වැලිවේරිය, රතුපස්වල ජල ගැටළුවෙන් පීඩා විදින ගම්මාන කිහිපයක නිවාසවලට සහන මුදලට නළ ජලය සම්බන්ධතා ලබා දීමට රතුපස්වල පරිසර කමිටුව හා ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැති රැස්වීමක දී එකඟ විය.
ඒ අනුව සමෘද්ධි ලාභී පලුවලකට රුපියල් දෙදහසකට ද, සාමාන්‍ය පවුලකට රුපියල් තුන් දහසකට ජල සම්බන්ධතාවය ලබා දීමට තීරණය වූ බව ජල සම්පාදන අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් සරත් චන්ද්‍රසිරි මහතා එසැණට පැවසීය.
ඉකුත් වසරේ ජූලි 27 වැනි දා සිට රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට ගෙන යන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් විරෝධතා පැවැති අතර අගෝස්තු පළමුවැනි දා පැවැති උද්ඝෝෂණයේ ගැමියන් හා යුද හමුදාව අතර ගැටුමෙන් තිදෙනෙක් මිය ගියහ.
රතුපස්වල කර්මාන්ත ශාලාව එම ස්ථානයෙන් ගෙන යන ලෙස සාකච්ඡා ගණනාවක් පැවැති අතර ඒ අනුව කම්හල ගලවා ඉවත් කිරීම අරඹා ඇත.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ප්‍රදේශයේ ජල නල එලීම ආරම්භ කළ අතර ඒ මගින් අල අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බෙදා දුන්නත් නියමිත මුදල ගෙවා ජලය ලබා ගැනීමට එකග වී සිටියේ පවුල් කිහිපයක් පමණි.
කළින් තීරණය කර තිබුණේ රුපියල් 17,800කට රතුපස්වල සාමාන්‍ය පවුලකට ජල සම්බන්ධතාවය ලබා දෙන බවයි.
නොමිලයේ හෝ ඉතා අඩු මාදලකට ජල සම්බන්ධතාවය ලබා ගැනීම සදහා සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය හෙවත් රතුපස්වල පරිසර කමිටුව විවිධ පරිස් සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය.
ගැටළුවට තුඩු දී ඇති ගම්මානවල පවුල්වෙත නොමිලයේ හෝ අඩු මුදුලකට ජලය ලබා දෙන ලෙස වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ද පසුගිය ඉරිදා (12) මහින්ද රාජපක්ෂ ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර පැත්තේ මිනිස්සුන්ට වකුගඩු රෝග තියෙනවා ඒ පැත්තටත් දෙන්නකෝ ගිහිල්ලා (දී)
මිනිස්සුන්ට කියන්න තියෙන්නේ මේවාට රැවටෙන්නේ නැතුව චන්දය දෙන්න කියල (දී)
බස්නාහිර පළාත් සභාව විසුරුවන කම් හිටිය වගේනේ මේ පුවත ආවේ. පසුගිය කාලේ හාමුදුරුවෝ ලගට වැඩම කල ප්‍රසිද්ද අයට බැරිද ඔය සහනය දෙන්න. මගේ අදහස හාමුදුරුවන්ගේ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කල යුතුයි. රටේ තව වතුර සම්බන්දව පිඩාව විදින ජනතාව ඉන්නවා ඔවුන්ටයි සහනය දෙන්න ඕනේ.(නදී)
නොමිලේ ලැබෙනවා වැස්සොත්.(නදී)
තෙරිපැහැ සිරිධම්ම හිමියෝත් දෑත් ශක්තිමත් කරන්න යනවා වගේ පේන්නේ.(නදී)
කෝ හාමුදුරුවො? (නදී)
එදිරිසිංහ බස්නාහිර පලාත් සභාව විසුරුවා දාන්නේ නැද්ද? ඔන්න ගම්පහට කිරි අනුරාධපුරේට කැකිරි.(නදී)
පළාත් සභා විසුරුව ගමන් ඔහොම හිත උනුවෙනවා නම් චන්දෙට කලින් සතියේ මොනව දෙයිද දන්නේ නැහැ. (දී)
රතුපස්වලට අඩු මිලට වතුර දෙන්න පුළුවන් නම් මොකද අනෙක් පළාත් වලටත් දෙන්න බැරි. ලංකාවේ හැම පළාතකම ජීවත් වෙන්නේ එකම වගේ මිනිස්සු නව ජාල සම්භන්ධයක් ගන්න ගියාම ලොකු ගානක් ( 20,000 පමණ ) ගෙවන්න වෙනවා. කල යුත්තේ ජල සම්පාදන අමාත්‍යාංශයෙන් යැපෙන අයගේ පහසුකම් ටිකක් අඩු කරලා මහජනයාට සහන ලබා දීම. (දී)
මේවා මිනිස්සු තේරුම් ගන්න, නිකන් ඇහැක් ඇරලා බැලුවද පහුගිය දවස් වල, දැන් එනවා වතුර දෙන්න (දී)
චන්දෙ එනකම් හිටියද ඔය ටික කරන්න (දී)
රතු පස්වලට විතරක් ඔය සහනය දෙනවා නම් ලංකාවේ අනෙක් පළාත් වල සිටින ජනතාවටත් ඒ සහනය ලබා දිය යුතුයි. (දී)