ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව බියගම ආයෝජන කලාපයේ පිහිටුවහොත් එය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භකරන බව බියගම ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක මංජුල ප්‍රසන්න සම්පත් (එජාප) මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
රතුපස්වල කර්මාන්ත ශාලාව බියගම ආයෝජන කළාපයේ යළි පිහිටුවන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මහනුවර පල්ලෙකැලේ ආයෝජන කලාපයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු එසේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති ගත්ත කුට්ටියට කොහේ හරි තැනක් දෙන්න එපාය.(අ)
ඔව් ඔව් හම්බන්තොටට ගෙනියමු. (අ)
දැන් මේක හොදාලු, වස නැහැලු.ඒ වගේම ඔය කර්මාන්ත ශාලව අපද්‍රව්‍ය වලින් හානියක් නැහැ. මේ ගොල්ලෝ කාවද රට්ටන්න හදන්නේ. රතුපස්වල පිහිටි පොලවේ තියෙන්නේ කබුක් ගල්. ඒවා වලින් තවත් පස ආමලිකරණය වෙනවා. කර්මාන්ත ශාලාවල් තියෙන්න ඕනේ ගම් වල නොවේ. නිසි ප්‍රමිතියක් ඇති කර්මාන්ත පුරයක., දැන්වත් තේරෙනවද ලගදී වී අස්වනු ගත්තා කොලඹ ගමකින්.ඒවාට රසායනික පොහොරේ දාල නැහැ. හේතුව තමයි රජරට සහල් වල ආසනික් තියෙන හින්දා. කොටස් වෙළදපොලට වඩා අගයන්නේ මිනිසාගේ නිරෝගී භාවය නොවේද?.(නදී)
මේක හදන්න හොද කොහෙද? (දී)
ගම්පහ දිස්ත්රික්කයේ (අ)
ඔන්න ඕකත් කටුනායකටම ගේන්න (නි)
එහෙනම් තියෙන පන්සල් ටිකත් අයින් කරන්න කියල උපවාස කරන්නකෝ. එකත් මේ වගේම එකක් නේ
ඕක නම් දේශපාලන අමුඩයක්. එතකොට ඇන්සල් ලංකා එකෙත් හදන්නේ අත් වැසුම් නේද? තව කොච්චර කෙමිකල් පැක්ටරි බියගම තියෙනවාද? උපවාස කලාට කමක් නැහැ. ඕක රතුපස්වලින් බියගමට ගෙනියන්න.(නදී)
මේ කම්හල බන්දුල පෙරේරගෙ ගේ ලඟට ගෙනියන්න (දී)
අපේ රට කවදාවත් දියුනු වෙන්නේ නැහැ බන්දුල ම,මමත් ඔබ සමග එකඟයි (දී)
ඉතින් මේක ගෙනියන්නකෝ හම්බන්තොටට... (නි)
ඔවූ තව අවුරුදු 5 කින් විතර බියගම මිනිස්සු ටිකක් මැරුනම බියගම අය තෙරුන් ගනීවි (අ)
අනේ මන්ද මොනවා කියන්නද කියල ''ඒත්''මේක කියන්නම ඕනි !!! දැන්නම් ගොඩක් අයට තේරිලා වගේ රතු පස්වල වැඩේ යටිකුට්ටු වැඩක් කියල අපිනම් දැන ගත්තා මුල ඉදලාම (ඔන්න ඕක ගෙනියන්න තැනක් ඇත්තෙම නැත්නම් දකුණට දෙන්න )අපේ කෙල්ලෝ.., කොල්ලෝ ගොඩක් ඉන්නවා ජොබ්ස් නැතුව (අ)
