IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රතුපස්වල මාධ්‍ය ලේකම්ට ගහලා?

රතුපස්වල පරිසර කමිටුවේ මාධ්‍ය ලේකම් එම් කුමාරදාස මහතාට ඉරිදා (17) සවස පහර දුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි කියමින් ගම්මු 200ක් පමණ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව අසලට රැස්ව සිටිති.

රතුපස්වල ජල සටනෙන් ඉවත් වන ලෙස තමාට මරණ තර්ජන කළ පුද්ගලයකුට තම සංවිධානයේ මාධ්‍ය ලේකම්ට පහර දුන් අය අතර වෙතියි එහි ප්‍රධාන සංවිධායක සුරේෂ් පරේරා මහතා කියයි.

මේ වන විට එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සෙසු සැකකරුවන් දෙදෙනා පැය 24ක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගන්නා බවත් ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා මීට ටික වේලාවකට පෙර රතුපස්වල කම්හල අසලට ගොස් ගැමියනට පොරොන්දු විය.

පහරකෑ කුමාරදාස මහතා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු රතුපස්වල ජල සටනේ ඉදිරියෙන්ම සිටි ගැමියෙකි.

(වීඩියෝ සහ ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

 



අදහස් (0)

රතුපස්වල මාධ්‍ය ලේකම්ට ගහලා?

ජයන්ත Tuesday, 18 February 2014 09:34 AM

අනේ කර්මාන්ත ශාලාවෙන් භාගයක් අයින් කරලත් ඡන්ද ටික ගන්න බැරි හැටියක්! (දී)

:       0       0

කුමාර Tuesday, 18 February 2014 09:34 AM

චන්දෙ ලැබෙයිද ඉතින් (දී)

:       0       0

තුසිත Tuesday, 18 February 2014 09:34 AM

චන්දෙ කාලේ එනකල්ම හිටියද අයින් කරන්න (දී)

:       0       0

කුමාරි Monday, 17 February 2014 05:42 PM

කම්හල වෙන තැනකට අරන් ගිහින්වත් මේ ප්‍රස්නේ ඉවර නැද්ද? මේක නික හිගන්නාගේ තුවාලේ වගේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site