පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල තිදෙනකු යුද හමුදාවෙන් වෙඩි තබා ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදු කිරීමෙන් වසර තුනකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ හිටපු ප්‍රාදේශීය සභාපති රංජිත් ගුණවර්ධන මහතාගේ රතුපස්වල නිවසේ රැස්වීමකට අද (07) පැමිණියේය.
හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා රතුපස්වලට පැමිණීමට විරෝධය දක්වමින් රතුපස්වල ජල ගැටළුවේදී යුද හමුදාවෙන් වෙඩි කෑ දස දෙනෙක් අද (07) පැයක නිහඬ විරෝධයක් දැක්වූහ.
විරෝධතා පුවරු අතැතිව බැලුම්මහර - වැලිවේරිය ප්‍රධාන මාර්ගය ඉදිරිපිට සිටි ඔවුන් රතුපස්වල පිට්ටනිය ඉදිරිපිට කළු කොඩිවැලක් එල්ලා තිබිණි.
විරෝධතාව අරඹා පැය බාගයක් පමණ යද්දී යතුරු පැදියකින් ආ දෙදෙනෙක් තමන්ට ද අදහස් දැක්වීමට අවශ්‍ය බව කීහ.
‘මේ පිරිසට කිහිප වරක් වන්දි දුන්නා. දැන් බොරුවට අසාධාරණ විනිදයට උද්ඝෝෂණ කරනවා.‘ යැයි ඒ දෙදෙනා කියද්දී උද්ඝෝෂණය කරන පිරිස අතර සිටි කාන්තාවක් පැමිණ ඔවුනට එරෙහිව කතා කරන්නට වූවාය.
‘ඔයාලා බීගෙන මෙතන එන්න එපා.‘ යැයි කාන්තාව කීවාය.
‘අපි ඔයාලගේ සල්ලිවලින් බිව්වේ නැහැනේ.‘ යැයි විරෝධතාවට එරෙහිව අදහස් දැක්වූ පුද්ගලයෙක් කීවේය.
විනාඩි 10ක් පමණ වචන හුවමාරුව සිදු විය.
විරෝධතාවට එරෙහිව අදහස් දැක්වූ පුද්ගලයාගෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න අසද්දී ඔහු අනෙක් පුද්ගලයාද සමග යන්නට ගියේය.
විරෝධතාවයෙන් පසු අදහස් දැක්වූ ජූඩ් නිශාන්ත පෙරේරා මහතා මෙසේ ද කීවේය.
‘මහින්ද මහත්තයාගේ කාලේ වතුර ඉල්ලා උද්ඝෝෂණය කරද්දි අපට වෙඩි තිබ්බා. මටත් වෙඩි වැදුණා. වතුර ඉල්ලපු අපට වෙඩි තිබ්බේ. අද වෙනකම් රාජපක්ෂ මහත්තයා අපි දිහා බැලුවේ නෑ. අපට වන්දියක් දුන්නෙත් නෑ. එදා එන්න බැරිවුණු ජනාධිපති රාජපක්ෂ මහත්තයා ඇයි අද රතුපස්වලට එන්නේ? අපේ තුන් දෙනෙකු මැරුවට පස්සේ ශෝකයක්වල් පළ කළේ නැති ජනාධිපතිවරයා රතුපස්වලට එනවට අපි කැමති නෑ. ‘
වෙඩි වැදුණු පෙරේරා මහතා මෙසේ කීවේය.
