ප්‍රවීණ වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රියන්ත සමරකෝන් කුළුඳුල් සිනමා නිර්මාණය වන "රංදෝණි" සිනමා පටයේ රූගත කිරීම් පසුගියදා නිමාවට පත්විය. බෙලිහුල්ඔය හා කල්තොට ආශ්‍රිත දර්ශනතල මත පුරා මාසයක පමණ කාලයක් එම රූගත කිරීම් සිදු කෙරිණි.
ඉතාම දුෂ්කර ගම්මානයක පාසලක් හා එම ගම්මානයේ වෙසෙන ගැමි ජනතාවගේ ජීවිත සටන නිසාම ඔවුන්ගේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නිසිලෙස ඉටුකර ගැනීමට නොහැකිව ළතවන අතර, දුෂ්කර සේවය සඳහා නගරයෙන් ගමට පැමිණි ගුරුවරියක් තම පෞද්ගලික අරමුණු පසෙක තබා දැඩි වෙහෙසක් ගනිමින් එම ගමේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීමට ගන්නා වෑයම මෙම චිත්‍රපටයේ කතා තේමාව වේ.
"රංදෝණි" සිනමා පටය වෙනුවෙන් රංගනයෙන් රෝහණ බැද්දගේ, නිල්මිණි බුවනෙක, රිචඩ් මානමුදලි, රත්නා ලාලනී ජයකොඩි, අනුර බණ්ඩාර රාජගුරු, වික්‍රම සෙනෙවිරත්න, වසන්ත කුමාරසිරි, සරත් දික්කුඹර, හැරී විමලසේන, දයා වයමන්, කීර්ති රංජිත්, අනෝජා වීරසේකර, කෞෂල්‍යා සමරසිංහ, සුගත් මෛත්‍රී, දීපාල් ලියනආරච්චි, රංජිත් ජයසේකර, ගයාන් ජයවර්ධන, සුනේත්‍රා ලක්‍ෂ්මි, දිල්හාරා රාජපක්ෂ, ජානක පෙරේරා, හෙන්රි ප්‍රේමරත්න ඇතුළු පිරිසක් දායක වෙති.
"නිපුණි විල්සන්" සමග හඳුන්වාදෙන ළමා රංගන ශිල්පිනිය වන මල්සා දෙව්මිණි "රංදෝණි"හි ප්‍රධාන චරිතයන්ට පණපොවයි. ඒ සමගම තවත් ළමා රංග ශිල්පී ශිල්පිනියන් 20 දෙනෙකු සමග මෙම සිනමා පටය සිනමාවට පිවිසෙයි.
සිළුමිණ චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය ජගත් විජේනායකයන් විසින් මෙම සිනමාපටය නිෂ්පාදනය කර තිබේ. මීට පෙර ඔහු විසින් "අම්මාවරුනේ", "විදූ", "ඇගේ ඇස අග" වැනි සිනමා නිර්මාණද නිෂ්පාදනය කර ඇති අතර, "රංදෝණි" ඔහුගේ හතරවැනි සිනමා නිෂ්පාදනය වෙයි.
මෙහි කතාව, තිරරචනය හා අධ්‍යක්ෂණය ප්‍රියන්ත සමරකෝන්ගෙන් වන අතර, කැමරාකරණය හා ආලෝකකරණය තිලක් රංජන්ගෙනි. නිෂ්පාදන කළමනාකරණයෙන් මංජුල ගුණවර්ධනද, කලා අධ්‍යක්ෂණයෙන් විජිත බණ්ඩාර බේරලපතන්තරද දායක වන මෙහි සහාය අධ්‍යක්ෂණය ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාරගෙනි.
වේශ නිරූපණය හා කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් හෙන්රි ප්‍රේමරත්නද, නර්ථන නිර්මාණයෙන් නිලාන් මලිගැස්ප සමග නිපුනි විල්සන්ද දායක වී ඇති "රංදෝණි" ලබන වසරේ මුල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රංදෝණි සිනමාපටයේ රූගත කිරීම් නිමයි