මමත් කියන්නේ ඔය කම්හල අපේ ගමට ගෙනෙන්න. අයාලේ බුරන්නේ නැතිව ටිකක් හොයල බලන්න. නිතරම කියනවා වගේ. ඔය කම්හල වසාදැම්මට ඇසිඩ් ගතිය නැති වෙන්නේ නැහැ.(අ)
රතුපස්වල කම්හල නැති කරන්න කියල මිනිස්සු පාරට බස්සපු අයට ඊළඟට පුළුවනි රස්සා නැති වුන අයට රස්සා දියවූ කියලා මිනිස්සු පාරට පාරට බස්සන්න . ලංකාව නැත්තටම නැතිවෙනකල් ඔය ප්‍රශ්නය අල්ලාගෙන ඉන්න පුළුවනි . ප්‍රසන්න මල්ලි , චන්දෙන් දිනන්න බැරිනිසා හෙන්චයියල ටිකක් සෙට් කරගෙන ඔය වගේ වැඩක් වත් කරලා රටට මමත් මොනවා හවරි කෙරුවා කියල ලකුණු ටිකක් දාගන්න අනාගතේට කියන්න දෙයක් තියෙනවා . (දී)
මේක යවන්නේ අපි කොහාටද (දී)
පිටිගල, නොදන්නා දේවල් ගැන කියනකොට හරියට දැනගෙන කියන්න. ඇන්සල් එකේ රබර් නිෂ්පාදනය කලාට කර්මාන්ත ශාලාවේ අපිරිසිදු ජලය පිටතට දමන්නේ නැහැ. ඒවා පිරිසිදු කරන්න වෙනම යන්ත්‍රාගාරයක් තියෙනවා. ජලය පිරිසිදු කරලයි පිටතට යවන්නේ. එපමණක් නොවෙයි, මෙම කම්හලෙන් ඉවත දමන අත්වැසුම් පිට කරන්නෙත් නැහැ. ඒවා යන්ත්‍රානුසාරයෙන් කුඩා කැබලිවලට කපල ප්‍රතිචක්‍රී කරණයට විදේශයන්ට යවනවා. රතුපස්වල කම්හලේ ඉවත දමන රබර් අත්වැසුම් (විෂ කෙමිකල් සහිත ) ටොන් ගණනින් පිටස්තර වෙළෙන්දන්ට විකුනනවා. එමගින් ඔය විෂ රට පුරාම බෙදනවා .ඔය වගේ වැරදි ක්‍රියා කරන කම්හල් බියගමට නොවෙයි ලංකාවේ කොහෙට ගෙනිච්චත් වැරදියි. අප ජලය පිරිසිදු නොකර එලියට යවපු වරද නිවැරදි කරගත්තා නම් වෙන කොහෙවත් යන්න උවමනා නැහැනේ. ඇයි ඒ වරද හදාගන්න එක මේගොල්ලන්ට ලැජ්ජද? සම්පත් කියන්නේ බියගම ප්‍රාදේශීය සභාවේ වැඩිම මනාප ගත්තු කෙනෙක්.(නදී)
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා. මේ කම්හල නිසා අවට තියන වෙල් යායම වගා කරන්න බැහැ. පළාතේම ලිංවල වතුර පාවිච්චි කරන්න බැහැ .ඔබලටම වැටහෙයි ටික කලක් යනකොට.(නදී)
පරිසරයට හානි සිදුවෙනවා කියආ හිතලා කර්මාන්ත ශාලා වහනවා නම්, ලෝකෙම තියන හැම කර්මාන්ත ශාලාවක්ම වහන්න වේවි. නමුත් රතුපස්වල කර්මාන්ත ශාලාවෙන් බැහැර වෙන අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදා හැරීමක් සිදුවෙනවා නම්, ඒ සඳහා සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමත් එතරම් අපහසු කාර්යයක් නොවේ. (නි)
