රතුපස්වල රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් ආයතනය හා සම්බන්ධ මේ දක්වා ඇති පැමිණිලි සියල්ල විමර්ශනය කර අවසන් කිරීමට ලබන විසි දෙවැනිදා සවස තුනට ගල්ඔළුව ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයට එන බව ගම්පහ සහකාර පොලිස් අදිකාරී චන්දන කොඩිතුවක්කු මහතා විසින් එහි විහාරස්ථානාධිපති තෙරි පැහැ සිරි ධම්ම හිමියන්ට අද ලිඛිතව පොරොන්දු විය.
ඔහු එසේ පොරොන්දු වූයේ කම්හලේ සිද්ධියේදී ගැමියන් හා එක්වූ එකම භික්ෂූන් වහන්සේ වන තෙරිපැහැ සිරි ධම්ම හිමියන් පොලිසියේ කැඳවීම මත සිය නීතිඥයන් සමග වැලිවේරිය පොලීසියට ගිය අවස්ථාවේදීය.
රතුපස්වල ගමෙහි ගැමියන් අතර සමගිය නැති කර ගම දෙකඩ කිරීමට කම්හලට හිතැති පිරිසක් ක‍්‍රියා කරන බවත් තමන් වහන්සේට සහ තමා වටා රොක්වී සිටින ගැමියන්ට විරුද්ධව ඔවුන්ගෙන් ලැබී ඇති පැමිණිලි, ගම් වැසියන් අතර සාමය ආරක්ෂා කරන අයුරින් කඩිනමින් විසදන මෙන් මෙහිදී සිරිධම්ම හිමියෝ පොලිසියෙන් ඉල්ලා සිටියහ.
එසේම පසුගිය 12 වෙනිදා තම විහාරස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් තමන් වහන්සේට විරුද්ධව ඇති පැමිණිලි විභාග කිරීම සඳහා අද 14 දින පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුන බවත් නැවත 13 වෙනි දින පොලිසියට පැමිණීම අවශ්‍ය නැතැයි කියා ලිපියක් ලැබී තිබීම ගැටළු සහගත තත්වයක් බවත් මෙහි තේරුම කුමක්දැයි ඒ හිමියෝ පොලිස් අධිකාරීවරයාගෙන් විමසූහ.
එහිදී සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පැවසූවේ සිරිධම්ම හිමියන් කට උත්තර ලබා දීමට පොලිසිය ඒමට අවශ්‍යතාවයක් නැති බවත් කට උත්තර ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ව විහාරස්ථානයට එවන බවත්ය.
එවිට සිරිධම්ම හිමියන් පැවසූවේ එය තමන් වහන්සේ වෙත ලිඛිත ප‍්‍රකාශයකික් අවශ්‍ය බවයි.
මෙහිදී තවත් ගම් වැසියෙකු සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා සිටියේ දේශපාලන පක්ෂයක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු මෙහි ප‍්‍රශ්න ඇති කරන බවත් ඒ පිළිබඳවද සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙසයි.
පසුව සියල්ලන්ගේ කැමත්ත අනුව ලබන 22 ඉරිදා සවස තුනට වෙනිග්‍රොස් ආයතනය හා සම්බන්ධව මේ දක්වා පොලීසියට ලැබී ඇති සියළුම පැමිණිලවල පැමිණිලි කරුවන් හා වග උත්තරකරුවන් අතර පැමිණිලි විමර්ශනය කර අවසන් කිරීමට කටයුතු කරන බැවින් ඒ සම්බන්ධ පැමිණිලි වලට සිරිධම්ම හිමියන් නැවත පොලීසියට පැමිණීම අවශ්‍ය නොවන බව දන්වා පොලිස් අධිකාරීවරයාගේ අත්සන සහිත ලිපිය ලබා දීමෙන් පසු සිරි ධම්ම හිමියන් ඇතුළු ගැමියෝ පොලීසියෙන් පිටව ගියහ.
