රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් කම්බි කූරු හතරක් තම ගමන් බෑගයේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම රන් කම්බි කූරු රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් අද සිදු කළේය.
සැකකරු කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිතර නිතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යාම් ඊම් සිදුකර ඇති බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු අද උදෑසන හතට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 121 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අල්ලා රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙයෙවීමෙන් රේගු අදිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලධාරීහු සිදු කළහ.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
313
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් කම්බි බෑගයේ දඩය ලක්ෂයයි
සත්‍යයා Monday, 02 December 2013 09:20 AM
මේක රන් දුපතක්. රට දැන් රනින් ස්වයං පෝෂිත නිසා විශාල තොගයක් මැලේසියාවටත් යැව්වා එහෙ බිස්නස් කරන්න. අහිංසක දෙමළ මිනිසුන්ගෙන් එල් ටී ටී ඊ එක බලෙන් ලබා ගත් රත්තරන් කිලෝ 200 ටත් මොනවා වුනාද දන්නේ නැහැ. රටේ රත්තරන් ටික මුළු මණින්ම පිටරටට ඇද්ද දාට තමයි මේක ආසියාවේ නියම ඓස්ච ර්ය වෙන්නේ.(නදී)
ශාන්ති Sunday, 01 December 2013 10:19 PM
මෙච්චර රත්තරන් ලංකාවේ තියෙනවද? මෙහෙම ගෙනියන්ඩ. (ස)
මොහොමඩ් Sunday, 01 December 2013 11:24 PM
මේ අය මේවා අරගෙන ගිහින් කාටද දෙන්නේ? (නදී)
උපාලි ගුණසේකර Monday, 02 December 2013 01:11 AM
ස්ටැන්ලි සොයුරා ඇතුළු කණ්ඩායමට සුබ පැතුම්! දැන් දැන් වෙන වෙන ක්‍රම මේ ගොල්ල භාවිතා කරනවා රත්රන් ගෙනියන්න. සමහරවිට අර රත්රන් හංගන 'ප්‍රසිද්ධ ගුදම' අමතක කරවන්න හිතාගෙන වෙන්න ඇති. මොනවා අමතක කලත් එතන නම් අමතක කරන්න එපා. (නදී)
සේනානායක Monday, 02 December 2013 01:17 AM
ඇයි මෙයාට වෙන ක්‍රමයක් තිබනේ නැද්ද ඕක ගහගෙන යන්න. (නදී)
දොඩන්ගොඩ Monday, 02 December 2013 02:19 AM
අපේ රේගු නිලදාරින්ට සුබ පතන්නට ඕනේ මේ දිනපතා අපේ රටේ රත්තරන් පිට කිරීම වලක්වා ගන්ට කරන සේවයට.(නදී)
අමිළ කටුනායක Sunday, 01 December 2013 06:43 PM
රත්තරන් දිනක් පායලා ජෝති මහත්තයෝ.(නදී)