මේ කර්මාන්ත ශාලාවේ සේවකයන්ට රස්සා දෙන්නේ කවුද (දී)
එහෙනම් ඉතින් ඔය ෆැක්ටරිය අහසේ තමා හදන්න වෙන්නේ (නි)
ගම්පහ දේශප්‍රේමී කස්ටිය නම් ලක්ෂ 6-7ක් ඡන්දය දීලා හොඳ හොදි නැතිවම පරිප්පු කෑවා.තව කාටද පරිප්පු කන්න ඕනේ? (ස)
සත්‍යා, ඕක මැලේෂියාවෙන් අයින් කරපු කර්මාන්ත ශාලාවක්. පරිසරය විනාශ කරනවා. සල්ලි මොකටද පරිසරය විනාශ වෙනවා නම්.සත්‍ය මැලේසියාව අරෝවන(ලකී ෆිෂ්) කියන සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයෙන් විශාල ආදායමක් ලබනවා.ගෝල්ඩ්,රෙඩ් චිල්ලි අරෝවන් එකෙක් ඩොලර් 7000 වටිනවා.අරෝවන් බූවෙන්නේ ගඟ ඇලදොළ පිරිසිදු ජලය නිසා.එයාලා කැමති නැහැ පරිසරය අපිරිසිදු කරගෙන අරෝවන් ව්‍යාපාරය විනාශ වෙනවා දකින්න. (ස)
විපක්ෂයට ඕනේ මේ ප්‍රස්නේ විසදෙනවා දකින්න නෙමේ..ඕක තමා මේ රටේ කරුමේ.(නදී)
ඔබතුමාලගේ කලෙත් මේ කර්මාන්තශාලාව තිබුන නේ ද (දී)
බන්දුල පෙරේරාට පුදුම කැක්කුමක් මේ කම්හල ගැන මුල ඉදලම තිබෙන්නේ, වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව අයිති කැසිනෝ ව්‍යාපාරිකයාමද "බන්දුල පෙරේරා" කියන්නේ කියල මට හරිම සැකයක් දැන්නම් තියෙන්නේ. (දී)
රතු පස්වල තමයි අපේ ජාතික ප්‍රශ්නය (දී)
ලංකාවේ රබර් වවනවා ඒවා අමු ද්‍රව්‍යයක් ලෙස පිට රට පටවනවා. ඊට පස්සේ අපි ගිනි ගණන් දීල ටයර් ගෙන්නනවා. ඔය රබර් අත්වැසුම් කම්හලත් වහල එක මැලේසියාවට ගෙනියන්න කියමු. අපිට අත්වැසුම් පිටරටින් ගෙන්නමු. වෙන රටවල විරුද්ධ පක්ෂය ඉන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා ජනතාවට සේවය කරන්න. මෙහෙ ඉන්නේ තියෙන ඒවත් කඩාකප්පල් කරලා ආණ්ඩුව වට්ටලා බලය උදුරාගන්න. ඔන්න අපේ ප්‍රජාතන්ත්‍ර වාදය. (දී)
හඩු බල්ලන් බිරුවට කදු පාත් නොවෙති (දී)
එල්ලෙන්න වැල් නැති යු එන් පි වැඩ වල ගණන් ගන්න දෙයක් නෑ.! (අ)
කාට මේ කම්හල අයති උනත්,මෙය මිනිසුන්ට රැකියාවන් සපයන ක්‍රමයක්.නිත්‍යානුකුලව, මේ නිෂ්පාදන ක්‍රියා වලියේ වරදක් නැත්නම්,මෙය නවතන්න එපා.විරුද්දනම් නීතියේ පිහිට පතන්න. මට එක ඉල්ලීමක් කරන්න ඕන,ජන මාධ්‍යයෙන් උපවාසය ආරම්භ කලොත්, ප්‍රසිධියක් දෙන්න එපා.අනික මේ තාක් කල් උපවාස වලින් කිසිවක් මිය ගොස් නැත. (දී)