‘මට වෙඩි වැදුණා. දත් තරක් කැඩිලා කැඩිලා ගියා. මේ නිසා මම ගොඩක් දුක් වින්දා. කිලන් හිටපු ජනාධිපතිතුමා අපේ ගමට එනවා කියා අපට ආරංචියි. අපි ගැන පොඩ්ඩක්වත් සොයා නොබලපු හිටපු ජනාධිපතිතුමා දැන් රතුපස්වලට එන එක ගැන අපි කණගාටු වෙනවා.‘
(ඡායාරූප හා වීඩියෝ තරිඳු ජයවර්ධන)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ සෙනග ... (ර)
බණ්ඩාර මත්තයෝ සෙනග ඉන්නේ නැත්තේ හැංගිලා ඇති නේද අපට හිනා මේ බොරු වලට. (ර)
වතුර ප්‍රශ්නෙ නිසා මිනිස්සු ගම දාල ගිහිල්ලා. මේ ඉතුරු වුන අය තමයි විරෝධය පාන්නෙ... (ර)
ඔන්න සෙනග... (ර)
නන්දපාලට ගෝල්ඩ් කොයින්ස් දෙන්න වටිනවා කියපු කතාවට. මේවට කියන්න වෙන්නේ "නරිනාටක" කියලයි. (ර)
දැන් කම්හලත් නැහැ, ඉල්ලපු වතුරත් නැහැ, තිබුන රස්සාවල් ටිකත් නැහැ. කොහොමද ඉල්ලපු වෙනස. සේරම ලැබුනා. හිතේ දුකට මෙහෙම වත් නොකර මොනවා කරන්නද.? (ර)
මේ අය රවට්ටන්න හදන්නේ කාවද? මුළු මහත් රතු පස්වලටම ඉන්නේ ගම්මු පස් දෙනාද? (හේ)
ඔහොම නොවුනොත් පුදුමයි.(හේ)
විරෝධය දක්වන්නේ නැතුව පුළුවන්ද?(හේ)
වස නැති වතුරක් වස කල වරද. (ර)
රතුපස්වල අහිංසක මිනිසුන්ට කළ දේ තමයි මහින්ද රාජපක්ෂට පටිසන් දුන්නේ. ඔය පටන්ගැන්ම විතරයි. (නි)
උසාවි ගියා නම් දත් 4 ට ලැබෙන්නේ රුපියල් 6000යි. එ්කෙනුත් 5000ක් නීතිඥයට දුන්නහම තියෙන්නේ 1000යි. දැන් ඔය ඔප්පු කරලා තියෙන්නේ වතුර වල එහෙම වස විසක් නැහැ කියලා. (නි)
මහින්දලා හා රනිල්ලා වෙනුවෙන් කඩේ යන මිනිස්සු රටේ පොදුජන ගැටලුවලට සංවේදී වෙන්නේ නෑ කවමදාවත්. (ර)
මහින්දටත් තම රජයෙන් වෙඩි කෑ ජනතාවක් මේ පළාතේ ඉන්න බව පමාවෙලා හරි මතක්වෙලා තිබෙනවා. ඒ වුණාට එයා මේ පළාතට ආවේ දේශපාලනය කරන්න මිස, මියගිය අයගේ පවුල්වල ජීවත්වන අයගේ දුක සැප බැලීමට නොවේ. (නි)
වතුර නෙමෙයිනේ දුන්නේ වෙඩිනේ.(හේ)
මේ ගැන කියන්න දෙයක් නෑ.(හේ)
දැන් හැම තැනම වෙඩි එදා එහේ විතරයි අද හැම තැනම පාතාලයෝ වෙඩි තියනවා.(හේ)
පේන විදියටනම් මුදල් ගෙවා ප්‍රචාරය කරපු එකක් වගේ.සංවිධායකයෝ හරියට වැඩේ කරලා නැ. කළුකොඩිත් දාල තියෙන්නේ එක වැලයි.අන්තිම පොටෝ එකේ ඇන්ටිගේ ෆියිල් එකත් නැ. (හේ)
දුක තමයි මොනා කරන්නද?(හේ)
ඒ මිනිස්සු කියන්නේ ඇත්ත (නි)
දවසට කුලියට ගත්ත සොච්චමක් විතරයි. (බ)
ඇන්ටි කීවට ඇය අාන්ටියක් නොවේ පාතාලේ බිරිදක් පේන්නැද්ද මරුමුසු පාට (බ)
