කොළඹ හයිඩ් පිටිය ලංකා බැංකු සේවක සංගමයේ මැයි රැළියට වෙන් කැර තිබියදී උසාවි නියෝගය නොතකා ක්‍රියා එම ප්‍රදේශයට මැයි දිනයේදී ඇතුළු වීමට  ගිය ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනයේ සමන් රත්නප්‍රිය ට,ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින්ට හා ආර් ඩී සිරිසේන ට ලබන ජුනි දෙවැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසි නිකුත් කළේය.

පොලිසිය අධිකරණයට දැන්වුයේ තමන් අධිකරණ තීන්දුව නොපිළිගන්නා බව එම වෘත්ති සමිති නායකයින් පැවසු බවයි.