වැලිවේරියේ රතුපස්වල නැදුන්ගමුවේ වෙනිග්‍රොස් අත්වැසුම් කම්හල මුල් කරගෙන හටගත් කලබලයෙන් දෙසතියකට පසු රජයේ විසඳුම මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශයට පත් කරයි.
වැලිවේරිය ගැටුමෙන් ජීවත තුනක් අහිමි විය.
රතුපස්වල පදිංචිකරුවන් හා කම්හලේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී පහත සඳහන් තීරණවලට එළඹියේය.
1) ප්‍රදේශයේ මහජනයාට ආරක්ෂා කාරීව වතුර සැපයීමට මුල් තැන දීම.
2) රජයේ රස පරීක්ෂක ජලය ගැන පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.
3) කම්හල වැරදි ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති බවට එම වාර්තාවෙන් ඔප්පු වුවහොත් වහා කම්හල වසා දැමීම.
4) කම්හල නීතී රීතිවලට අනුව ක්‍රියා කර ඇත්නම් එම කම්හල ආයෝජන ප්‍රවාර්ධන කලාපයට ගෙන යාම සඳහා සාධාරණ කාල සීමාවක් ලබා දෙනු ඇත.
මහින්ද රාජපක්ෂ ජනපති එම සාකච්ඡාවේදී පැවසුවේ අනාගතයේදී කම්හල් ඉදි කිරීම ආයෝජන ප්‍රවර්ධන කලාපයට පමණක් සීමා කරන බවයි.
කම්හලේ ඉතිරි නිෂ්පාදන කර ගෙන යෑමට ඉඩ දීමට ප්‍රදේශවාසීන් එකඟත්වය පළ කළ බව ද වාර්තා වේ.
නීතිය අතට නොගෙන ක්‍රියා කරන ලෙස ජනපති මෙහිදී සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ජල සම්පත් ඇමැති දිනේෂ් ගුණවර්ධන, සමාජ සුභසාධන ඇමැති ෆීලික්ස් පෙරේරා, ජනපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධරයෝ ද මේ රැස්වීමට සහභාගී වූහ.
රතුපස්වල ළිං ජලයේ ඇසිඩ් ඉහළ මට්ටමක පවතින බව කාර්මික තාක්ෂණ ආයතනයේදී තහවුරු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නය බිමට නල ජලය දුන්න කියල විසදෙන්නේ නැහැ , පසේ ආම්ලිකතාවය ශාක වලට සහ සතුන්ට බලපාන්නේ කොහොමද? මේ මගින් පසේ ජිවත්වන ශුද්රජිවින්ට බලපාන්නේ කොහොමද යන ප්‍රශ්නත් කරුණාකර සොයාබලන්න , මේ කෝලාහල වෙන්න ඉස්සෙලා මේ ගැන හොයාබල පියවරක් ගන්න තිබුන මේ ව පරිසර අමාත්‍යංශයට අදාල රාජකාරි , නමුත් දැන් සැම දෙයක්ම ජනාධිපති තුමාට සහ ආරක්ෂක අමාත්‍යංශයට විසදන්න වෙලා , මේ කෙන් පෙනේනේ රජයේ අසාර්ථක භාවය , කොටි ගණන මහජන මුදල් වියදම් කරමින් ඇමතිවරු සහ අමාත්‍යංශ නඩත්තු කරට , ජනතාවගේ ප්‍රශ්නවලට මේ ගොල්ලන්ට නිසි විසදුම් නිසි කලට දෙන්න බැහැ, අන්තම ප්‍රතිපලය දේපල සහ ජිවිත හානි (දී)
