නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම නිසා ගම්පහ රතුපස්වල නඩුව අප්‍රේල් 24 වැනි දා තෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා විසින් කල් තැබිණි.
රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිත්‍ර වන බව කියමින් උද්ඝෝෂණ පැවැති සමයේ එම කර්මාන්ත ශාලාව නිසා පරිසරය අපවිත්‍ර වන්නේදැයි සොයා බැලීමට ආයතන කිහිපයකින් වාර්තා කැඳවන්නැයි ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතා විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ අනුව අදාළ වාර්තා කැඳවන ලෙස අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා නියෝග කළ අතර එම වාර්තා ලැබී ඇතැයි ගිය නඩුවාරයේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඡන්දෙ ඉවර වෙනකම් ඔය කිසි වාර්තාවක් ලැබෙන්නේ නැහැ (දිල්)
දැන් මේ කර්මාන්ත ශාලාව වහල නේද..? තාමත් වතුර ඇසිඩ් ගතිය තියෙනවද.....? (අ)
මේ ජනවාරි. එතකොට ඊළඟ නඩු දිනේ අප්‍රියෙල්. මේ විදියට නඩුවේ තීන්දුව ගන්න යන්න වෙන්නේ දැන් නඩුවේ ඉන්න අයගේ ළමයින්ට (දිල්)