රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වැසියන්ට යුද හමුදාවෙන් වෙඩි තබා වසර තුනක් පිරීම නිමිත්තෙන් එම ප්‍රදේශයේ ගැටළු සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන කණ්ඩායමක් අද (28) රතුපස්වලට ගියහ.
මානව හිමිකම් කොමිසමෙන් නිකුත් කළ නිර්දේශ අදාළ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කර නැති බව හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බව කියමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව කොමිසම යළි විමර්ශන ආරම්භ කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා සහ විමර්ශන නිලධාරීහු තිදෙනෙක් අද (28) උදේ රතුපස්වල ගොස් විමර්ශන ඇරැඹූහ.
පරිසර හා ස්වභාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී රවීන්ද්‍ර කාරියවසම් මහතා රතුපස්වලට ගොස් සිටි අතර රාජ්‍ය ආයතනවලින් කම්හල සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවල ඇති පරස්පරතාවන් හා වැරදි තැන් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
ගම්වැසියන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම හා මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට ලිඛිතව ප්‍රකාශ ලබා දුන්නේය. සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ සංවිධායක සුරේෂ් පෙරේරා ඇතුළු ගම්වාසීහු රැසක් කොමිසමට තොරතුරු ලබා දුන්හ.
රතුපස්වල වෙඩි තබා තිදෙනකු ඝාතනය කර අගෝස්තු පළමු වැනිදාට අවුරුදු තුනකි.



COMMENTS
මහින්ද මහත්තයත් මඟ එනවා ඇති වෙච්ච විපත්තිය බලන්න (නි)
වටිනා ජීවිත තුනක් අහිමිවිය. කම්හල වැසී ගියේය. කම්හල නිසා ජලය අපවිත්‍ර වූ බවට පැහැදිලි වාර්තාවක් නොමැත. ජනතාවට නැතිවූ දෙයක් මිස ලැබුනු දෙයක් හෝ දිනාගත් දෙයක් නොමැත. දේශපාලකයෝ නම් තවමත් එම මරණ මාකට් කරමින් සිටිති