ගම්පහ රතුපස්වලදී පසුගිය පළමුවැනිදා යුද හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමේදී මිය ගිය තිදෙනාගේ මරණ පරීක්ණ ගම්පහ මහෙස්ත්‍රාත් උදාවියේදී අද (08)උදේ ඇරැඹිණි
ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා අන් සියලු නඩු අතිරේක මහෙස්ත්‍රාත් උසාවියට යොමු කැර මෙම නඩුවේ සාක්කි සටහන් කැර ගැනීමට පියවර ගත්තේය.
ගම්පහ වැලිවේරියේ අකිල දිනේෂ් (17), නැදුන්ගමුවේ ෂමිල රවිෂාන් (19) සහ ගම්පොළ උඩහේන්තැන්නේ නිලන්ත පුෂ්පකුමාර (29) මෙම ගැටුමෙන් මිය ගියේය.
මියගිය තිදෙනාගේ නෑයන් සිව් දෙනකු ද පොලීසියෙන් එක් අයකු ද සාක්කියට කැඳවන බව පොලීසිය දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ කරන්න දෙයක් නැත ඔවුන් විසින් වෙඩි තබාගෙන ඇත. හෙනගහනවා කරපු අපරදෙට.
ඇයි මේ පරීක්ෂණ? ඇත්ත ලෝකය දන්නවා..... (නි)
ගම්පහ උසාවියෙන්වත් සාධාරණයක් වෙනවා නම්.... අපි බලමු. (නි)
මේ අසරණ මිනිස්සු ඉල්ලුවේ වතුර මතක තියා ගන්න (දී)
අසරණයන් වෙඩි තියලා මරන්න උදව් කළ හැම කෙනෙක්ම විදවන්න ඕනෑ (නි)
මොනවා වුණත් කළකම් නම් පල දෙනවා (නි)
මොනවද මේ අහන්නේ? (නි)