සිරි ධම්ම හිමියන්ට පක්ෂව පැමිණි ගැමියන් රැසක් පොලිස් ස්ථානය වටා රොක්ව සිටි අතර ඒ හිමියන්ට විරුද්ධව කිහිප දෙනෙක්ද එහි වූහ.
පොලිසියට ඇතුළුවන ගේට්ටුව අසලදී සිරිධම්ම හිමියන් මාධ්‍ය අමතද්දී එම දෙපිරිස අතර යම් උනුසුම්කාරී වචන හුවමාරුවක්ද ඇති විය.
එම අවස්ථාවේ සිරිධම්ම හිමියන් මාධ්‍ය අමතමින් පැවසූවේ.
අපි අතර භේද භින්න ඇති කරලා මේක දියාරු කරන්න විවිධ කොටස් යම් යම් වැඩ සටහන් ක‍්‍රියාත්මක කරනවා. පහුගිය දවසක මහා සංඝයා වහන්සේලා ගම්පහ කච්චේරියට එකතු වෙලා මේක දියාරු කරන්න උත්සහ කළා. උන් වහන්සේලාටත් පුළුවන්කමක් නැහැ සත්‍ය කියන දේ වහන්න. කාගේ හරි මුදලකට යටවෙලා හරි කීමකට හරි තමයි එදා ඒ රැස්වීම කැඳවලා තියෙන්න ඇත්තේ. මේ අය මේ ගිනියන ව්‍යාපාරය මොකක්ද, ඒක මහ නායක හාමුදුරුවරු දැනගන්න ඕනේ. මහ ජනතාවගේ ජීවන අරගලය, දුක්විඳින ප‍්‍රශ්න තේරෙන්නේ නැද්ද. මේ ජනතාවට ඇතිවෙච්ච විපත්තිය තේරුම් ගන්න බැරිනම් මොකක්ද මේ චීවරයේ තියෙන ගෞරවය.
ඒත් එක්කම ඊ ලගට දේශපාලන අධිකාරිය විවිද මත ගෙනාවා. යම් යම් අය මුදල් විසි කළා මේක දියාරු කරන්න. ඒත් බැරිවුනා. දැන් වැඩ පිළිවෙල යන්නේ ගමේ මිනිසුන් කොටවලා තියන්නයි. අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. සියළු දෙනාම මේ වෙලාවේ බුද්ධිමත් වෙන්න ඕනා.
මෙතන දේශපාලනයක් නැහැ. මේ ඔක්කොම ගම්වැසියෝ. මෙතන ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා, ආණ්ඩු පක්ෂයේ අයත් ඉන්නවා. මේ සියළු දෙනා ප‍්‍රජාතන්ත‍්‍රීවාදී රටක ර්‍ලාංකීය පුරවැසියෝ.
ඒ නිසා සියළු දෙනා එකට එකාවන්ව එකම ප‍්‍රශ්ණයක් තුළ ඉන්න ජනතාවක් හැටියට පෙළ ගැහෙන්න කියලා මම පණිවඩයක් දෙනවා.
වැලිවේරිය ප‍්‍රදේශයේ ඉන්න කතෝලික බැතිමතුන් මේ සිද්දියේදී සෘජුවම සහයෝගය ලබා දෙනවා. බෞද්ධ අබෞද්ධ සියළු දෙනාගේ සිට පුංචි දරුවාගේ සිට මහල්ලා දක්වා සහයෝගය ලබා දුන්නා.
මෙතන කිසිම වෙනත් පාර්ශවකරුවන් නැහැ. ජනතාව ස්වාධීනව මේ හාමුදුරුවන් සමග එකට එකතුවෙලා ඉන්නේ ප‍්‍රශ්නෙට විසදුම් සොයන්නයි.
අපි හැම දෙනාටම කියන්නේ මේ ප‍්‍රශ්ණයට නිසියාකාර පිළිතුරු ලැබෙන තුරු ඒක දියාරු කරන වැඩ වලට සම්බන්ධ වෙන්න එපා.
අපිට තාම ජල යුද්ධය ඉවර නැහැ. ප‍්‍රධාන පාරවල් වල පමණක් බට ටික එලාගෙන ගිහින් තියෙනවා. කිසිම කෙනෙක් මූලික ගෙවීමක් කරලා වතුර ගන්න සූදානම් නැහැ.
එක එක ප‍්‍රකාශ අපිට ඇහෙනවා. නමුත් අපි ඒවට බයත් නැහැ. සියළු දෙනාටම වතුර දෙන්න ඕනා. කර්මාන්ත ශාලාව මෙතනින් ගිනියන්න ඕනා. අහවල් දිනේදිම වෙනවා කියලා ලිඛිතව ප‍්‍රකාශ කරන්න ඕනා.
අරහෙන් ඉඩම් ගත්තා , මෙහෙන් ඉඩම් ගත්තා, අහවල් දිහාට ගිනියනවා කියන ඒ කතා හරියන්නේ නැහැ.
26 වෙනිදාට මේ සම්බන්ධයෙන් නඩුව තියෙනවා. එදාට නියම තීරණයක් අපිට ලබා දෙන්න. මහජනතාවට මේ විදියට හැමදාම රස්තියාදු වෙන්න බැහැ.
කම්හල නැවත ආරම්භ කරන බවට යම් යම් ප‍්‍රකාශ නිකුත් වීම නිසා කම්හල ඉදිරිපිට පසුගිය 30 වෙනිදා යලි විරෝධතාවයක් ඇති වුනා. ඒ අවස්ථාවේදී එහි සිටි සේවකයන්ට යම් යම් ගැටළු මතු වුනා. කාගේ හෝ බලපෑම මත ඔවුන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මෙසේ පැමිණිලි කර තිබෙන්නේ ගමේ මිනිස්සු අතර තියෙන සමගිය නැති කරන්නයි. මේ හේතුව නිසා එකම ගෙදර මිනිස්සු භේද බින්න වෙන තත්වයක් ඇති වී තියෙනවා.
මේ සම්බන්ධයෙන් විභාග කරන්න මට 14 වෙනිදට පොලිසියට එන්න කියලා කැඳවුම් ලිපියක් මුලින්ම ලැබුනා. නැවතත් ලිපියක් ලැබිලා තියෙනවා 13 වෙනිදට එන්න එපා කියලා. මේක අවුල් සහගත නිසා තමයි මම අද පොලීසියට ආවේ.
මම ගම්වැසියන්ට කියන්නේ කිසි කෙනෙක් අසමගි වෙන්න එපා. මහජනතාව දැනගන්න ඕනා මෙවැනි ප‍්‍රශ්න ඇතිවුනාම සාමකාමීව විසඳාගන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කව්රුත් ආණ්ඩුවට කඩේ යන අය නැහැ. ගොට්ට අල්ලන අයට මේවා පෙන්නේ දේශ ද්‍රෝභී වැඩ වගේ. අසරණ කොල්ලොත් මරලා ඒවා ගැන කම්පා නොවී බොරුවට දේශපාලනයක් ඇදගන්නා එපා. අර මාධ්‍ය සාකච්ඡා තිබ්බ හම්දුරුවරු තමයි නියමෙට කඩේ ගිය සෙට් එක.(නදී)
අහසින් වැටුණු මිනිස්සුන්ට ඡන්දෙ දිලා ගම්පහ අපි හොදට කාල ඉන්නේ. අර 205 වතුරුගම පාර කාපට් කරන ප්‍රොජෙක්ට් එක දැක්කම කතිරේ ගහපු අත කපාගන්න හිතෙනවා. ඒ පාරේ බල්ලෙකුට යන්න බැහැ. අනිත් එක වතුර ප්‍රස්නෙන් දුක් විදිනවා.(නදී)
සිදුවීම දෙස වෙනින් කෝණයකින් විමසීම කඩේ යාම සේ පෙනුනත් සිතා බැලිය යුතු කාරනා බොහොමයි.රතුපස්වල අවට ජලයේ කිවුල ක්‍රමයෙන් වැඩිවීම කර්මාන්ත සාලාව නිසා වෙනවද හරියට සොයා නිගමනට එනවා මිස කඩිමුඩියේ ප්‍රධාන පාරවල් අවහිර කරමින් නිතිය අතට ගෙන කටයුතු කිරීම උද්ගෝෂණය නරක ප්‍රවේශයක්. පවතින ආණ්ඩුවේ වැරදි අඩුපාඩු නොතිබෙනවා නොවෙයි, අද ඊයේ උපන් බබාලා නොවෙයිනම් දැනගත යුතුයි පසුගිය දසක කිහිපයේ ලංකාවේ දේශපාලන පසුබිම. නිකම් උඩ පන්නින්නේ ඇයි විසදුම් සෙවිය හැකි ඉඩ කඩ කොතෙකුත් තිබියදී. (දී)
හාමුදුරුවෝ නැති වුනා නම් බලන්ඩ තිබුනා රතුපස්වල අහිංසක ජනයාට වෙන්ඩ තිබුනදේ. ආණ්ඩුවේ පැත්ත නොගෙන මහජනයාගේ පැත්ත ගත්ත නිසා කඩේ යනවා කියන්නේ හිවල්ලු. හාමුදුරුවනේ. (නදී)
ලංකාවේ බෞද්ද ස්වාමීන්වහෙසේලා නියම වෙලාවට රටට අවශ්‍ය දේ කෙරුවේ නැත්නම් මේක තවත් යුද්ද කඳවුරක් කරාවි බටහිර කට්ටිය. ඉදිරියටත් බෞද්ද දේශපාලකයින් රටට අවශ්‍ය වෙනවා.(නදී)
වසන්තගේ අදහසට මමත් කැමතියි.(නදී)
අද වැලිවෙරියේ මිනිසුන්ට තියෙන එකම හයිය මේ හාමුදුරුවෝ පමණි . ආණ්ඩුවට කත් අදින වසලයන්ට මේක දරාගන්ට බැහැ. ආණ්ඩුව මැදිහත් වෙලා මිනිසුන්ට සාදාරනයක් කරන්නේ නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් එම තැන ගෙන ක්‍රියා කිරීම හරි. ගමේ මිනිසුන්ට පන්සලේ හාමුදුරුවෝ නැත්නම් යකඩ සපත්තුවට පෑගිලා මැරෙන්න තමයි වෙන්නේ. ගමේ මිනිසුනේ සමගිය බලය වේ කියන එක මතක තියාගෙන වැඩ කරන්න.(නදී)
හාමුදුරුවන්ට ගහන්න කතාකරන බන්දුල පෙරේරගෙ දත් ටික බඩට යවාගන්න දවස නම් වැඩි ඈතක නොවන බව පැහැදිලියි.(නදී)
මට හිතෙන හැටි වැරදිද මන්දා. රාම බන්දු ඩබල කන්නේ බත් වෙනුවට වෙන මොනවා හරි වගේ.(නදී)
මෙතන ඉල්ලීම තියෙන්නේ මහජන මුදලින් සැප විදින්න පාර්ලිමේන්තු යන්න හෝ වෙනත් වරප්‍රසාදයක් ලබන්න නොවේ. තමන්ට නොමිලේ ලැබුණු වතුර ටික ලබාගන්න කරන උත්සහයක්. ඒක අමතක කරන කොටසක් මෙහි සිටින බව පෙනෙනවා. ඇත්ත වශයෙන්ම මහා නායක හිමි වරුන්ට මේ සඳහා මැදිහත් විය නොහැකිද .ලංකාවේ තියෙන කර්මාන්ත ශාලාවලින් වැඩිමහරියක් අප ද්‍රව්‍ය නිසි ලෙස පිරිසිදු කර පිට කරන්නේ නැහැ. අදාල බලදරින් වැඩිම හරියක් මර නින්දේ.(නදී)
තරංග අබුඩාබි, බන්දුල පෙරේරා කියන්නේ අසරණ දුප්පත් මිනිසුන් සමග බද්ද වෛරයෙන් පසු වෙන, දුප්පත් දෙමාපියන්ගේ උගත් දරුවන් සමග බද්ද වෛරයෙන් පසු වෙන මානසික ලෙඩෙක් .මොලේ අමාරු කාරයෙක්. හදවතක් නැති කෙනෙක්.(නදී)
මෙතන කොමෙන්ට්ස් දාල හැමදුරුවන්ට කඩේ යන ඔක්කොම වගේ රතුපස්වල තියා ගම්පහ තියා ලංකාවෙවත් නැතුව පිට රටවල් වල රස්සාවල් කරන රතුපස්වල තියා ලංකාවෙවත් වතුර නොබොන අය. ගොඩක් කට්ටිය බලාගෙන හිටියේ රතුපස් වලින් අරාබි වසන්තේ පටන් ගන්න කම්. මේ හැමදුරුවෝ වටේ ඉන්න කලු කෝට් කාරයෝ ගැන දන්නා මිනිස්සු දන්නවා මෙතන තියෙන දේශපාලනේ. දෝලාවෙන් වැඩියම ජනාධිපතිතුමා කතා කලාම පත්තරවල නම් ගියාම හාමුදුරුවෝ තමන්ට වඩා කෙනෙක් නැහැ කියල හිතාගෙන ඉන්නේ. වදුරට දැලි පිහිය අහු වුනා වගේ හතර අතේ වනනවා. (නදී)
සෙනෙවි මහත්තයා ඉන්ටෙර්නෙට් එකෙන් දත් බඩට අරින ක්‍රමයක් හොයාගෙන වගේ. සතුටුයි, සතුටුයි. ඉක්මනට පේටන්ට් එක ගන්න. නැත්නම් ඔය ක්‍රමේ අනෙක් අය හොරකම් කරයි. ලලිත නෝනෝ, කට්ටිය ඇදගෙන ඉන්නේ. මෙතන තියෙන්නේ වතුර ප්‍රස්නයක් නෙමෙයි. රතු මල්ලිලට මහා නාහිමි වරු අන්දන්න නම් අමාරු වේවි. (නදී)
තම තමන්ගේ පටු දේශපාලන ආකල්ප මත සිට වැඩි දෙනෙක් අදහස් දාල තියෙන්නේ. මට හිතෙන විදියට මේ වගේ ප්‍රශ්න වලදී එහෙම හොද නැහැ. එහෙම වුනහම මිනිස්සුන්ට ප්‍රශ්න වලට පිලිතුරු නොදී දේශපාලකයන්ට පැනල යන්න හැකි වෙනවා. අවසානේ උත්තර නැති අවසානයක් නැති ජිවිත පරිත්‍යාග කරපු අර තරුණයන්ටත් හොද නැහැ. මම හිතන විදියට මේ ගැටලුවට පිළිතුරු පේන මානයට ඔබ ඇවිල්ලා ඉන්නේ. භේද නොවුනොත් රතුපස්වල ජනතාව දිනුම්! බෙදුනොත් දේශපාලකයෝ දිනුම්! තීරණය ඔබ සතුයි.(නදී)
රමෝ ඔයා නොදන්නා ඒවා කතා කරන්න එපා. ඔයා වැලිවේරියට ඇවිදින් වතුර ටිකක් බිලා බලලා ළමයින්ටත් දෙන්න.(නදී)
පෙරේරාගේ දත් ඉතුරුවෙලා තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ හැංගිලා ඉන්න නිසා .එලියට ආව නම් බඩේ තමයි.(නදී)
මෙතන කතා කරන ලියන කිසිකෙනෙක් දන්නෙ නැ වගේ රතුපස්වල තත්වය ගැන බොරුවට නොදන්නා ඒවා ගැන හිතල බොරු කොමන්ට් දන්නා එපා එන්න ඇවිත් බලන්න ..(බැලුම්මහර රත්ත ) (දී)