අදහස් දාන අය ගැන මට දුකේ බැරුවා. අර මැරුණු කොල්ලෝ ගැන කවුරුවත් කතා කරන නෑ. (ස)
මේක කොහෙටද ගෙනියන්නේ එතකොට?(දී)
oඕක ඔතන පිහිටුවන්නේ නැතුව කොතනද පිහිටුවන්නේ ආයුබෝවන්
උපවාස වලට නව අර්ථකතනයක් දුන්න නේද කව්ද ඇමති කෙනෙක්. ඒ නිසා කව්රු උපවාස කලත් බය වෙන්න දේකුත් නැහැ.දැන් කාට හරි ටිකක් සද්දෙට වාතයක් පිට උනත් එකට විරුද්ධව උපවාස කරන්න අය ඉන්නවා. ඒ නිසා ඔය උපවාස ඒ තරම් ගණන් ගත යුතු නැහැ. (අ)
උසාවි තීන්දුව අනුව කම්හලින් විස ද්‍රව්‍ය පොළොවට එකතු නොවන්නේයයි තීරණය වන්නේ නම්, කරුණාකර කම්හල කන්ද උඩරටට එවන ලෙස අපි ඉල්ලා සිටිමු. අපට තරමක් හෝ රැකියා ප්‍රශ්නය විසඳගන්න පුළුවනි. (දී)
පිටිගල මහතාණෙනි, මම බියගම කලාපය ආසන්නයේ පදිංචිකරුවෙක්. ඔබගේ නිහතමානිකම අගය කරමි. බියගම කර්මාන්ත පුරය එදා වගේ නොවෙයි, අද. කර්මන්තශාලවල්ට ඕන විධියට 50% ක විතර වැඩ කෙරෙනවා. අපි භය එකයි. මගේ අදහස්වලින් ඔබගේ හිත රිදුනානම් මට සමාවන්න.(දී)
තැනක් නැතිම නම් දියුණුවේගෙන යන දකුණු ලකටවත් ගෙනියමු (නි)
හම්බන්තොට වරායක්,මෙන්ම මත්තල ගුවන්තොටුපලත් තියෙන නිසා මේක වඩාත්ම හොඳ හම්බන්තොටටම නේද? (නි)
කම්හල රතුපස්වලම තියලා පදිංචිකාරයෝ වෙන කොහේහරි යවමු (නි)
සත්‍යපාල, එතකොට ඔය වගේ කර්මාන්ත ලෝකයේ වෙන කොහෙවත් නැද්ද. (නි)
ඕක හම්බන්තොටට ගෙනියමු. (නි)
ඔය ටික ටික එලියට එන්න රතුපස්වල පිටිපස්සේ හිටපු කට්ටියගෙන් එක කට්ටියක් .(අ)
එතකොට මේ කම්හල ලංකාවේ හදන්නේ නැතුව මොනවා කරන්නද? එහි වැඩ කළ අයට මොකද කරන්නේ? (නි)
වැඩේට කවුරුත් සහයෝගය දෙයි. (නි)
රතු පස්වල සිද්ධිය පිටිපස්සෙන් ඉන්නෙ කවුද කියලා දැන් හොඳට ඔප්පු වෙනවා.ජාතියටම සාපයක්, මට තියෙන බුද්ධිය හොඳටම ප්‍රමාණවත් මේවා යටින් පෙනෙන දේ තේරුම් ගන්න.දේශපාලන කණ්නාඩි ගන්නෙ නැතිව මේ දිහා බැලුවනම් ඇත්ත පේනවා.මේක කපා හැරියත් මම කියන්න ඕන ටික කිවුවා. (ස)
අපි ඔබ සමගයි. පරිසරයට හානි වන පරිදි පිහිටවන්න දෙන්න එපා. පරිසර හිතකාමී විදිහට කමක් නැහැ (නි)
මේවගේ විස තිබෙන කරමාන්ත ඉවත් කරන්න. එහෙම නැත්නම් ඒවාට විකල්ප හොයන්න. පරිසරය ආරක්ෂා කරන්න. (නි)
