පසුගිය ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා පැහැරගත් බව කියන දරුවකුගේ මව එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේදී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ නඩුව කැඳවා තිබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් ජනාධිපතිවරණ පනතේ තවත් වගන්ති කඩකර ඇති බවයි. එහෙයින් පරීක්ෂණ අවසන් නැති බවත් එහෙයින් මවට පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර නොදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
සැකකාර සුදර්මන් රදළියගොඩ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු 11 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කීවේය.
නඩුව දෙසැම්බර් 17 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! මට මේ ගැන අමතකවෙලායි තිබුණේ (නි)
එතකොට අර යකඩ චෝදනාව දැන් නැද්ද? අනේ මන්දා.මට නම් හිතාගන්න බැහැ (නි)
ඔය රදලියගොඩ කියන මහත්තය වරෙන්තු පිට නේද ඉන්නේ ඇයි එයාව අත්අඩංගුවට නොගන්නේ (අ)
එල මේවා විභාග කරන්න (අ)
නඩු කෝටියයි... තව යකඩ පන්නපු නඩු? අනේ මන්දා! (නි)
යකඩ කේස් නේද? ජනාධිපතිට සිදුවූ මානවහිමිකම් කඩවීමට නඩු නැත්ද ? (අ)
වරෙන්තු කාරයෙක් අත් අඩංගුවට ගන්න බැරි යහපාලානේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ (බ)
යකඩ ප්‍රශ්නයෙන් නොනැවතී දරුවන් පැහැරගත්තේ ඇයි කියලා දැන් ජනතාව දැනුවත්. (නි)
ඉස්සර අර යකඩ නඩුවට වරෙන්තු කළත් ඉන්න තැනක් හොයාගන්න බැහැ කියලා පොලිසිය නහයෙන් ඇඬුවා නේද? ඔය ඉන්නේ අපූරුවට.දැන් අල්ලන්නේ නැත්තේ ඇයි? (නි)
මේ අර යකඩ ප්‍රශ්නයට සම්බන්ධ කෙනා නේද? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හැම තැනම නඩු නඩු ඉවරයක් නෑ. (ර)