මැය කරන්නේ ලොකු වරදක් අත්අඩංගුවට ගත හැකි වරදක් ප්‍රසිද්ධියේම තර්ජනය කිරීම (හේ)
සාධාරන තරහක් තියෙනවා. මාත් මහින්ද පාක්ෂිකයෙක්. (බ)
කෝ මිනිස්සු .පව් කියලත් හිතෙනවා අපේ මිනිස්සු ගැන . දැන් උද්ඝෝෂනයත් බාල්දු කරනවා .(කෞ)
බොරුවට මහින්දට නොබැන යහපාලනයට පරීක්ෂණයක් කරන්න කියන්න (බ)
රතුපස් වල ජලයේ ප්‍රශ්නයක් නැහැ කියලා උසාවියට වාර්තාව ඇවිල්ලා තියෙන්නේ. අද මහින්ද බලයේ නැහැ. බලයේ හිටියා නම් කියයි මහින්දගේ බලයෙන් වාර්තාව වෙනස් කළා කියලා. මේකෙන් වුණේ ගමට රැකියා දුන් ලෝකෙම ජයගත් කම්හල නැතිවෙච්ච එක. එසේම ලංකාවට විදේශ විනිමය අඩුවුණ එක. එයට දැන් කතාකරන්න කවුරුත් නැහැ. ජනතාව පිටුපස ඉන්නා, මැතිවරණයේදී එන්න එන්නම ඡන්ද නැතිවෙන පක්ෂය වගකියන්න ඕනෑ (නි)
මිනිස් ජීවිත තුනක් අහිමි විය. කම්හල වැසී හියේය. රජයක් පෙරලී නව රජයක් බලයට පත් විය. තීන්දුවක් ද ලැබී ඇත. කම්හල නිසා ජලය අපවිත්‍රවී නොමැත. (බ)
මේ සියල්ල කරන්නේ ප්ලෑන් කරලා.(හේ)
එදා ගම වෙනුවෙන් පාරට බැහැලා වෙඩි කාපු මිනිස්සු විතරයි අමාරුව දන්නෙ. අන්න ඒ අමාරුව හොඳටම දන්න ටික දෙනා වෙන්න ඇති පාරට බැහැලා තියෙන්නෙ. මෙතන සද්දෙ දාන අයට පුළුවන් වෙයිද ඔය වගේ දෙයක් කරන්න? (නි)
ජයරත්නගේ ස්වාධීන අදහස් ගරු කරමු (හේ)
දැන් ගමේ මිනිස්සු ගම අතැරලා යන්න ගිහින් වගේ. හත් අට දෙනයි ගමටම ඉතුරුවෙලා ඉන්නේ! (නි)
අසරණ මිනිසුන්ට "පට පට ගාල" වෙඩි තියන්න නියෝග දුන්නේ කවුද?(හේ)
ලැජ්ජා නැතුව ආයෙත් යනවනේ. මේ අදහස් දක්වපු අයගේ පවුල් වල අයට වෙඩි වැදුනේ නැහැනේ. එ්ක වෙන්න ඇති මේ විදියේ කතා කියන්නේ. (නි)
මොනවද ගහපු ගැහිල්ල රතුපස්වල මිනිස්සු දන්නවා.ගැබිණි අම්මලට,වයකස අම්මලට පවා දෙකේ දෙක පොලු වලින් ගහලා තිබුනා.(හේ)
අර මැද්දට පැනලා ඉන්න යතුරුපැදිකරුට මොකක්ද හැදුන අමාරුව? (නි)
රටක නීතියක් තියෙන්න ඕනි.. වතුර නෙමෙයි මොන ප්‍රශ්නයක් වුනත් පාරවල් වහගෙන මිනිස්සුන්ට කරදර කරන්න දෙන්න බැහැ.. මහින්ද මහත්තයට තිබුනේ, යුද හමුදාව දාන්නේ නැතුව , පොලිසිය දාන්න. මුන්ට කඳුළු ගෑස් ගහල එලවන්න (බ)
අනේ පවු මේ මිනිස්සු. මේ යහපාලානේ හැටි තේරිලා නිසයි මෙතනට මිනිස්සු ඇවිල්ල නැත්තේ. (බ)
සෙනගනම් පේන්නවත් නෑ.(හේ)
මේක ඇගෙන්ම ආ විරෝදතාවක්ද? ඇලි මැලි ගතියෙන් පේනවා. එත් කී දෙනාද? (ර)
අම්මෝ , සූ ගාලා 7 දෙනෙක් ඉන්නවා. මට හොදටම හිනා. (ර)