ආයෙත් කටුනායක හෙල්ලෙන්න අරගෙන.(නදී)
සමහර විරුද්ද පක්ෂ නම් කිවේ මරණ තුනකට වැඩි කියල.එත් තවම එයාල මෙම වාර්තාව අසත්‍යි කියල කිව්වේ නෑ. (දී)
ගමේ මිනිසුන්ට වෙන රස්සාවල් ඕන තරම් ඇති. එකනේ ඔය කර්මාන්තශාලාව වහන්න කිව්වේ. (දී)
නිරුත්තර, රත්පස්වලදී ආණ්ඩුව කරපු දේ වැරදි, මෙතැන එකට එක කිරීමක් නැහැ ඕක තම දෙන්න තියෙන හොදම විසදුම. කර්මාන්ත යෝජනා කලාප වලට ගෙනියක එක තම වැඩ හොදම දේ. එක අනාගතයට හොද දෙයක්. කර්මාන්ත තියෙන්න ඕනේ ඒවාටම වෙන් උන කලාප වල එතකොට පරිසර ප්‍රශ්න, වගේ අනෙක් ගැටළු එන්නේ නැහැ (දී)
සංජීව, වීරවිල ගුවන්තොටුපලට විරුද්ධ උනාම එක මත්තලට අරන් ගීයා. වීරවිල මිනිස්සුන්ට පාඩුවක් උනේ නැද්ද? රතුපස්වාලදිත් ආණ්ඩුව කලේ එකමයි . අපි කම්මල ගෙනියනවා. බලාගන්න වෙන දේ. මේකෙන් ගම දෙකට බෙදීමක් වෙනවා. එකත් ආණ්ඩුවට වාසියි රස්සාවල් නැතිවෙන මිනිස්සුන් හැරෙන්නේ උද්ගෝෂණය කරපු අයට විරුද්දව. එක උද්ගෝෂණය කරපු අය බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි . ආණ්ඩුව හිතනවා මේකේ ජේ වී පි එක ඉන්නවා කියල. රටක උත්තරීතර කෝණයෙන් බලනවානම් ප්‍රස්නේ සාදරනව විසඳන්න තිබුන. ඔය ගම කිට්ටුවම කලාපයක් හදන්න හොයල බැලුවද? (දී)
ඔය තිරණය දෙන්න තිබුනේ මුලදිමනේ.එහෙම උනානම් වටිනා ජීවිත කීපයක් බෙරිලානේ.අපරාදේ අර අහිංසක දරුවෝ.පාඩුව උනේ දහසක් බලාපොරොතු තියාන දරුවෝ හදපු අම්මලට. දැන් ඔය තීරණ වලින් වැඩක්ද? (දී)
කම්හල් නිසා පස විතරක් නෙවෙයි වාතයත් දූෂණය වෙනවා. ඇඳුමක් වේලෙන්න දමා නැවත ගනිද්දී බොයිලර් දුම් වල අළුත් තැනින් තැන තියෙනවා. (ස)
හෙට අනිද්දට සත්‍යය හෙළි වේවි.ප්‍රශ්නේ තිබුනේ ජලයේද නැත්නම් වෙන පිරිසක් අතරේද කියල..වෙලිවෙරිය අවට ඔය කම්හලේ සීමාවට පිටින් තියෙන ජලය පරීක්ෂා කලත් ලැබෙන්නේ ඔය ප්‍රතිපලයම තමයි .ඕක ඔය ප්‍රදේශයේ පසේ සංයුතිය නිසා සිදු වූ දෙයක්.පී එච් අගය අඩු වැඩි ජලය තමයි මේ රටේ නල ළින් සහ ළින් ජලය භාවිතා.. කරන වැඩි ප්‍රතිසතයක් පානය කරන්නේ.ප්‍රදේශයන් වල පිහිටීම් අනුව බුගත ජලයේ වෙනස් කම් අනිවාර්යයෙන් සිදු වෙනවා. (අ)
නිරුත්තර , දැන් බලන්න කියන්න ඔයාගේ විසඳුම මේකට, අසල ගමකට ඕක ගෙනිච්චත් වෙන්නේ ඔය ටිකම තමයි දෙනාට කරපු වැඩේ හරි (දී)
