රතුපස්වල අවට ගම්මානවල ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ඉල්ලා රතුපස්වල අවට ගම්මාන කිහිපයක ජනතාව ගෙන ගිය විරෝධයට සහාය දක්වමින් වැලිවේරිය, ඇඹරළුව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මීට ටික වේලාවක පෙර නව නුවර මාර්ගය වැලිවේරිය හංදියෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක් අරැඹූහ.
වැලිවේරිය නගරයේ කඩ සාප්පු වසා ඇති අතර බොහෝ කඩවල කළු කොඩි ඔසවා ඇත.
උද්ඝෝෂණයට පන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති.
වැලිවේරිය පොලිසියට මීටර් පනහක පමණ දුරින් ඇරැඹි මේ උද්ඝෝෂණය නිසා දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලාන්,මේ කම්හල ඔබතුමාගේ ලිද ළගම හදා ගන්නවාට අපි විරුද්ධ නැහැ (නි)
දිලාන්,ඔයාට පිස්සු .එහෙනම් ඉතින් අපිට ඉන්න වෙන්නේ කොහෙද? මේ ප්‍රශ්නයට ඉකමනට උත්තර දෙන්න වෙයි. මොකද මිනිස්සු කියන්නේ ඇත්ත (නි)
දිලාන් දන්නවද ඔය කියන පළාත? (නි)
බොන්න වතුර ටිකක් ඉල්ලලා කෑගහන මේ දුප්පත් මිනිසුන්ට වතුර බවුසර් දෙක තුනක් යවන්නවත් කෙනෙක් නැද්ද මේ රටේ? (නි)
දිලාන්, ඔයා පාසල් ගිහින් තියෙන බවක් නම් මට පෙනෙන්නෙ නැහැ (නි)
දිසානායක , මේ මිනිස්සුන්ගේ මානුෂික ප්‍රශ්නයටත් දේශපාලනේ පටලවන්න දාන ධෛර්යය දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. (නි)
දිලාන්, එක කම්හලක් වෙනුවෙන් ඔය ගම් දෙක තුනක මිනිස්සු විඳවන එක හරිද? (නි)
ඉන්දියාවේ කේරල සරු වගාවක් සදහා යොදාගත් එන්තසල්ඵන් නිසා වැස්ස සමග අම පළාතේ ළිං ජලයට මුසු වී පසු කාලීනව නොඅකුත් ලෙඩ දුක් වලට මුහුණ දෙන්න සිද්ද වුණා.අංගවිකල දරු සම්පත්,මන්ධ බුද්ධික දරු සම්පත් ලැබුනා.පසුව පරීක්ෂණ වලින් සොයා ගත්තා එතර්සල්ඵන් නිසා කියලා.අදටත් ගැබිණි මව්වරු මැරි මැරී උපදිනවා මොන වගේ දරු සම්පතක් ලැබේවිද කියලා.වතුරට අපද්‍රව්‍ය මිශ්‍ර වීම සුළු කොට සළකන්න එපා. (නි)
අනුරාධපුරයේ වකුගඩු අමාරුවෙන් දැනට 2300 ක් දෙනා මැරිලා තියෙනවා. තවත් ලක්ෂ ගානක් වකුගඩු අමාරුවෙන් පෙළෙනවා.ආසනික් නිසා ඉදිරියේදී ලංකාවේම මිනිසුන්ට ලෙඩ ගෙන දෙන්න පුළුවන්. (නි)
අරාබි වසන්තය පටන් ගත්තෙත් ඔහොම තමයි (නි)
හම්බන්තොට ඕනෑ තරම් ඉඩම් තියෙනවා. මේ කම්හල ඇතුළු සියළුම කම්හල් ඒ ප්‍රදේශයට ගෙනගියොත් හොදයි. කවුරුත් දිනුම්. (නි)
රටේ සංවර්ධනයට තව තවත් කර්මාන්ත ඉදිවෙන්න ඕනෑ තමා. කර්මාන්ත වහලා රට සංවර්ධනය කරන්න බැහැ. නමුත් කර්මාන්ත ශාලා ඉදි කළ යුත්තේ කොහේද? කුමන ආකාරයකටද? කියන එක වගේම අත්විමට ඇති අනාගත තත්වයන් ගැනත් අතුරු ප්‍රතිඵල ගැනත් හිතලා කර්මාන්ත ශාලා ඉදිකිරිමට අවසර දෙන්න ඕනෑ. කොහොම වුණත් රටක මනුෂ්‍ය ජීවිතය වගේම පාරිසරික තත්වය රැක ගැනිම පළමු කාරණය විය යුතුයි. (නි)
වගකිවයුතු මහත්තුරුනි, දැන් නිදාගෙන සිටියා ඇති. දැන් මේ මිනිසුන්ගේ ළිං වතුර යථා තත්වයට පත් කරන්ඩ දිවා රෑ නොබලා වැඩ කරන්න. මේක හදිසි තත්වයක් විදිහට ප්‍රකාශයට පත් කරලා කමිටු හදලා වැඩ පටන් ගන්න. මොරටුව, පේරාදෙණිය සරසවි වල ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහයෝගය අරගෙන මේ රසායන ළිං වලින් අයින් කරන්න පරීක්ෂණ කරන්න උදව් ගන්න කටයුතු කරන්න. ඒ ගැන මේ මිනිස්සු දැනුවත් කරන්න. මේක පාඩමකට අරන් මිනිස්සු ඉන්න අස්සේ ෆැක්ටරි හදන්න අවසර දෙන්ඩ එපා. (නි)
