කොළඹ කොටුව දුම්රියපොල අභියස පැවැති උද්ඝෝෂකයින් ඉදිරිපත් කරන ලද ලිපියට පැය විසිහතරක් තුළ ප්‍රතිළුල ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධාරීන් ප්‍රකාශ කළත් මේ වන තුරුත් ඒ පිළිබඳව පිළිතුරක් ලබා දී නොමැති බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේය.
‘වැලිවේරීය රතු පස් වලදී සිදු වුයේ සෘජු ලෙසම ජනතා ඝාතනයක් බව අපි යළි යළිත් අවධාරණය කරනවා පසුගිය සැප්තැම්බර් 14 වැනිදා එක්සත්ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානත් සමගි බලවේගය ලෙස එකට එකතු වී කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී රතුපස්වල සිද්ධියට විරෝධය දක්වමින් දැවැන්ත විරෝධතා වැඩසටහනක් කළා.
රතුපස්වල ඝාතනයට අණ දුන්නේ කවුදැයි ප්‍රකාශ කරන ලෙස එහීදී අප ඉල්ලා සිටියා .එම ඝාතනයන්ට වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් අහිංසක ජනතාව වෙනුවෙන් විධිමත් සැලැසුම්සහගත ලෙස ජලය සැපයීමේ දිර්ඝකාලීන වැඩසටහනක් ආරම්භකරන ලෙසත් අපි එහීදී අවධාරණය කළා.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම හැසුරුනත් ඔය කාට කාටත් රෑට හොඳ නින්දක් නම් නැති බව මම දන්නවා. කොහොමද දෙවියනේ හෘද ශාක්ෂියට එරෙහි වෙන්නේ. (අ)
දැන්නම් ප්‍රශ්නය අවුල් වෙලා ඉවරයි (නි)
අනේ අර කුණු ලොරි හරස් කරගෙන පාරවල් වහලා තියෙන ඒවත් ගිහින් බලන්නකෝ, වැඩ දුර දිග යන්න කලින් (නි)
අපරාදේ.මේ මිනිස්සුන්ට මොළය නැහැනේ.බලමු මේ පළාත් සබා මැතිවරණයෙන්වත් රැල්ල පටන් ගන්න පුළුවන් වෙයිද කියලා (නි)
සිද්ධිය අහපු අපිට ඔය වෙලාවෙම බොහෝ දේ තේරුණා (නි)
මේ මේ දන්නවද වැඩක්. මෙන්න අපේ පැත්තේ වතුරවල පී එච් අගය 3.7 යි. අපි අද ඉඳලා අපේ ලිඳෙන් වතුර ගැනීම නතර කළා. නල ජලය බොනවා. නොමිලේ ගත්තු වතුරට අද ඉඳලා සල්ලි ගෙවන්න වෙනවා. කොහෙද දන්නවද,? මේ බියගම වෙළඳ කලාපය අවට. බලධාරිනී, විහිළුවක් නොවෙයි, මේ පළාතේ ළිං ජලය කඩිනමින් පරීක්ෂා කරන්න. (නි)
තමන්ගේ දේශපාලන වාසියට අහිංසක ජනතාව බිලිදුන්නේ කව්ද? (නි)
මහජනය, රජය, හමුදාව, පොලීසිය මේ කවුරු ගත්තත් හරියි කියන්න මෙතන කවුරුත් නැහැ. දැන් බොරදියේ මාලුබාන අය නම් ඉන්න බව පේනවා (නි)