වැලිවේරිය රතුපස්වල ළි වතුරට ඇසිඩ් එකතුවීමට වග කිව යුතු යැයි කියන කම්හලේ බලධාරීන් සමග ඇමැති මර්වින් සිල්වා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සාකච්ඡා කරද්දී තවත් හිමිවරු කිහිප නමක් එම ස්ථානයට පැමිණ උපවාසයට එක් වූහ.
එම ස්ථානයට ආ බරහිර වැලිවේරිය දුදර්ශනාරාමාධිපති වැල්ලගිරියේ රතනසාර හිමියන් පැවසුවේ මෙම ආයතනය සවස් වන විට වසා නොදැමුවහොත් ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග එක්ව මාරාන්තික උපවාසයට එක් වන බවයි.
කතෝලික පියවරුන් සමග සාක්ඡා කර ඔවුන්ට මෙම අරගලයට සම්බන්ධ කර ගන්නා බව ද ඒ හිමියෝ පැවසූහ.
ප්‍රදේශයේ පාසල් ළමයි ද අද පාසල් නොගොස් පැදුරු දමා පාරේ වාඩිවී ජලය ලබා දෙන්නැයි කියමින් උද්ඝෝෂණයට එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංජන තමුසේ කර්මාන්ත ශාලාවේ අතිකාරයාගේ පුතා නේද? (අ)
ගරුතර සංඝ රත්නයට ප්‍රදේශයේ ජනතාවගේ උපහාරය! ආගම් බේද වලින් තොරව ජාති බේද වලින් තොරව හැමෝම එකතු වෙලා මේ ආයනය වසා දැමීමට ක්‍රියා කරන්න. නැත්නම් පරිසරයට හානි නොවන වෙන කර්මාන්තයක් ඔය ගොඩනැගිලි වල ආරම් කරන්න. අපේ ලිං වතුර සටනට ජය වේවා! (නි)
අන්ජනට මොනවහරි පෑගිලා වත්ද .....දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න එක තමයි වැඩිය හොද ..මෝඩ විදියට අදහස් දන්නේ නැතිව (අ)
වැදගත් ඇමති තුමෙක් මෙතනට ආවා නම් ..මේ ගැටලුව දැනටමත් විසදිලා (අ)
අනේ හාමුදුරුවනේ, රැල්ලට නොයා විමසිල්ලෙන් බලනු මැන. (නි)
ලුම්බිනි,ඔතන ඉන්නවා රැකියාවෙන් එළියට දමපු ගමේ කට්ටියක්.කීයටවත් කට අරින එකක් නැහැ. (නි)
තුවාලේ තියන කෙනා තමයි එකේ වේදනාව දන්නේ. ප්‍රතිචාර දාන සමහර අය මෙවැන්නක් තමන් ට සිදු වුනොත් කෙසේද කියාත් හිතිය යුතුයි.(ස)
අන්තීමට ජනතාව පරදීවි,දේශපාලුවෝ,බහු ජාතික සමාගම් දිනුම්. මෙය තමයි ප්‍රතිපලය. (නි)
උද්ඝෝෂණය නොකළොත් තමුන් ගේ ප්‍රශ්නය කාටවත් දැනෙන්නේ නැහැ. අලුත්ගම දුම්රිය ස්ථානය ළගදී දුම්රිය ගේට්ටුව නැති තැනකදී වෑන එකක් හැපිලා 06 දෙනක් මිය ගියා. අවට මිනිස්සු ගාලු පාර අවහිර කරලා රාත්‍රියේ උද්ඝෝෂණය කළා. ටික දිනකින්, රටේ හැම තැනක ම දුම්රිය ගේට්ටුව නැති තැන් වලට විසදුමක් දීලා තිබෙනවා. අර පරණ විසදුමම, යකඩ බම්බුත් උණ බම්බුත් ඒ කාර්යයට උදව් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නයත් එහෙම තමා විසඳාගත යුතු වන්නේ. (නි)
බන්දුල. දැන් වයඹ මධ්‍යම ඡන්ද ඇවිත් තිබෙනව. තවම මොකුත් පටන්ගත්තේ නැහැනේ .රටේ අයගේ මොළ හූදල ඡන්දය ලබා ගන්න.(අ)
හාමුදුරුවනේ පරෙස්සමින් , කොම්පැනියෙන් සැලකිය යුතු කුට්ටියක් ලැබුනොත් පොලිසයට අණ කරනවා දෙකක් නැහැ උද්ගොසකයන්ට ගහන්න කියල , මේවා ඕනේ තරම් මේ රටේ වෙලා තියෙනවා (දී)
ඇයි ඔය සමගම මාස 6ක් පමණ යනතුරු ඔය ප්‍රදේශ වල වැසියන්ට බීමට ජලය බවුසර් වලින් දෙන්න කියලා නීතියක් පනවන්න නොහැකිද? (නි)
ඕක තමයි ටිකිරිගේ මොලේ ගොම පස් කියලා මම හැම තිස්සෙම කියන්නේ. කොහොමද ඔය කියන විදියට ලක්ෂ 60-70ක මොළ හෝදන්නේ? ඔය දන්නා මැෂින් එකක් තියෙනවද අපි නොදන්නා? ඔයාලා දැන්මම පැරදිලානේ. ඔයාලා ඔය අදහස් දාන ඒවා මිනිස්සු පිළිගන්නවා නම් අර සත්‍යපාල මහත්තයාගේ පෙරහැර ළග ළගම එනවා ඇති.අපිත් ඉතින් ආසයි පෙරහැරවල් බලන්න.. (නි)