කම්හලෙන් විෂ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරියත් නැතත් මේ පරීක්‍ෂණයෙදී නිවැරදි විද්‍යාත්මක වාර්තා සැපයීම පිළිබඳව භූ විද්‍යාවටත්, ජල සම්පාදනයටත් විශාල වගකීමක් පැවරෙනවා. කම්හලෙන් බැහැර කරන අපද්‍රවය වල සංයුතිය ගැන පරිසර අධිකාරියට මනා වැටහීමක් තිබියයුතුයි. ඔවුන් අනුමත කල සංයුතියෙන් යුත් අපද්‍රව්‍ය පමණක් බැහැර කරන්නේද යන්න නිරන්තර පරීක්ෂාවට ලක්කළ යුතුයි. කම්හල නිවැරදිව කටයුතුකර තිබියදීත් භූගත ජලයේ ආම්ලිකතාව ඉහල යාමට පාන්ශුමය හා භූ විද්‍යාත්මක හේතු තිබිය හැකියි. අපේ විද්‍යාඥයින්ගේ දක්ෂතාවය අධිකරණය හමුවේ ඇගයීමට ලක්වන හැටි ජනතාව අවධියෙන් බලාසිටිනවා. (දී)
පිටබැද්දර ගේ ඔලුවට ඔන්න නැවත පොල්ගෙඩියක් වැටිලා. ගඟෙන් එගොඩ වැලිවේරිය, මල්වාන ප්‍රදේශයේ අවුරුදු දහස් ගණනක් සිට ඉඳන් පැවත එන මිනිස්සු නැහැ. එමම කියල නැහැ කම්හල නිසා ජල දුෂණය සිදුවෙන බවක් හෝ නොවෙන බවක්. එය අධිකරණය ඉදිරියේ විසඳන්නට තිබෙන ප්‍රශ්නයක් බැවින් මා නිගමනයක් දෙන්නේ නැහැ. නමුත් නීතියට එකඟව කම්හල මුදාහරින අපවිත්‍ර ජලයෙන් හෝ වෙනත් හේතුවකට හෝ මේ පළාතේ ඛනිජ ප්‍රතික්‍රියා කිරීමෙන් ජලයේ අම්ලතාවය වැඩිවිය හැකියි. රතුපස් ගොඩක ගෙවල් හැදුවහම ඔවැනි ප්‍රශ්න එන්න පුළුවන්. සිංහල ලේ වැගිරුණු භුමියකයි ප්‍රශ්නය හටගෙන තිබෙන්නේ. (නි)
මම නම් කියන්නේ අපේ රටේ තව තවත් කම්හල් අරින්න ඕන ඔය කම්හල වහන්න ඕන නැහැ . අවට පදිංචි ජනතාවට වෙනත් පළාතකින් ඉඩම් ලබා දී නිවාස ඉදිකිරීමට උපකාර කලානම් තමයි හොද (දී)
අහිංසක ජනතාව වතුර ඉල්ලලා පාරට බහිද්දී රජය මොකද කරන්නේ? තව තව පොලිසියෙන් දාල වගකිව යුතු ආයතනය ආරක්ෂා කරයි. (දී)
ඔබගේ වටිනා චන්දයෙන් පත් වූ අය ඔබගේ විනාශයටම වල කපන බව පමා වී හෝ තේරුම් ගැනීම වැදගත්ය...අපි හදන නයි අපිවම කයි .. අපි හපන නයි මුගටි හපල කයි....... (ස)
මෙම ප්‍රශ්නය විසදීමට රජය හැකි ඉක්මණින් මැදිහත් වියයුතුයි. ජනතාවට ඉක්මණින් පානීය ජලය ලබාදෙන ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)
දිලාන් ,සමීරගේ උගත් ලියවිල්ල කියවන්න. නුඹ වගේ මෝඩ කතා නම් තවත් අහලා නැහැ.ඉස්කොලේ ගියත් බුද්ධියක් නැති පාටයි. (නි)
නිල් රනා , මේ පළාතේ ජීවත් වෙන්නේ පාරම්පරික මිනිස්සු. අවුරුදු දහස් ගානක් මේ පළාත් වල පදිංචි වුණ මිනිස්සු. ඔයා ඔයා කියන බහුබූත සංයුති,ආම්ලිකතාව ,පාංශුමය... කුණුහරුප නැතුව බොහොම හොඳට පිරිසිඳු ජලය බිවුවා ඒ අය. නොදන්නා දේ කියවන්න ගිහින් වරිගේ නහගන්න එපා ඔන්න (නි)
මෝඩ දිලාන්, ජලයට විෂ රසායන මිශ්‍ර වෙනවා කියන්නේ ඒවා හැමතැනටම ඊළගට පැතිරෙනවා කියන එක කියලා තේරෙන්නේ නැද්ද? වතුර කියන්නේ ආහාර වලටත් වඩා වටිනාම සම්පතක්. (නි)
සුර සැප අසිරි පෙන්වා ගහමින් බයිලා .... ආඩම්බර සමහරුන් යයි දරුවන් ඉඹලා .. ඇසිඩ් වතුර බී දරුවන් මැරෙනු බලා... මව්වරු හඬති, වැළපෙති දුක්කඳුළු සලා... (නි)
මම මීට ඉස්සෙල්ල අදහස් දක්වීම්වලදී මේ වගේ විරෝධතා විවේචනය කරලා තිබෙනවා. නමුත් මේ විරෝධතාවයේ යම් කිසි ොදාරණයක් තියෙන බව මට හිතෙනවා.ඇත්තටම මේක ජලය පිළිබඳ ප්‍රශ්නයක්.මම හිතන හැටියට මේකට ඉතා ඉක්මන් සාධාරණ විසදුමක් දීම වගකිවයුතු අයගේ යුතුකමක්. (නි)