නිරුත්තර රක්ෂවලට යන්න ගෙදර ඉදන් පයින්ම යන්න ඕනෙද? හැම මිනිහහම අපේ රටේ ගෙදර ඉදන් අවිදගෙනද වැඩට යන්නේ! බියගම යෝජනා කලාපයට වෙලිවෙරියේ සිට ලොකු දුරක් නැනේ! ඔයවගේ ප්‍රශ්න ඇති වෙන නිසා තමයි සැලසුම්කරණයේදී, නේවාසික කලාප, කර්මාන්ත කලාප, විනෝද.......ආදී වශයෙන් කලාප වෙන්කරන්නේ! (දී)
දියුණුවට කැමති නැති මිනිස්සු (දී)
දියුණුවට කැමති නැති රතුපස්වල මිනිස්සුන්ට ඕක වහලා හොද කැලයක් හදල දුන්න නම් හරි වෙද්දෝ වගේ ඉන්න............. (දී )
මම හිතන්නේ, නිරුත්තරට පිළිතුරු ලැබුන කියල, අමිල, රේම, සරත් මගේ උත්තමාචාරය හරි දේ හරියට දකින එක ගැන. ඒ වගේම ජනාදිපති තුමා කියල තියනවා "මින් පස්සේ කර්මාන්ත ශාලා ඇති කරන්න ඕනේ ආයෝජන කලාප වල පමණක් කියල, මම හිතන්නේ එක හොද දැක්මක්" (දී)
මහදැනමුත්තා කියල කෙනෙකුත් මෙන්න මේ විදියටම තමයි ප්‍රස්න විසඳුවේ. ගමේ මිනිසුන්ට ජීවිතත් අහිමි උන කම්හලත් අහිමි උනා ගින්දර නේද? ඒ මදිවට මරු ගෝල පිරිසකුත් ඉන්නවා බන්දුල පෙරේරා වගේ , රතුපස්වල කියන්නේ ඉපැරණි ගම්මානයක් මේ මිනිස්සු මේ වෙනකම් වතුර බීවා කරදරයක් නැතුව.(නදී)
ඕක කරන්න තිබ්බේ ඔයිට කලින් නේද (දී)
රතුපස්වල ඇත්තටම දරුනු ව්දියෙ විසඳිය නොහැකි වතුර ප්‍රශ්නයක් තිබුනද? ගම්මු කුලප්පු වුනෙ ජල සම්පාදන මන්ඩලෙයෙ වාර්තාවක් නිසාද? පාරවල් වහගෙන කල උද්ගොශනය පිටිපස්සෙ ෆක්ටරියෙන් අයින් කල සේවකයන් 122 හිටිය කියන්නෙ ඇත්තද?
මුලින්ම ජනතාවගේ හඬට කන් දුන්නනම් ඉවරයිනේ. අපරාදේ වටිනා ජීවිත 3ක් බිලිදෙනකන් ඉන්නේ නැතුව. (දී)
හත් දවසේ දානෙත් දුන්නට පසේ තමා ලොක්කට මේක ආරංචි වෙලා තියෙන්නේ අනේ මෙහෙමත් අය? (දී)
"අස්වයා පැනලා ගියාට පසුව ඉස්තලයේ දොර වැහුවා වගේ " කියන්නේ ඕවට තමා. ආණ්ඩුවීරෝදින් ,කඩාකප්පල්කාරීන්, සියල්ලලෝම දැන් කොහෙද ඉන්නේ කියලා පැහැදිලියි .(ත)
ඔන්න ආණ්ඩුව ප්‍රසන විසඳන හැටි. ගමේ මිනිස්සු විරුද්ද උනාට ගමේ මිනිස්සුන්ට පාඩමක් උගන්නනවා.දැන් ගමේ මිනිස්සුන්න්ට රස්සාවල් කෝ? ආණ්ඩුව එකට එක කරන්නේ චන්ඩි වගේ. (දී)
පසේ ඇසිඩ් වැඩිවුණේ කර්මාන්ත ශාලාව නිසා නම් ඒක ඉවත් කළාට ඇසිඩ් නැතිවෙන්නේ නැහැනේ. ඒක හරියන්න තව අවුරුදු ගණනාවක් යාවි. අනික මෑත කාලයේ සිදුවුණු ඇසිඩ් වැසි, රතු පාට වැසි වගේ දේවල් මේ නිසා සිදුවුණාද දන්නෙත් නැහැ නේ. (නි)