඩවීමට උත්සහ කරනබවත්ය.
මේගැන සැකසිතූ ඉන්දිය නිලධාරීන්ට ඔහුව පරික්ෂා කිරීමේදී ආසනය යට ඉන්දීය රුපියල් කෝටි එකහාමාරක රන් තොගයක් සොයා ගැනීමට හැකිවිය.ඉන්දිය නිලධාරීන් පවසන්නේ මීට පෙර දෙවතාවක් මෙම ක්‍රියාව කරඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ? (නි)
අපේ රේගුවේ දක්ෂයන් ඉන්දියා රේගුවට ටික කාලෙකට හරි අන්යුක්ත කළොත් නරකද? ඒගොල්ලන්ව පුහුණු කරන්න පුළුවන් ගමන් විලාශය අනුව අර පැත්තේ රත්තරන් තිබෙනවද නැද්ද කියලා දැනගන්න හැටි කියා දෙන්න. (නි)
ඩුබායි හරහා බොහෝ හොර බඩු මත් කුඩු හොර සිගරෙට්ස් ලංකාවට ඉන්දියාවට ගෙන යනවා . ඩුබායි කියන්නේ මැද පෙරදිග හොර බඩු මත්කුඩු මුලස්ථානයක්. (ස)
දොඩන්ගොඩ කියූ දේට එකග වෙනවා වගේම ඩුබායි සිට එන මගීන් දැඩි පරීක්ෂාවට ලක්කළ යුතුයි (නි)