සත්‍යපාල තමන්ගේ නුගත්කම පෙන්නන්න එපා. මේ කර්මන්තසලව අයිති ලංකාවේම මහජනතාවට. මෙය කොටස්වෙලදපොලේ වාර්තාගත සමාගමක්. කොටස් අයිති හැමෝම මෙහි අයිති කරුවෝ (දී)
අජිත් කරුණාරත්න, මම නො දන්නා දෙයක් කිව්වේ නැහැ. මම දන්නා නිසයි කිව්වේ රතුපස්වලත් අන්සල් ලංකා වගේ කළා නම් ඕක වෙන්නේ නැහැ. බියගම ෆැක්ටරි වලට තියෙනවා පරිසර ආරක්ෂක ක්‍රමවේදයක්.ඒ ෆැක්ටරි වලින් පරිසරය දූෂණය වෙන්නේ නැහැ.මම වැඩ කලා බියගම කලකට ඉස්සර. පටන්ගත්ත අලුත. දැන් නම් කොහොමද දන්නේ නැහැ. කවුරු කොහාට ගෙනිච්චත් හරියට වැඩකළ යුතුයි. නැත්නම් බියගම නෙවේ කොහාට ගෙනිච්චත් එකයි. පාලකයෝ ෆැක්ටරියට කඩේ යනවා නම් ඕක වහලා දමනවා මිසක වෙනත් විකල්පයක් නැහැ.අඩුපාඩු හදා ගන්නේ නැතුව. බියගමට ගෙනියන්න කියා මම කිවුවේ මහා කොළඹ ආර්ථික කොමිසම ෆැක්ටරි කාරයින්ට ඕන හැටියට වැඩ කරන්න දුන්නේ නැහැ. ඉස්සර නම් මම ඒ බව දන්නා නිසයි මේ අදහස දැම්මේ කරුණාරත්න මහතාණෙනි. (ස)
බුදුන්ගේ කාලෙත් හිටියනේ නිඝන්ඨනාදපුත්ත කියලා කෙනෙක්. මොනවා කිවුවත් මොනවා කළත් වැරද්දක් දකින්න පුරුදුවූ දේශපාලකයෝ චීවරධාරියෝ කොටසක් ඉන්නවා ජනතාව අවුස්සන. (නි)
ඕක මැලේෂියාවෙන් අයින් කරපු කර්මාන්ත ශාලාවක්. පරිසරය විනාස කරනවා. සල්ලි මොකටද පරිසරය විනාස වෙනවා නම්.(නදී)
මාරාන්තික උපවාස දාහක් හමාරක් අපි දැකල තියෙනවා. හැබැයි, ඒ සංඛ්‍යාවෙන් ජනගහනය නම් අඩුවුණේ නැහැ. මෙයානම් ඒක කරන්නයි හදන්නේ. රන්ජිත් කියනවා වගේ අපිත් සහයෝගය දෙනවා. (දී)
කම්හලේ වරදක් නැත්නම් එක එකා කියන පලියට කම්හල මාරු කරන්න යාමේ ප්‍රතිපල තමයි මේ පෙනෙන්නේ...මුන් හදන්නේ බොර දියේ මාළු බාල අවුලවන්න පුළුවන් හම තැනම අවුලවන්න. කම්හල පිළිබද පරීක්ෂණ අනුව කමහළේ වරදක් නැහැ කියල ඔප්පු වෙනවනම් උසාවියෙන් එ අනුව තීන්දුවක් ලැබෙනවානම් කම්හල ඔතනම් තියන්න ඕන.නැත්නම් බොහොම වැරදි ආදර්ශයක් රටට යන්නේ. මිනිස්සුන්ට ඕන ඕන හැටියට කම්හල් වහන්න අරින්න තැන වෙනස් කරන්න ඉඩ දුන්නොත් මේ රටට දෙවියන්ගේම පිහිට තමයි ..රතු මල්ලිලට කඩේ යන හැමදුරුවන්ටත් හැමදාම මිනිස්සු උසිගන්නන්න බැහැ.. (දී)
අපේ එක මත්මයෙක්නම් හුගාක් කැමැත්තෙන් හිටිය මේක එයාලගේ ගේ ගාවට ගෙනියන්න.කෝ එයා? (දී)