‘රිදි ජුබිලි’ ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙල හෙට (25) පොළොන්නරුව ජාතික ක‍්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. ලබන ඉරිදා (28) දක්වා පැවැත්වෙන මෙම ක‍්‍රීඩා උළෙලේදී ජයග‍්‍රාහි ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් සඳහා මෝටර් රථ, යතුරුපැදි සහ මුදල් ත්‍යාග රැුසක් ප‍්‍රදානය කිරීමට ජාතික තරුණ සේවා සභාව සූදානමින් සිටියි.
යෞවන කටයුතු හා නිපුණතා අමාත්‍යංශය මෙහෙයවන මෙම ක‍්‍රීඩා උළෙලේ කටයුතු සඳහා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ජාතික තරුණ සේවා සභාවට සහයෝගය දක්වයි.
දිවයිනේ ස්ථාපිත යෞවන සමාජ සාමාජිකත්වය හිමි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3000 ක් පමණ මෙවර ක‍්‍රීඩා උළෙලට සහභාගි වන බව ජාතික තරුණ සේවා සභාවේ ප‍්‍රචාරක නිලධාරී අනිල් සිරිවර්ධන මහතා පවසයි.
මෙවරත් ක‍්‍රීඩා උළෙලේදී පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවන ක‍්‍රීඩකයාට හෝ ක‍්‍රීඩිකාවට සුපිරි මෝටර් රථයක් ප‍්‍රදානය කෙරෙන අතර වයස 20 න් පහළ සහ ඉහළ පිරිමි සහ කාන්තා දක්‍ෂතම ක‍්‍රීඩක සහ ක‍්‍රීඩිකා සම්මාන ලබන සිවුදෙනාට යතුරුපැදිය බැගින් ද, තරග වාර්තා පිහිටුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට රුපියල් 10,000 බැගින් ද, විශේෂ මුදල් ත්‍යාග ප‍්‍රදානය කරයි.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි එම ත්‍යාග පිරිනැමීමට අමතරව සමස්ත ශූරතාව සහ අනු ශූරතාව ලබන දිස්ත‍්‍රික් කණ්ඩායම් සඳහා රුපියල් 150,000 ක් සහ 100,000 ක් තිළිණ කෙරෙන බවත් සිරිවර්ධන මහතා පැවසීය.
සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.30 ට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අගහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන ඉදිරිදා නිමාවට පත්වන ක‍්‍රීඩා උළෙලේ ජයසංකේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.
මලල ක‍්‍රීඩා ඉසව් හැරෙන්නට මෙම දින කීපයේදී දැල්පන්දු, කඹ ඇදීම, පාපන්දු, වොලිබෝල් කාන්තා සහ පිරිමි අවසන් මහ තරග ද පැවැත්වීමට නියමිතය. කැරම් තරගාවලියේදී සුවාශේසි දස්කම් දැක්වූ නාගරික තරුණයා කළාපය යුගළ (පිරිමි) ශූරතාව හැරෙන්නට සෙසු සියලූ ශූරතා දිනා ගැනීම කැපී පෙනේ.
සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් කාන්තා ශූරතාව රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායම විසින් ද, එහි පිරිමි ශූරතාව අම්පාර දිස්ත‍්‍රික් කණ්ඩායම් විසින් ද, දැල්පන්දු පිරිමි ශූරතාව කෑගල්ල දිස්ත‍්‍රික්කය විසින් ද, වෙරළ වොලිබෝල් (කාන්තා* ශූරතාව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්ය විසින් ද, දිනාගන්නා ලදී.
මෙවර ක‍්‍රීඩා උළෙලේ ‘රිදි ජුබිලි’ සංවත්සරය නිමිත්තෙන් තරගාවලියේ නිල සුරතලා ලෙස ‘චූටි කුකු’ නම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රිදි ජුබිලි’ යොවුන් ක‍්‍රීඩා උළෙල පොළොන්නරුවේදී හෙට ඇරඹේ