අනිත් අයට කරදරයක් නැතුව, අහළ පහළ අයට අඬගහලා ඒගොල්ලන්ගේත් වැඩ අවුල් කරන්නේ නැතුව තමන්ගේ මතය සාමකාමිව ඉදිරිපත් කිරීම අගය කරනවා (නි)
පස් දෙනාද රතුපස්වල ඉන්නේ (හේ)
රතුපස්වලදී යුද හමුදාවෙන් සිද්ධ කළ වෙඩි තැබීම් දැකලා නැතිවද කොහෙද මහින්ද මහත්තයා පසුගිය කාලේ කිව්වේ, අපි උද්ඝෝෂණය කල අයට කිරි දුන්නා, කන්න දුන්නා කියලා (හේ)
දැන් ජනතාව ඇත්ත තේරුම් අරගෙන වැඩ කරන බව වැටහෙනු ඇත (හේ)
පසුගිය මහා මැතිවරණයේ ප්‍රතිඵල අනුව නම් රතුපස්වල වැඩි මනාපය තිබුනේ සන්ධානයටයි.(හේ)
ඇත්තම කිව්වොත් මෙහෙම තුන් හතර දෙනා ඇවිත් උද්ඝෝෂණ කලොත් පෙනෙන්නේ දෙන්න යන මැසේජ් එකේ අනිත් පැත්ත. ගමේ කිසිම සහයක් නැහැ වගේ මේ විරෝධයට. (හේ)
මහා කම්මැලි උදාසීන උද්ගෝෂණයක්. කිසිම ආවේගයක් පෙනෙන්න නැහැ .පිරිමි අය කැමරාව දිහා බලාගෙන ඉන්නේ ලජ්ජාවෙන් වගේ. (බ)
තියපු වෙඩි වල හැටියට සෙනගනම් මදි හොඳටෝම !(හේ)
කෝ අපේ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ.? (හේ)
කරපු කැත වෑඩේට මිනිසුන් එන්න දේවියෑ ආවොත් මිනිසුන් නිකන් ඉන්න එකක් නෑතිවේවී (හේ)
මහින්ද මහත්තයාෙග් රැස්වීමට අාව සෙනගත් මේකට දාන්න. එතකාට සන්සන්දනය කරන්න පුලුවන් (බ)
මුලා වුණු බව ජනතාවට තේරෙන්න ඇති. අනේ පව් යහපාලන කට්ටිය. පහර ගහන්න තියෙන දේවලුත් දැන් දැන් ටික ටික නැති වෙනවා. බලන්න මහින්දගේ රැස්වීමට ආපු සෙනග (බ)
සෑබෑ හතුරා හදුනන රතුපස්වල ජනතාවනි ඔබලා සැබෑ විරුවන්ය. (ර)
මෙයාලා දේශපාලන උසිගැන්වීමක් අනුව කටයුතු කරනවා වගේ. (ර)
සූ ගාල සෙනගනේ. මහා පරිමාණ විරෝධතාවක්. (ර)
සු ගාල සෙනග නේ? ඇගිලක් දාගන්න ඉඩක් නෑ. (ර)
මේවට ජනතා විරෝධ කියලා කියනවද? (ර)
ඔන්න කරනවානම් උද්ගෝෂණ කරන විදිහ. කොහොමද සෙනග ? (ර)
මේ බස්වලින් ගෙනාපු මිනිස්සු නොවේ. තම කැමැත්තෙන් ආපු අය. උවමනානම් 70000ක් උනත් ගෙන්න පුළුවන්. (ර)
දැන් ඉන්න කට්ටියට මෙහෙම වැඩක්වත් සංවිධානය කරගන්න බැහැනේ ඉතින් කොහෙද රටට වැඩක් කරන්නේ (බ)
කෝ සෙනග බොරු වපුරනවා නේද මේවාට මටත් හිනා. (ර)
අනේ අපිනම් දන්නේ නැහැ ඕන් කිව්වා. මේ ගොල්ලෝ දැනට අවුරුදු හතලිහක කාලයක ඉඳල කොහෙද දන්නේ නැහැ හිටියේ.. අනේ අම්මපා මෙහෙමත් වැඩ. (ර)
අම්මෝ... ඉන්න සෙනග. (ර)
07 ක් උනත් කොන්දක් තියෙන මිනිස්සු ටිකක ඇවිත් ඉන්නවා. (ර)
