IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රදළියගොඩගේ නඩුව තව පැත්තකට හැරේ

පසුගිය ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා පැහැරගත් බව කියන දරුවකුගේ මව එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේදී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ නඩුව කැඳවා තිබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් ජනාධිපතිවරණ පනතේ තවත් වගන්ති කඩකර ඇති බවයි. එහෙයින් පරීක්ෂණ අවසන් නැති බවත් එහෙයින් මවට පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර නොදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකාර සුදර්මන් රදළියගොඩ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු 11 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කීවේය.

නඩුව දෙසැම්බර් 17 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

රදළියගොඩගේ නඩුව තව පැත්තකට හැරේ

නදීකා Thursday, 15 October 2015 10:00 PM

ආ! මට මේ ගැන අමතකවෙලායි තිබුණේ (නි)

:       0       0

සචිත් Friday, 16 October 2015 12:58 AM

එතකොට අර යකඩ චෝදනාව දැන් නැද්ද? අනේ මන්දා.මට නම් හිතාගන්න බැහැ (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Thursday, 15 October 2015 01:18 PM

ඔය රදලියගොඩ කියන මහත්තය වරෙන්තු පිට නේද ඉන්නේ ඇයි එයාව අත්අඩංගුවට නොගන්නේ (අ)

:       0       0

හර්ෂ Thursday, 15 October 2015 01:21 PM

එල මේවා විභාග කරන්න (අ)

:       0       0

වරුණ Friday, 16 October 2015 02:43 AM

නඩු කෝටියයි... තව යකඩ පන්නපු නඩු? අනේ මන්දා! (නි)

:       0       0

රාධා Thursday, 15 October 2015 01:40 PM

යකඩ කේස් නේද? ජනාධිපතිට සිදුවූ මානවහිමිකම් කඩවීමට නඩු නැත්ද ? (අ)

:       0       0

සේන Thursday, 15 October 2015 02:23 PM

වරෙන්තු කාරයෙක් අත් අඩංගුවට ගන්න බැරි යහපාලානේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 03:43 AM

යකඩ ප්‍රශ්නයෙන් නොනැවතී දරුවන් පැහැරගත්තේ ඇයි කියලා දැන් ජනතාව දැනුවත්. (නි)

:       0       0

චාමර Friday, 16 October 2015 03:55 AM

ඉස්සර අර යකඩ නඩුවට වරෙන්තු කළත් ඉන්න තැනක් හොයාගන්න බැහැ කියලා පොලිසිය නහයෙන් ඇඬුවා නේද? ඔය ඉන්නේ අපූරුවට.දැන් අල්ලන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

රසිත කුමාරජීව Friday, 16 October 2015 04:19 AM

මේ අර යකඩ ප්‍රශ්නයට සම්බන්ධ කෙනා නේද? (නි)

:       0       0

රිතික් Friday, 16 October 2015 04:52 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අසංක Friday, 16 October 2015 05:37 AM

හැම තැනම නඩු නඩු ඉවරයක් නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site