‘රතුපස්වල සිද්ධිය වෙලා දැන් දවස් ගාණක්. පිළියම් යොදනවා කිව්වට තවම ස්ථිර විසඳුම් ලැබී නෑ. ඒ නිසා වැඩි දෙනෙක් අදටත් බොන්නේ ඇසිඩ් වතුර‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.
‘එක පැත්තකින් කියනවා ආයතනය වහන්න කිවූ බව. ආයෝජන මණ්ඩලෙන් කියනවා ආයතනය එතැනින් ඉවත් කරගන්න කියා දැනුම් දුන්නේ නැති බව.
රතුපස්වල ඇතිවුණු මේ සිද්ධිය යට ගහන්න දැන් විවිධ උත්සාහයන් දරනවා. ආණ්ඩුවේ පිරිස් කියනවා මේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙනවා කියා. පරීක්ෂණ අවසානයේ නිගමනවලට එළඹෙන්න පුළුවන් කියනවා.
එහෙම කියන ගමන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරනවා. එතැන සටනක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ බව කියනවා. පරීක්ෂණ ඉවර නැත්නම් කොහොමද එහෙම කියන්නේ. එතැනම පරස්පරයක් තිබෙනවා.‘
මෙවැනි මෝඩ තර්ක ඉදිරිපත් කරමින් ප්‍රශ්නය යට ගහනවා.
අපි ආණ්ඩුවට කියනවා බොරු බේගල් කියන්නේ නැතිව රතුපස්වල ජනතාවට යුක්තිය ඉටු කරන්න කියා.
සාක්කි ගන්න හමුදා කඳවුරුවලට එන්න කියා සිතාසි නිකුත් කර තිබෙනවා. සිතුසි නිකුත් කර ජනතාවගෙන් සාක්කි ගන්න හමුදාවට බෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහණ,රෙමා,ඔබලාට නම් ප්‍රශ්නයක් නැතුව ඇති.නමුත් මේ අහිංසක මිනිස්සුන්ට බොන්න වතුර නැති එක ගැනත් ටිකක් සාධාරණව හිතන්න පුරුදු වෙන්න. (නි)
අච්නි ඔයා හරි.අපිට අඩුවකට තිබුනේ එච්චරයිනෙ නේද? (නි)
මේ මහත්තයෝ මෝඩ කතා කියන්න එපා. ඇසිඩ් වතුර කියන්නේ මොනවාද කියලා ඔයා දන්නවද? දැන් මිනිස්සු 88/89 ට වඩා බුද්ධිමත්. තේරුනාද? (ස)
රතු පස්වල වතුර ප්‍රශ්නයේදී විපක්ෂය දඩමීමෙක් වගේ ආණ්ඩුවට අනින්න හදනවා වගේ.එහෙත් ආණ්ඩුව කලට වෙලාවට මේකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට පෙනී යන්නේය (නි)
ඔන්න ඉන්නවා තුන්වෙනි පාර්ශවය.. (නි)
අනේ හේරත් මහත්තයෝ, පොඩ්ඩක් ඉවසන්න. ඒ වැඩ ඉක්මනට වෙයි, මොකද ජනතාව බලාගෙනනේ ඉන්නේ. (නි)
ඇයි මේ තත්ත්වය දැනගෙනත් උද්ගෝෂණයට හේරත් සහෝදරයල නායකත්වය නොදුන්නෙ මර්ධණයට බය වෙලාද ? (දී)
මන්ත්‍රීතුමා ඒ ගැන පැහැදිලි කිරීමක් කලොත් අපටත් දැනගන්න එක්ක, බොහොම වටිනවා. (නි)
බන්දුල, ඔය තුන්වන පාර්ශවය මෙතෙනට කිට්ටු උනේ වැඩේ බොහොම දුර ගියාට පස්සේ. ඒකෙ වාසිය ගන්න.දැන් ප්‍රවෘති සාකච්ඡා කරමින් කොළ කැලි පෙන්වමින් වීරයෝ වෙන්න හදනවා. එදා එතන හිටියේ දේශපාලන පක්ෂයට සීමා වෙච්ච පිරිසක් නොවෙයි. අසාධාරණයට ලක්වෙච්ච උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දුන් ගම් කිහිපයක වැසියෝ පිරිසක්. මේ කට්ටිය දැන් බොරුවට එලියට පැනගෙන උඩු බුරනවා. උවමනා වෙලාවට කොහෙද හිටියේ? බොරු කාරයෝ.මේ ගොල්ලෝ හැමදාම කලේ ඕකනේ. (අ)
