ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව විවෘත කරන ලෙස ඉල්ලමින් ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත රැකියා සුරකීමේ සංවිධානය රතුපස්වල පිට්ටනියේ සිට ඔරුතොට පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයය බලා පාගමනක් අද ඇරැඹීය.
පෙරවරු දහයට පමණ ඇරැඹූ පාගමනට පන්සියයක් පමණ එක්ව සිටිති.
දහවල් 12 වන විට ගම්පහ පිවිසියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවකට එපා කියනවා. තවත් වෙලාවකට ඕන කියනවා. අනේ මන්දා.... (ස)
ඉතින් ජයෝ....ඔබතුමා කියන විදියට පට පට ගාල වෙඩි තියන්න මේ මිනිස්සු මහා පාරවල් අවහිර කරලා පාරවල් මැද හට් ගහල පදිංචි වෙලා මාර්ග නිදහස් කරන්න ආපු හමුදාවට ගල් පොලු පැට්‍රල් බෝම්බ වලින් ගැහුවේ නැහැනේ..එහෙම උනොත් සලකල බලමු.. (ස)
කෝ මේ පෙළපාලියට වෙඩි. මේකට පොලිස් ආරක්ෂාව දීල වගේ. (නදී)
ලංකාවෙ ඉන්න හැමෝටම ඕන දෙයකට පා ගමන් තමා. (ස)
ටිකිරි බණ්ඩාර මොනවද කියන්නේ? (නි)
දැන් ඉතින් මොනවද ලැබුණේ? (නි)
මේ ගොල්ලන්ගේ පඩිය රුපියල් දෙදාහයි බත් පැකට් එකයි. (ස)
මේ කට්ටියට පෙළපාලි, උද්ගෝෂණ කරන්න කිසිම බාධාවක් නෑ වගේ පෙනෙන්නේ. කෝ පොලිසිය (ස)
මීළඟ ඡන්දෙදිත් ඕගොල්ලෝ හොදට හිතලා මතලා ලංකාවේ ඉන්න ලොකුම නුගත් හොරු ටිකයි, මංකොල්ලකාරයෝ ටිකයි, ස්ත්‍රී දුෂකයෝ ටිකයි, කුඩු බෙදාහරින සත්ගුණවත් අය ටිකයි මහජන ඡන්දයෙන් පත්කරලා එවන්න. එතකොට ආසියාවේ විතරක් නෙමෙයි ලෝකෙම අාශ්චර්යයට බවට මෙරට පත් කරන්න ඔබේ වටිනා ඡන්දයටත් පුළුවන්. (නි)
"පට පට " ගාල වෙඩි තියන්න දන්නා අය මෙතන නැද්ද? (ස)
ඔය ආයතනය කාගෙන කියල දන්නවා ඇතිනේ.....හොදින් හෝ නරකින් අරින්න බලන්නේ. (ස)
කෝටි ගණනින් සල්ලි එහාට මෙහාට විසි කලාම ලංකාවේ මොනවද කරන්න බැරි.වදාපු අම්මව වුනත් විකුනයි (ස)
දැන් එතකොට පෙළපාලි යන්නේ කොහොමද? කම්හල අරින්න කියලා පෙළපාලි යන්න පුළුවන්? වහන්න කියලා පෙළපාලි ගියොත් තමි වෙඩි තියන්නේ නේද? ඔය ඉන්නේ පොලිසිය ෂෝක් එකට කිසිම විරෝධයක් නැහැ. (නි)
කට්ටියක් අරින්නලු. තව කට්ටියක් වහන්නලු. මේක බාගෙට අැරියා නම් දෙගොල්ලන්ටම සතුටුයිනේ (නි)
කට්ටියක් 'වහනු' කියනවා. කට්ටියක් 'අරිනු' කියනවා. (නදී)
