(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර ශික්ෂණ රෝහලේ සිට අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ 18 හැවිරිදි තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වීම හේතුවෙන් යළි රත්නපුර රෝහලට ඒවා තිබේ.
මෙම තරුණියගේ එක් වෛද්‍ය වාර්තාවකට අනුව ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් තවත් වෛද්‍ය වාර්තාවකට අනුව ඩෙංගු රක්තපාත තත්ත්වයක් ඇති බවට දක්වා තිබුණි.
රත්නපුර ශික්ෂණ රෝහලේ බලධාරීන් විසින් තරුණිය අයි.ඩි. එච්.රෝහලට ඊයේ (29) රාත්‍රීයේදී යොමු කර ඇත.
එහිදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීම හේතුවෙන් ඇය නැවත රත්නපුර ශික්ෂණ රෝහල වෙත එවනු ලැබීය.
ඊයේ (29) උදෑසන රෝහල් ගත කළ ඇයට හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැක හැර දැන ගත්තෙක කාලෝචිතයි. නමුත්, මෙතැනදී පොදු ජනයා වැරදි වැටහීමක් ගෙන තම තමන්ගේ අත් බෙහෙත්වර්ග ආදිය භාවිතයට පෙළබෙන්න ඉඩ තියනවා. විශේෂයෙන් ඩෙංගු රෝගයට දේශීය වෙදකමේදී ශාක වර්ගවල යුෂ ලබාදීම අනුමත කරණ හෙයින්. කෝකටත් වෛද්‍ය උපදෙස් මත පමණක්ම බෙහෙත් ගත්තොත් තමා හොඳ....
තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා!