අද (1) පස්වරු 7.30 වන විට තුවාලකරුවන් 15දෙනකු රෝහලට ගෙන ආ බව ගම්පහ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
එයින් 11 දෙනකුම පැවසුවේ වැලිවේරියේදී තමනට වෙඩි වැදුණු බවයි.
වැලිවේරියේ දී ආරක්ෂක අංශවලට ගල් මුල් ගසූ බව කියන පිරිස් විසිරවීමට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව ආරක්ෂ අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ප්‍රශ්නෙට පාරවල් වහල අනුන්ට වද දෙන එක සාධාරණ නැත, පාරවල් වහගෙන අනිත් මිනිස්සුන්ට කරදර කිරීම අනුමත නොකරමි (දී)
කි දෙනෙක් නම් මැරෙයිද
ඡන්දෙත් දීල කමුකෝ ගුටි. බොමුකෝ වස වතුර (නි)
අසේල වගෙ අය ලෝකයටම බරක්. ඒ අහිංසක මිනිස්සු තමන්ගේ ගැටලු කියන්න ඕනෑ හැමතැනටම කියලා බැරිමතැන තමයි මෙහෙම දැනෙන්න දෙයක් කළේ. මෙහෙමවත් තමන්ගේ ගැටලුව කියන්නේ නැතුව ගෙදරට වෙලා වහ ටිකක් කාලා මැරෙන්න කියලද අසේල කියන්නේ? (නි)
ගමන යන්න තිබුනොත් ඇති. මිනිසුන්ට බොන්නට වතුරවත් නැතුව... තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තිබෙන කෙනා (නි)
අනාගතයේදී තව තව දේවල් වේවි (නි)
ජලය සම්බන්ධ ගැටුලුවට මුහුණ දුන් වැලිවේරිය බණ්ඩාරවත්තේ පදිංචි වැසියෙක් ලෙස සටහන් කරමි. මා පාවිච්චි කරන ළිං ජලයේ පී එච් අගය 5 කි. භූගත ජලය දුෂණය වීම පිළිබඳව එම ආයතනය සම්බන්ධව 100% විශ්වාස නොකරමි. නමුත් අදාල බලධාරීන්ගේ හිතුවක්කාරී ක්‍රියා නිසා පීඩාවට පත් මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව අඩුවෙමින් පවතී. මේ ප්‍රදේශයේ වැසියන් තමුන්ගේ ඉඩමේ සාදාගත් ළිං ජලය දුෂණය වීම නිසා අසරණව සිටිති. මේ ගැටලුව විසඳීම සඳහා ඉතා පහසුවෙන් එම මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව තිබිණි. මහජන මුදලින් යැපෙන බලදාරීන් මුලින්ම කළයුතු වන්නේ එම ජනතාවගේ දුක්ගැනවිල්ලට ඇහුන්කම් දීමයි. වෙඩි සහ කඳුළු ගෑස් ගසා එලවන්නේ මහජනතාව නොව ඔවුන්ගේ ඉවසීමයි. මා මෙයින් රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමි. මේ යෝජනා එම උද්ගෝෂණය කරන අයගේ අදහස නොවුණත් එම යෝජනා විනිවිද බාවයෙන් ක්‍රියාත්මක කිරීමෙන් බලධාරීන් විසින් නැති කරගත් මහජන විශ්වාසය යළි ඇති කරගත හැකි බව විශ්වාස කරමි. 1. පිළිගත හැකි විද්වත් කමිටුවක් මගින් භූගත ජලය දුෂණය වීමට හේතුව සොයා ගැනීම. 2. භූගත ජලය දුෂණය වීමට හේතුව අදාළ කර්මාන්ත ශාලාව නොවන බවට තහවුරු වනතෙක් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීම. 3. ස්ථීර විසඳුමක් සොයා ගන්නාතුරු ප්‍රදේශවාසීන්ට බීම සඳහා පිරිසිදු ජලය බවුසර් මගින් සැපයීම. 4. ළිං සහ එහි ආම්ලිකතවයේ අගය සිතියම්ගත කිරීමෙන් දුශකයේ කේන්ද්‍රය සොයා ගැනීම. 5. ජලය දුෂණය වන්නේ අදාල කර්මාන්ත ශාලාවේ වැරද්දකින් නොවේ නම් එම කර්මාන්තශාලාව නැවත විවෘත කිරීම. 6. භූගත ජලයේ පී එච් අගය වැඩිවීමට හේතුව සොයා ගැනීමෙන් අනතුරුව එයට විද්‍යාත්මක පිළියමක් යෙදීම. 7. පිළියමක් යෙදිය නොහැකි ස්වබාවික විපර්යාසයක් නම් වෙනත් ජල ප්‍රවාහන පද්ධතියක් ස්ථාපනය කර විපතට පත් ගම්මානවලට ජලය ලබාදීම. මේ ප්‍රශ්නයට බලධාරීන් අවංකවම විසඳුමක් ලබා දීමට කැමති නම් අවශ්‍ය කරන ඕනෑම සයයෝගයක් දීමට කැමැත්තෙමි. (නි)
පොඩි ළමයි ,ගර්භනී මව්වරු මේ හැම කෙනෙක්ම දවස් ගානක් විදින දුක නොතේරෙන අසේලලා වගේ අයගේ අදහස් දුටු විට අපේ රටේ මිනිස්සු ගැන දුක හිතෙනවා (නි)
සංවර්ධන වැඩ මට ඕනෑ විදියටයි බස්නාහිර ඇමැති උපාලි කොඩිකාර 2013 අගෝස්තු මස 01 18:00:22 ( . , මුදිතා දයානන්ද ) ‘ටයි පටියක් දාගෙන හිටියට කමක් නෑ මෙතැන වැඩ කෙරෙන්න ඕනෑ මට ඕනෑ විදිහට.එහෙම නැත්තම් ගුටි කන්න තමයි වෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය නෙවෙයි මොකේ වැඩ කළත් රජයේ නිලධාරීන් වැඩකරන්න ..
දිසානායක, ආණ්ඩුවම ආවහම එහෙම විසදන්නකෝ. අවහිරයක් වෙනවා නම් ඒක මැඩ පවත්වලා පාර මිනිස්සුන්ට නිදහස් කරලා දෙන එක රජයේ වගකීමක්.මේ මිනිස්සු වෙනුවෙන් ලතෝනි දෙන ඔහෙලා තරම් ඔය ගහපු එකට සතුටු වෙන වෙන කොටසක් නැහැ. (නි)
මේ අසේලලා වගේ මෝඩයෝ ඉන්නකම් හොඳයි අපේ රටේ දේශපාලුවන්ට. ඔයාල ඡන්දෙ ඉල්ලන්න එන්නකෝ ආයෙත් මෙහාට. අසේලවත් යවමු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට (නි)
මේ මිනිස්සු තමන්ටම වෙඩි තියාගත්තවද්ද? (නි)
රටේ ලොකු ලොකු අයගේ දරුවන් පෙම්වතියගේ උපන් දිනයට සුදු අශ්වයන් තෑගි කරද්දී බීමට වතුර ඉල්ලීම නිසා මරණය! (නි)
අසේල, මෝඩ කතා කියන්න එපා. ඒ මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කළේ සල්ලි නිධාන ගන්න නෙමෙයි, පඩි වැඩි කර ගන්නත් නෙමෙයි , බොන්න තියෙන වතුර ටික වෙනුවෙන්. නිරායුද අහිංසක දුප්පත් මිනිස්සුන්ව ආයුධ වලින් හමුදාව යොදවා මර්දනය කිරීම වැරදියි. පවු ඒ මිය ගිය සහ තුවාල ලැබූ මිනිසුන් ... (නි)
හමුදා නිලධාරියෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අත් දැකීම් අඩු අය දැන් යන්න බැඵම් මහරට ! බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු නිරායුධ අහිංසක මිනිස්සුන්ට අර ඔයා උඩ දාපු රණ විරුවෝ එලෝ එලෝ පොඵ පහර දෙන හැටි බලන්න !
රවිනාත්, ඔබගේ යෝජනාව කාලෝචිතයි. බලදාරීන්ට නොතේරීම අපේම අවාසනාවක්.
කෝටි ගණන් වියදම් කරමින් උගන්ඩාවට වතුර ලබා දෙනවා , අපේ මිනිස්සු වතුර ටිකක් ඉල්ලුවහම මර්දනය කරනවා. මේ සිද්ධියට හමුදාව පිට සම්පුර්ණ වරද පටවන්න බැහැ. හමුදාව කරන්නේ නිකුත් කරන අණ ක්‍රියාත්මක කිරීම පමණි. සෙබළු අණට පිටින් ක්‍රියා කරලා තිබෙනවා නම් ඒ පිළිබඳව නීති මගින් කටයුතු කළ හැක. නමුත් මේ වෙනතුරු එහෙම පුවතක් නැත. එම නිසා අපිට කණගාටුවෙන් වුණත් පිළිගන්න සිදු වෙනවා මෙය ඉහළින් ලැබුන අණක් බව (නි)
ඉල්ලීම් ඉටුකර ගන්නනම් මින් පසු සිංහරාජ වනයට යන්න .......
මේ රට හොද බන්දුල ලටයි ,චන්ද්‍රවතිලටයි . මේ ගොල්ලො කැමති නැහැ රජය අපහසුතාවයට පත්කරන්න, පාර වහන්න. අනේ ගෙදරටම වෙලා ඉගෙන බෝතල්වලින් වතුර බොන්න හොදේ. (දී)
මේවා ජාතික ප්‍රශ්න
පාරවල් වහන්න තරම් මිනිස්සු දැන් දියුණු වෙලා. (නි)
පාරවල් වහගෙන ලොකු කම් දාන්න ගියහම ඔහොම වෙනවා.තමන් ගැන වගේම අනුන් ගැනත් හිතන්න.පත්තරේ විස්තරේ දැක්ක ගමන් අනේ පව් කියවුනාට අද කී දෙනෙක් මහා මග රස්තියාදු වෙන්න ඇතිද මෙයාලා පාරවල් වහගෙන ඉන්නකොට. (ස)
මේව දේශපාලකයන් විසින් විසදිය යුතු ප්‍රශ්න. හමුදාව මැදහක් කරගැනීම කාටවත් ඇගට ගුණ නෑ. (ස)
බුද්ධිමතා ප්‍රශ්න විසදන්නේ මොලයෙනි.මොඩයා ප්‍රශ්න විසදන්නේ පොලු මුගුරු වලිනි .නැතිනම් ආයුධ වලිනි. (ස)
ගුටි කෑවත් කමක් නෑ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවනම්. (ස)
දේශපාලකයෝ මේකට මැදිහත් වෙන්නේ නැති එක තම අපිට තියන ගැටලුව.. (දී)
දිස්සනයක එතකොට ජනතාව තමයි ඉස්සෙලම ගල් වලින් සහ පොලු වලින් පොලිසියට සහ හමුදාවට ගහන්න පටන් ගත්තේ. හමුදාවට, පොලිසියට ගල් ගැහුවහම වෙන්නේ ඕක තමයි. උද්ගෝෂණය මෙහෙයවන අය තමයි මේවට වග කියන්න ඕනේ. මමත් එතන යන්න බැරුව හිරවෙලා හිටපු නිසයි කියන්නේ. (දී)
දිසානායක..දැන් මේක මොලයෙන් සහ පොලු මුගුරු දෙකෙන්ම විසදලා තියෙන්නේ.. (දී)
මොනවා උනත් පව් අහිංසක මිනිස්සු (දී)
පාරවල් වහගෙන ලොකු කම් දාන්න ගියහම ඔහොම වෙනවා.තමන් ගැන වගේම අනුන් ගැනත් හිතන්න.පත්තරේ විස්තරේ දැක්ක ගමන් අනේ පව් කියවුනාට අද කී දෙනෙක් මහා මග රස්තියාදු වෙන්න ඇතිද මෙයාලා පාරවල් වහගෙන ඉන්නකොට...( අනේ මෙහෙමත් මිනිස්සු, රස්තියදු උනානම් දවසයි, හැබැයි මේ උද්ගොෂකයො ඉල්ලුවෙ බොන්න වතුර. වතුර කියන්නෙ මුලික උවමනවක්)මිනිහෙක් පැයක් දෙකක් පරක්කු උනහම මොකද පන්ඩිත මහත්වරුනේ???? (දී)
අසේල, මෝඩකම ප්‍රදර්ශනය කරනවද? (නි)
කොහෙද ආය්බෝවන් ඔය බුද්ධිමතුන් ඉන්නේ, පාලකයන් අතරේ නම් එහෙම අය නෑ වගෙය් පෙන්නේ.මේ වෙන දේවල් වල හැටියට. (දී)
සාමකාමීව ප්‍රස්ස්නේ විසදා ගන්නේ නැතුව කලබල වෙලා වෙන හානි. ඔයින් බේරුනා ඇති ජීවිතේ හානි නැතුව. දැන්වත් පාලකයන්ගේ අවදානය නිසියාකාරව යොමු වේවා. (දී)
හමුදාවට මෙහෙම දේවල් කරන්න සුදුසුද (දී)