දේශපාලකයන් වෙනුවෙන්ම කඩේ යන බන්දුල ලා වගේ අයට දේශපාලකයෙකුගේ මූලිකත්වයකින් තොරව සිදුවන මහජනතා සංවිධානය වීමක් අදහාගන්නත් බැහැ. ඒ නිසා එයාලට සිරිධම්ම හිමියන් ගේ මැදිහත්වීම තේරුම් ගන්න අපහසුයි. සිවිල් ජනතා සමගිය කියන්නේ සියලුම පක්ෂ දේශපාලකයින් බිය ගන්වන බලයක්. බුද්ධිමත්ව එම බලය කලමනාකරනය කිරීමට සමතෙක් පහල වෙන්නේ කලාතුරකින්. සියළු පක්ෂ සහ සියළු ආගම් නියේජනය කරන මිනිස්සු එක අරමුනක් වෙනුවෙන් කරන කටයුත්තකට තමයි තේරිපැහැ සිරිධම්ම හිමියෝ නායකත්වය දෙන්නේ. ඔබ සැමට ජයම පතමි. (නදී)
තවමත් මේ දේවල් සාදාරනීකරණය කරන්න හදන අවජාතක තිරිසන් මිනිස්සුනේ. මේ කතා කරන්නේ අපේ රටේ අපේ මිනිස්සු නේද ? මේ මිනිස්සු කියන්නේ බොරුද ? අප්පෙකුට ජාතක වෙලා අම්මෙක්ගේ බඩෙන් වැදුවා මනුස්සකම් දන්නා මිනිස්සුන් විදියට ඇත්ත ඇති සැටියෙන් දකින්න තොපිලගේ ඇස් පැදේවා!(නදී)
බන්දුල, ඔයා නොදන්නා ඒවා කතා කරන්න එපා. අපිටි වතුර බොන්න බැහැ. ඔයා කාටද කඩේ යන්නේ. මෙහේ ඇවිත් වතුර බීලා බලන්න බඩ පපුව දැවිල්ල ගන්න හැටි. පුංචි ළමයි ලෙඩ වෙලා ඉන්න හැටි. ඔයා කතා කරන විදිහ හරිම අසාධාරණයි. එක දවසක ඇවිත් වැලිවේරිය, රතුපස්වල, නැදුන්ගමුවේ ජනතාව තවමත් වතුර නැතිව විදින දුක බලන්න.(නදී)
මෙවැනි වීරයින් මුළු රටටම අවශ්‍ය යුගයක් දැන් එලබිලා තියෙන්නේ.(නදී)
කඩේ යන් නැති අය ඇවිත් වතුර බීලා බලන්න (අ)
ඔබ වහන්සේ ජාතික වීරවරයෙක්.(නදී)
පරිගණකය හරහා විද්‍යුත් මාද්‍ය සන්නිවේදන සහ නොයෙකුත් මාර්ග තිබියදී ඇයි අන්තර් ජාලය හරහා පාඨකයන්වන අපට විනිවිද පෙනෙන වීදුරුවකට මෙම ජළය දමා මෙහි ඇති සත්‍ය සහ අසත්‍ය පෙන්වන්නට බැරි.(නදී)
දැන් මේ වතුර බීල කී දෙනෙක් මැරුණද? කී දෙනෙක් බඩ කට පිච්චිලා ඉස්පිරිතාලෙද? හැමදාම වගේ මම අහන්නේ එක ප්‍රශ්නයයි. පැක්ටරිය වැහුවා කියමුකෝ. පොලවේ වතුර වල වෙනසක් නොවුනොත්? (නදී)
අනේ එදිරිසිංහ ඔය ආම්ලිකතාවය කියන්නේ එහෙම බලන්න පුළුවන් එකක් නෙවෙයි. අනික ආම්ලික වූ පමණින් ජලයේ ආවේනික අවර්ණ බව වෙනස් වන්නේ නැහැ.(නදී)
