IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රත්නාවලී පැතුම් ඉටුවෙයි

 ‘‘ අපොස උසස් පෙළ  වාණිජ අංශයෙන් මුළු දිවයිනෙන්ම පළමු වැනියා, පස් වැනියා සහ නව වැනියා අපේ පාසලෙන් බිහි කරන්න අද අපිට  හැකි වී තිබෙනවා. අද දිනය  2013 වසරේ අපේ තවත් ඉලක්කයක් ඉටු  වු දිනයක්‘‘  යැයි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එච්.ඒ.එච් ජයවර්ධන මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල ආ අවස්ථාවේ අපි සැලසුම් කළා 2013 වසරේ   කුමන විෂය දාරාවකින් හෝ  දිවයිනෙන් ඉහළ ස්ථානයක්  අපේ පාසැලෙන් බිහි කරනවා කියා.  අද  එය සාර්ථක වුනා. 

සාමාන්‍යෙයන් අපේ ළමයි 400 ක් පමණ වසරකට විශ්ව විද්‍යාලයට යනවා.

අපේ ඉලක්කයට ලඟා වීමට සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කලා. ඒ අනුව මාර්තු මාසය වෙද්දී විෂය නිර්දේශය අවසන් කළා. එතැන් පටන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. හවස් වරුවේ පන්ති කළා.

මේ දියිණියන් තිදෙනාම හැමදාම පාසැල් ආවා.  සියලු වාර විභාගවලට පෙනී සිටියා. හරියට වැඩ කළ නිසා මේ අය සැහැල්ලුවෙන් තමයි විභාගයට මුහුණ දුන්නේ.

අපේ දියණිවරු ලබා ගත් ජයග්‍රහණ ගැන හරිම සතුටුයි.



අදහස් (0)

රත්නාවලී පැතුම් ඉටුවෙයි

පාලි-කටාර් Saturday, 21 December 2013 07:28 PM

අමතර පන්ති ගියත් ඕනේ නම් දවසකට පැය දෙකයි. මේ දරුවන්ගේ සහ ගුරු වරුන්ගේ නොපසුබට උත්සාහයෙන් තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. සැමටම සුභ පැතුම්! (නදී)

:       0       0

කෝදා Friday, 20 December 2013 11:10 PM

දියනිවරුනි අපේ සුබපැතුම් මෙහෙම සැලසුම් කරලා වැඩ කරන ගුරු මව් පියවරු රටටම වාසනාවක් (අ)

:       0       0

පාලි-කටාර් Saturday, 21 December 2013 07:49 PM

මේ ගුරු මෑනිවරුන්ගේ හිත් වලට මොන තරම් සතුටක් දැනෙනවා ඇතිද?  ඔබ සැමටම තෙරුවන් සරණයි.(නදී)

:       0       0

ධම්ම Friday, 20 December 2013 11:44 PM

කොයි කවුරු මොනවා කිව්වත් යහපත් ජීවිත අරමුණු ඇති දරුවන්ට විශ්ව විද්‍යාලවල සිදුවන නවක වද, වර්ජන, පෙළපාලි ආදිය නුවණින් නොසලකා හැරිය හැක. ඔබටද ඒ ධෛර්ය ලැබේවා දියණියනි! (අ)

:       0       0

නන්ද Saturday, 21 December 2013 12:06 AM

මෙම දරුවන්ගේ සහ විදුහල්පතිනියගේ මෙන්ම ගුරුභවතුන්ගේ උත්සාහය අනෙක් විදුහල්වලට ආදර්ශයක් වේවා.. (අ)

:       0       0

නෙත් Saturday, 21 December 2013 12:32 AM

දරුවනි වාසනාවන්.ගුරු මව්පියවරුනි ඔබටත් වාසනවාවන් (අ)

:       0       0

කොස්වත්ත Saturday, 21 December 2013 12:42 AM

මොනවා කියන්නද හරිම ආඩම්බරයි මේ ගුරු මෑනියන්ට නිදුක් නිරෝගේසුවය ලැබේවා (අ)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 21 December 2013 02:16 AM

සූභ පතනවා....!! (අ)

:       0       0

සුමිත් Saturday, 21 December 2013 10:48 PM

ගුරුවරුන් කවදත් දෙවිවරුන් වගේ.. අපගේ නැණස පාදපු ඒ දෙවි වරුන්ට උපහාරයක්ම වේවා.. (අ)

:       0       0

ඉන්දික Saturday, 21 December 2013 11:52 PM

මේ රටේ ගුරුවරියංග දරුවන්ට තියනපහසුකම් අනික් දරුවන්ට නැහැ (අ)

:       0       0

නුවන්ත Saturday, 21 December 2013 02:56 AM

විශිෂ්ටයි රත්නාවලි

:       0       0

අජිත් අමරවීර - Saturday, 21 December 2013 09:03 AM

ඔබ තුමිය බෙන්තොට ගාමිණී ජාතික පාසලට එන්නකෝ වසරකට ...පින් සිද්ද වෙනවා. නායකත්වය කියන්නේ ඔබතුමිය වගේ කෙනෙකුට.(අ)

:       0       0

කුලතිලක Saturday, 21 December 2013 09:37 AM

ගුරුවරුන් දන ගස්සන මන්ත්‍රීවරුන් එන්න රටක ෙමම ගුරුවරුන් වාසනාවන් රටටම. හැමොටම යහපත් අනාගතයක් ට සුබපැතුම් ! (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 21 December 2013 10:55 AM

මේ තුන් දෙනා එකදු විෂයකටවත් පුද්ගලික උපකාරක පන්තිවල පිහිට නොපැතූ බව ඔප්පු කරන්න පුලුවන්නම් මේ ජයග්‍රහණය පාසලේ සැබැ ජයග්‍රහණයක්..නමුත් යථාර්තය මෙයට වඩා ගැඹුරුයි කටුකයි කියල පාසල් වල උසස්පෙළ අද්‍යාපනය ගැන දන්නෝනම් හොදින්ම දන්නවා..උසස් පෙළ පාසල් අධයාපනය අද නමට පමනයි.මේ ඔක්කොම රගපෑම් ...(අ)

:       0       0

වීරකෝන් Saturday, 21 December 2013 10:55 AM

කොහොමටත් දැන් අපේ රටේ කෙල්ලො තමයි වැඩ පෙන්වන්නෙ. විශ්ව විද්‍යාලවල 70% ක්ම ඉන්නෙ කෙල්ලො. ඉංජිනේරින් ෆැකල්ටි එකේ හැර අනික් ඔක්කොම ෆැකල්ටිවල අතිමහත් බහුතරය (70% ට වඩා) කෙල්ලො. (අ)

:       0       0

දයාල් Saturday, 21 December 2013 01:03 PM

බන්දුල පෙරේරා ඔබ හරියටම හරි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site