සංකීර්ණ ප්‍රස්නයක්, බුද්දීමතුන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය මොහොතක්, තාවකාලිකව කර්මාන්තශාලාව වසන එක හොදා නැත්නම් තවත් විෂ පොලවට එකතුවෙන එකයි වෙන්නේ. පසුව බලන්න ඕනේ විෂ මිශ්‍ර වී තිබෙන ජලය කොහොමද යථා තත්වයට ගන්නේ කියා.සැවොම එකතු වී උද්ගෝෂණය කරන එක හොදා නිසි පියවරක් ගන්න ප්‍රමද නම්. (දී)
ආයතනය අපිව අන්දනවද? ගමේ උද්ඝෝෂකයෝ අපිව අන්දනවද? බලධාරීන් අපිව අන්දනවද? (අ)
අවසරයි හාමුදුරුවනේ, එතකොට ෆැක්ට්‍රිය වහපුවම වතුරේ පී එච් එක හරියනවද.(අ)
ගමේ අපිටනම් ඕන අපිට බයක් නැතිව බොන්න වතුර ටිකක් විතරයි. එත් සෙනසුරාදා ඉඳන් ගොඩක් අය දඟලන්නේ ෆැක්ට්‍රිය වහන්න මිසක් අපිට හොඳ වතුර ටිකක් ලබා ගන්න ක්‍රමයක් දෙන්න නෙවෙයි. එක කණ්ඩායමක් අපිව ඉස්සරහට දාල එයාලගේ වෙන අරමුණු ඉෂ්ට කර ගන්න හදනවා. මේ ගොල්ලෝ බොර දියේ මලු බාන්න ගිහින් අපිවත් අන්දලා රටත් අන්දනවා. (අ)
බන්දුල පෙරේරා, ඔන්න ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක පුතාට හොදටම තලළලු.මම කීව නේද පෙරහැර ගැන.ඔන්න දැන් කස කාරයෝ විතරක් නොවෙය් ගිනිබෝල කරකවන්නොත් පෙනෙනවා නේද?පෙරහැර එනවා කියල තවම දැනුනේ නැද්ද ? (දී)
අංජන හරියට කතා කරන්නේ බුදු වෙලා වගේ. කරුණාකර උඩින් බිමට බැහැලා මිනිස්සු විදින දුක ටිකක්වත් තේරුම් ගන්න. සමහර අයට මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි මිනිස්සුව මුලා කරන එකම ක්‍රමය.වරදවා වටහාගන්න එපා මමත් බෞද්ධයෙක් (නි)
වැලිවේරිය දේවස්ථානයේ පියතුමා අනිවාර්යයෙන්ම වැඩම කල යුතුය. මේක සිංහල බෞධයගේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. (ස)
සිව් පසයෙන් තමන්ට උපස්ථාන කරන ගමේ දායකයව රැක ගන්න එක පවක් නෙවෙයි. ඉංග්‍රීසින් කන්ද උඩරට ආක්‍රමණය කරනකොට සටන් වලට නායකත්වය දුන්නේ අපේ හාමුදුරුවෝ . (දී)
අනේ අපේ ස්වාමීන් වහන්සේලා ටිකක් කල්පනා කරලා වැඩ කලොත් නේද හොඳ. මේවගේ දේවල් වලට වෙනත් ආකාරයට සහාය දැක්වුවොත් නේද හොඳ. නැත්නන් ආගමක් විදියට අපි පරිහානියට යයි නේද? අර විශ්වවිද්‍යාල වල භික්ෂුන් වහන්සේලා හැසිරෙන විදිය දැක්කහම ආගමත් එපා වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙසු බණ ඔස්සේ හිතන්න දැන් ඉන්න අපේ සමහර භික්ෂුන් වහන්සේලාට බැරි ඇයි... ? (ස)
තවමත් මේවා භාරව ඉන්න ඇමතිලා වචනයක් වත් කියල නැහැ නේ. ඒ අය මෙහෙම ප්‍රශ්නයක් තිබෙන බව දන්නේ වත් නැතුවද? අනික මේ ආයතනය හවස් වෙන්න ඉස්සර වෙලා වැහුවම වතුර පිරිසිදු වෙනවද? ඇයි මේ ආයතනයේ අයත්, ඇමති වරුත්, ගම වැසියනුත්, පූජක පක්ෂයේ අයත් එකට හමුවෙලා සාකච්චා කරලා විසඳුමක් ගන්නේ නැත්තේ? (දී)
මේ ඇමති තුමා නැතුව වෙනෙ කෙනෙක් මේකට යෙදවූවා නම් හොදයි වගේ.. (දී)
අයියෝ සත්‍යපාල මහත්තයා, ඔබතුමාට හීනෙනුත් පෙරහැරවල් පෙනෙනවා.මේ වගේ කෙනෙකුට ගැහුවහම ඔයා හිතන්නේ අරාබි වසන්තේ පටන් ගත්තා කියලද? පව් කියලා හිතෙනවා. සත්‍යපාල මහත්තයා ඉවසලා ඉන්නකෝ. දැන් වයඹ මධ්‍යම ඡන්ද ඇවිත් තිබෙනවනේ. එතකොට ඔන්න කියන්න පුළුවන් සත්‍යපාල මහත්තයාගේ පෙරහැර එනවද නැද්ද කියලා. (නි)
ඔහොම යමූ..... (ස)
දෙවියනේ, මේ කතිර ගන්න පොරකන අයගේ ඇස් කන් වලට හෙන ගහලද? සල්ලි දීමනා නෙමෙයි ඉල්ලන්නේ බොන්න පිරිසිදු වතුර ටික ඉල්ලන්නේ.(ස)