රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් කම්බි කූරු හතරක් තම ගමන් බෑගයේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම රන් කම්බි කූරු රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් අද සිදු කළේය.
සැකකරු කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිතර නිතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යාම් ඊම් සිදුකර ඇති බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු අද උදෑසන හතට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 121 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අල්ලා රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙයෙවීමෙන් රේගු අදිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක රන් දුපතක්. රට දැන් රනින් ස්වයං පෝෂිත නිසා විශාල තොගයක් මැලේසියාවටත් යැව්වා එහෙ බිස්නස් කරන්න. අහිංසක දෙමළ මිනිසුන්ගෙන් එල් ටී ටී ඊ එක බලෙන් ලබා ගත් රත්තරන් කිලෝ 200 ටත් මොනවා වුනාද දන්නේ නැහැ. රටේ රත්තරන් ටික මුළු මණින්ම පිටරටට ඇද්ද දාට තමයි මේක ආසියාවේ නියම ඓස්ච ර්ය වෙන්නේ.(නදී)
මෙච්චර රත්තරන් ලංකාවේ තියෙනවද? මෙහෙම ගෙනියන්ඩ. (ස)
මේ අය මේවා අරගෙන ගිහින් කාටද දෙන්නේ? (නදී)
ස්ටැන්ලි සොයුරා ඇතුළු කණ්ඩායමට සුබ පැතුම්! දැන් දැන් වෙන වෙන ක්‍රම මේ ගොල්ල භාවිතා කරනවා රත්රන් ගෙනියන්න. සමහරවිට අර රත්රන් හංගන 'ප්‍රසිද්ධ ගුදම' අමතක කරවන්න හිතාගෙන වෙන්න ඇති. මොනවා අමතක කලත් එතන නම් අමතක කරන්න එපා. (නදී)
ඇයි මෙයාට වෙන ක්‍රමයක් තිබනේ නැද්ද ඕක ගහගෙන යන්න. (නදී)
අපේ රේගු නිලදාරින්ට සුබ පතන්නට ඕනේ මේ දිනපතා අපේ රටේ රත්තරන් පිට කිරීම වලක්වා ගන්ට කරන සේවයට.(නදී)
රත්තරන් දිනක් පායලා ජෝති මහත්තයෝ.(නදී)