මඩ පහරක්, උත්සාහය අසාර්ථක බව පේනවා . සංවිධායක මණ්ඩලය ගැන දුකේ බැහැ. නිකන් පුහු වැඩ කරන්ඩ එපා. මහින්ද මහත්තය ජනතාව අතර ප්‍රබලයෙක් නිකමෙක් නොවේ.වටහා ගන්න. (බ)
බොරු දර්ශන මේවා පුද්ගලික මඩ පහරවල් අසාර්ථක මඩ පහරක්. (ර)
එදා වෙඩි කන්නම් කියල පෙළපාලි ගිය කට්ටිය අද කොයි ? . ඇත්ත තේරුම් ගත්තම එලියට බහින්නත් ලජ්ජාවෙන් ඇති . (හේ)
ගම්වාසීහු..... ගම්වාසීන් ගොඩක් ඉන්නවනේ.? (ර)
රතු පස්වල ජනගහනය කීයද දන්නේ නැහැ .... (ර)
කාට කාටත් මේවා හොඳ පාඩම්.(හේ)
ලැජ්ජාවක් තියනවානම් රතුපස්වල යනවාද (හේ)
මේක මේ දැන් ඉන්න කට්ටියගේ වැඩක්. ඕවා කරලා උසි ගන්නලා ආය නම් එන්න පුළුවන් වෙන එකක් නැහැ. (ර)
බොරුවට ජනතාව රවටල , පෙළපාලි සංවිධානය කරවල , හමුදාවට ගල් ගස්සල , මිනී මරවපු අර චීවර ධාරියාවත් ඇවිත් නැහැනේ . එයාලගේ කොන්ත්‍රාත් එක ඉවර ඇති .(කෞ)
සෙනග කෝ මේවා අසාර්ථක උන මාධ්‍ය සංදර්ශන. (ර)
මහින්ද මහත්තයාට මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරිවෙයි.(හේ)
සු ගාලා සෙනග නේද? (ර)
කුමාර, කොහෙද කුමාර මේ අයට කොන්ද පන තියෙන්නේ? කෝ කොන්දක්? මුනවල් දිහා බලන්නකෝ කුමාර. කොන්ද තියා පනත් නෑ වගේ. මේ කස්ටිය අනිවා අනුන්ට කොස් ඇට බාවල දෙන කට්ටිය. (ර)
මාර සෙනගක්නේ ඉන්නේ. (ර)
කාගේ කොන්දද දන්නේ නැහැ? උසාවියේදී තීන්දු වුනා නේද රතුපස්වල කම්හල නිසා වතුර විසවී නැති වග. (ර)
අර මැරුණු අයගේ දානේ කෑවට පස්සේ ගම වැසියන්ගේ දුක තුනී වෙන්න ඇති එ්කයි වැඩිය සෙනග නැත්තේ..කොහොමත් බඩ පිරුණට පිරුණට පස්සේ මුල අමතකවෙන ගතිය හා අමතක වීමේ රෝගය අපේ අයට තියනවා.දුක දැනෙන්න නම්, ඉතින් එකෙක් මැරෙන්නම ඕනා...නැත්නම් අපායේ හිටියත් කට්ටිය ඉන්නේ නිතරම ජොලියෙන්. (බ)
කොන්ද පණ ඇති එවුන් බොහොම පොඩ්ඩයි (බ)
එතකොට ආවේ 7 දෙනෙක් විතරද අනික් කට්ටිය බැහැ කියන්න ඇති. (ර)
ඒ කිඅන්නේ කොන්ද පන ඇති අය ඉන්නේ 7 දෙනාද ඔය පැත්තේ.? (ර)
වෙඩි තියපු එක වරදක් බව මුළු රටම පිළිගත්තා (බ)
අහ්.. සූ ගාල ගමම පිරිලා විරෝධතාවට! (බ)
ඔව් පාලිත.මේ හත් අට දෙනා බස් එකක් ඕනේ නැහැ. ත්‍රීවීල් එකක් හොදටම ඇති (බ)
සෙනග පෙන්නන මහින්දට එන්න කියන්නකෝ රෙදි ඇදගෙනද එන්නේ .....(බ)
මෙන්න නියම උද්ඝෝෂණ කාටවත් කරදරයක් නැහැ ඔහේ පාඩුවේ කට්ටිය ඉන්නවා පොලිස් මහත්තුරුත් නැහැ සෙනග සු ගාලා 7 ඉන්නවා (බ)
මේක නිකන් ආටක නාටක වගේ නේද (බ)