මේක තමයි අද රටේ ඇත්ත තත්වය. සාධාරණ ඉල්ලීමක් උනත් දේශපාලන බලය යොදාගෙන අසාධාරණ ඉල්ලීමක් බවට පත් කරවනවා. එදා එකට උන්නු ගැමියන්ව මෙදා කැඩුවේ දේශපාලනය කියන වචනේ හයියෙන්. මේ හාමුදුරු නමට හිසනමා මමත් ආචාර කරනවා, සත්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම ගැන.(නදී)
මම දැක්කා සමහරක් අහලා තියෙනවා "ඇයි මේ රතුපස්වල මිනිස්සුන්ට පාරෙ යන වතුර ලයින් එකෙන් සල්ලි දීලා වතුර අරන් පාවිච්චි කරන්න බැරි" කියලා .... තව සමහරක් කියනවා "අපි ගන්නෙත් වතුර සල්ලි ගෙවලා තමයි, දැන් රතුපස්වල අයට වතුර නිකන් දෙන්න ඕනෑද" කියලා .... මිනිසුනේ, තොපගේ ගෙදර තිබෙන ළිඳට වසවිෂ දාලා ගිහින්, ඊට පස්සේ වතුර ඕනෑ නම් පාරෙ වතුර ලයින් එකෙන් සල්ලි දීලා ගන්න කිව්වහම එතකොට කරනෙත් ඒකද .... (නි)
ලංකාවේ ඉන්නා දේශප්‍රේමී හාමුදුරුකෙනෙක් මේ ඉන්නේ.ඉස්සර හිටපු මේ වගේ දේශප්‍රේමී හාමුදුරුවරු නිසා තමයි අපේ ජාතිය අද මෙතන ඉන්නේ. (නි)
රතුපස්වල ජනතාවගේ ප්‍රශ්නය තේරුම් ගත් හිමියනි, ඔබට මාගේ ප්‍රණාමය. ඔබේ උත්සාහය මල්පල ගැන්වී රතුපස්වල ජනතාවට සෙතක් වේවා! (නි)
මේක ජාතියක විනාශය.අවාසනාව.කරුමය.මේ රටේ හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් හැකි කොන්දක් තිබුන මිනිස්සු එදා ඕනෑතරම් හිටියා. නමුත් දැන් අනාගත දරු දැරියන්ට ආදර්ශයට ගත හැකි කොන්දක් ඇති මිනිසුන් දකින්නට නොලැබෙන තරම්ය.මෙය අවසානයේ ලෝකයේ කොදු නාරටිය නැති ජාතියක් ලෙස අවමානයට පත්වීමකි. (නි)
හාමුදුරුවෝ කාට හරි කඩේ යනවා වගේද? . ගමේ ඔක්කොම අය කැමති නම් විරුද්ද අය ඉන්නේ කොහොමද. දැන ගමේ අය බලන් ඉන්නේ කුස්සියට වතුර එනකම් වගේ
අපේ හාමුදුරුවෝ නැත්නම් අපි හොදටම අසරණයි (නි)
මතන අදහස් දාලා තිබෙන සමහර අයට පිස්සුද මන්දා.වැඩ නැත්නම් කාලය නාස්ති කරන්න එපා. (නි)
වාරියපොළ සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවරු වාගේ උදාර හාමුදුරු නමක් වන තෙරිපැහැ සිරි ධම්ම හාමුදුරුවන්ට හැමදාම ජනතා ප්‍රණාමයත්,ගෞරවයත් හිමිවන්නේමය.පරිසරය රැකගැනීම කම්හලක් රැකගන්නවාට වඩා උතුම් ක්‍රියාවකි.උතුම් මිනිසුන් අති උත්තම ක්‍රියාවන් කරන්නේය.එයට අපද දායකවිය යුතුය.(නදී)