මේ කම්හලේ යථාර්තය එලි කරලා, සිදුවෙලා තියෙන වැරදි නිවැරදි කරලා, වෙනත් තැනක කම්හල ඉක්මනින් ඇරලා, මේ අහිංසක මිනිස්සුන්ගේ රැකියා සුරක්ෂිත කරන ගමන්ම රටේ ආර්ථිකයට දායක වෙන්න කියල උද්ගෝෂණය කලා නම්, ගම්වල මිනිස්සුත් ඕකට උදවු කරවී කියලයි මට හිතෙන්නේ. (ස)
යකාගේ රටක්. හිනා යනවා පස්ස පැත්තෙන්.(නදී)
කඳුළු ගෑස්, තුවක්කු, මඩ, ජල ප්‍රහාර මොකුත්ම නෑ නේ. (ස)
මෙතන ඉන්න වැඩි දෙනෙක් මේ අහල පහල අය නොවෙයි. (ස)
වතුර ප්‍රශ්නෙ නෙවෙයි මේ අයට තියෙන්නෙ.රැකියාවයි ප්‍රශ්නය.කම්හල පිහිටි ගමේ අය වෙන්න බැහැ මෙතන ඉන්න අය. (ස)
ඔය දේවල් වල නරක ආදර්ශ පසුවට, කරවන අයටම ලැබෙනවා. (නි)
අද අරිනු කියා 500 ක් ආවොත්, හෙට වසනු කියා 2500 ක් එන්න බැරි නැහැ (නි)
ෂුවර් එකටම මේ ඉන්නේ රතුපස්වල ජනතාවමද?? සිංහල මිනිහට එදත් උනේ ඕක අද වෙන්නෙත් ඒ දේම තමයි. අනෙකාගේ හැගීම්, වේදනාවන්, අවශ්‍යතාවයන් හදුනාගන්නේ නැහැ. ඒ ගමේ මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නැහැ කර්මාන්තශාලාව අරින්නයි අපිට ඕන කියන එකනේ මේ උන්දැලා කියන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු. (ස)
පිට මිනිස්සුන්ගේ රැකියා ප්‍රශ්නයට ගමේ මිනිස්සුන්ගේ ලිං ජලය අපවිත්‍ර කිරීම හොඳඳ.?අනුන්ගේ රැකියා නිසා ගමේ මිනිස්සුන්ට මුදලට ජලය ගන්න කියන එක හරිද ? (ස)
මේකෙන්ම පේනවා සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. (නි)
මෙතන ගමේ අය ඉන්නේ 25 දෙනෙක් විතරයි. අනිත් අයව අද රතුපස්වල හංදියට බස් වලින් ඇද්දා. වැලිවේරිය පොලිසිය අද උදේ ඉදන් මෙයාලට ආරක්ෂාව දුන්නා. කර්මානත ශාලාවේ කලමනාකාරවරුන් මුදල් වියදම් කරලා තමයි අද මේ වැඩේ කළේ. ඔවුන්ට ඕනේ කර්මාන්ත ශාලාව අරිනවට කැමති කට්ටියක් ඉන්නවා කියලා පෙන්නන්නයි. ඔය කියන සංවිදාන අද ඊයේ මදා ගත්තු එකක්. ඔකේ ප්‍රධානියා තමයි පොලිසියේ මහත්තයා එක්ක කතා කර කර ඉන්නේ. ඔය මනුස්සයාත් මුලින්ම කර්මාන්ත ශාලාවට විරුද්ධව උද්ඝෝෂණය කරපු කෙනෙක්. (නදී)
මගේ ඔලුව රිදෙන්න වගේ. මේ ෆැක්ටරිය වහන්න කියනවයි, අරින්න කියනවයි. මොකක්ද මේ රටට වෙලා තියෙන්නෙ.අල්ලපු රටේ ඉන්න උන් මේවා දැකලා හිනා වෙයි ඕයි. (ස)
මොකද කියන්නේ සට පට ගාලා මෙයාලටත් තියල දාමුද ? පෙළපාලි කියනකොට නහුතෙට නගින කෝ මේ අපේ බන්දුල පෙරේරා දැනමුත්තා ? (ස)
කලකට වහ කලකට රහ වෙනවාලු (නි)