ඕවට කෑගැහුවා කියලා ලොක්කන්ට ගානක් නැහැ. ඕවා බොන්නේ ඒ ගොල්ලෝ නෙමෙයිනේ.අපේ මිනිස්සුත් මේවට රැවටෙනවා හැමදාම. මට ඒකයි දුක (නි)
අයියෝ! දැන් ජැක්සන්ගේ අයියාත් ආවනේ. ඕක අමතක කරලා සතුටු වෙමු. අපිට වෙන ප්‍රශ්න නැහැ නේ ........ පහුගිය දේවල් ගැන හිතන්න එපා (නි)
ඒ පැත්තේ ගියාද: දැක්කේ නැද්ද බට දානවා වතුර දෙන්න. වක්කඩක් කැඩුවා වගෙයි වතුර දෙන්න බෑනේ මහත්තයෝ. ඒක නිසා බොරු කියන්න එපා. (ස)
කිරිපිටි , වතුර බොන්න බැරි මේ මනරම් පුරේ මේ මනරම් සමේ යලි උපදින්නට මතු වාසනා! (නි)
ලුම්බිණි, කිරිපිටි වල විස තියෙනවා කියන කතාවේ සත්‍ය අපි දැන් දන්නවා. (නි)
අපි තවම තුන්වන ලෝකයේ (නි)
කට්ටිය තුන්වන පාර්ශවය ගැන ඇහුවා නේද? දැකලා නැත්නම් අහලා නැත්නම් බලාගන්න තුන්වන පාර්ශවය.අවුලක් කොතනද..ඒක පිටිපස්සේ මෙයාලා ඇති අනිවාර්යයෙන්. (නි)
රෝහණ .....ඔච්චර කඩේ යන්න එපා.එතකොට ගම මැදට බට දාන්නෙ ඔයාද?. නොමිලේ බෙදපු වතුර ටික හෙට වෙද්දී සල්ලි වලට තමා බොන්න වෙන්නේ.....නොදන්නා දේවල් වලට කට නොදා ඉන්න රෝහණ........ඔයාලා වගේ එක් කෙනෙක් ඇති මුළු ගමකටම කඩේ යන්න......(ස)
මේ අයට සිල්ලර කඩයක් කරගන්න බැරි වුනාට කතාව නම් දෝලාවෙන්. ඔක්කොම අවුස්සලා තියලා දැන් බණ කියනවා. (ස)
වැසිකිළි පෝච්චියෙනුත් වතුර බොන්න පුළුවන් බටයක් ඩෙන්මාර්කයේ හදලා. අපේ අය හැමදාම හදන්නේ මිනිස්සු ගොනාට අන්දවන්න. අලුතින් යමක් හොයාගෙන තමන්ගෙ ප්‍රශ්න විසඳාගන්න තරමට නැතත් කාටවත් පිංසෙන්ඩු වුනාටවත්, අරක දීපියව් මේක දීපියව් කියපු පලියටවත් කිසිවක් නොලැබෙන බවවත් වටහාගන්න තරම් බුද්ධියක් ජනතාවට තියෙන්න ඕනෙ.(ස)
සියලුම පක්‍ෂ එකමුතුවී මෙවැනි අවස්ථාවක නොබෙදී ක්‍රියා කල යුතුයි.අපි කවුරුත් එකතුවෙලා සියලු දෙනාගේම හොඳ අදහස් අරගෙන මේකට පිළියමක් යෙදුවානම් තමා හොඳ. මොකද අපි ඔක්කොමලාම එකම රටේ උදවිය.(ස)
නිකන් බීපු වතුර ටිකට දැන් සල්ලි ගෙවපල්ලකෝ වැලිවේරියේ දේශප්‍රේමින් ටික . මතක ඇතුව ඡන්දෙත් දෙන්න. තව මොන මොනවා හරි ලැබෙයි. (ස)
කිරිපිටි තහනමට තියෙන කලබලේ විෂ වතුර බීම නවතන්න නැහැ වගේ. (ස)
වර්ජන යුගය අවසන් කරන්න කාලය ඇවිත්. ගමේ පන්සල මුල් කරගෙන සාකච්ඡා මාර්ගයෙන් විධිමත් ආකාරයකට ප්‍රශ්ණ නිරාකරනය කරගත යුතු වැඩපිළිවෙලක් සකසා කරගැනීම මූලිකයි. (නි)
ආණ්ඩුවෙන් වෙඩි තියනකොට හබැයි හැමෝටම වැදෙනවා, ඒ නිසා මෙවට කල්පනා කරල පිලිතුතරු දෙන්න,සමහර අය මොකද මේතරම් කෑගහන්නෙ මෙම ප්‍රකාසෙට? කඩේ යන අයට හරියට රිදෙනව වගේ, (අ)
මේ ගැටලුවට හරි පිළිතුරක් ලැබෙන්න කාලයක් යාවි. ප්‍රශ්නේ අත්විදින ජනතාව තමයි එක දන්නේ. අපේ රටේ පිරිසිදු වතුර නැතුව දුක්විදින වෙනත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් එක දේශපාලඥයෙක්වත් මෙතුවක් කාලෙකට කතා කලාද? අනුන්ගේ ප්‍රශ්න වලින් ලාභ ප්‍රයෝජන දේශපාලන වාසි ගන්න දඟලන අය දැන්නම් බොරුවට කෑගහනවා.(අ)