වටේ ඉන්න කලු කෝට් කාරයොයි, රතු මල්ලිලා ටිකයි හාමුදුරුවන්ව අන්දනවා. හාමුදුරුවොත් දැන් හිතන් ඉන්නේ තමන් තමයි කෙරුමා කියලා. හැමදුරුවෝ ගමේ මිනිස්සුන්ගෙන් ගුටිකන දවස වැඩි ඈතක නැහැ. අර ජෙනරාල්ට වගේ වටේ ඉදන් අන්දපු එකෙක්වත් අන්තිමට හාමදුරුවෝ ගුටිකන වෙලාවට ඉතුරු වෙන්නේ නැහැ.(නදී)
රාම: විදුලි බිල 100% කින් වැඩිකරන්න යද්දිත් එහෙම කරන්න කියල උද්ගෝෂණය කල අයත් සිටිය බව ඔබතුමාට මතක ඇති බව සිතමි. ඔබ සැමටම ඔබගේ මත ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතත්, මෙහි ඇති ඇත්ත නම්, මෙම හාමුදුරුවෝ සහ පක්ෂ බේදයෙන් තොරව ගැමියන්ගේ එකමුතුවක් නොතිබෙන්නට, බලදාරින්ගේ අවදානය යොමු නොවී 10,000 කට වැඩි ගම්මුන්ට වස වතුර බිබී ඉන්නට තිබුනා. (අ)
එක් ස්වාමීන් වහන්සේ නමක් වත් ජනතාව සමගින් ඉදීම සතුටක්. දැන් ලංකාව එක් අයෙකුගේ රටක් වෙලා. මගේ දමව්පියන්ට මම ස්තුති වන්ත වෙනවා මට කිදහස් ජීවිතයක් හදලා දුන්නට.(නදී)
දැන් ප්‍රශ්න විසදන්නේ නැහැ. කරන්න පුළුවන් එකම දේ ප්‍රශ්න විසදන එක නෙමෙයි එකිනෙකා අතර බේද භින්න ඇති මෙයට මුලික වුන අයගෙන් පලිගන්න එක වගෙයි මේ සිද්ධියෙන් නම් පෙනෙන්නේ.(නදී)
ඕවා ගම්පහ ඉන්න මෝඩයන්ට හොද පාඩම්. මොකද උඩින් වැටෙන අයට ගෙඩිය පිටින්ම දීලා දැන් දුක් විදිනවා. දැන් හොදට හොදි නැතිවම ඉල්ලන් කනවා.(නදී)
ඔන්න එඩිතර ස්වාමීන්වහන්සේ නමක්. ඒ හිමියන් තනි නොකරමු.(නදී)
මේවා නිකන් ප්‍රසිද්ධියට කරන දේවල් .අනේ මටනම් පැහැදිලි නැහැ මොනවා වෙන්ඩ යනවද කියලා.(නදී)
එක පාරක් දැක්කේ නැද්ද
හොඳ හොඳමමයි කවුරු කෙරුවත් .. හොඳ දැකීමෙන් සතුටු වේවා ... වරද වරදයි කාට වුවත් .. සියලු දන නෙත් කන් ඇරේවා.. භොවුතිකව දියුණුව වගේමත්.. අපේ සරු දම් සුරැකි වේවා.. මිනිස්කම ළඟ පාට , පක්ෂය .. පයෙහි දුහුවිල්ලක්ම වේවා.. (දී)
ඒ කතාව ඇත්ත මමත් 100% එකඟයි (දී)
වැඩිකල් යන්න ඉස්සෙල්ලා අපේ හාමුදුරුවෝ ප්‍රාදේශීය සභාවට නම් යයි. අපේ හාමුදුරු වනේ මෙතන ඔබ ප්‍රසිද්ද වෙන්න හදන බවක් පේනවා. ගම්මු කුලප්පු කර්න්නේ නැතිව මේක විසදන්න ක්‍රම තියෙනවා. බොදු බල සේනාවට ජයවේවා!(නදී)
වසන්ත හරියට හරි (අ)
මෙතන තුන්වන බලවේගයක් තියෙනවාද (දී)
මේ ස්වාමීන්වහන්සේ මොන වගේ කෙනෙක්ද?(නදී)