ඇඹිලිපිටිය ඇතුළු සතර දිග් භාගයේ දුප්පතුන් නඟා සිටුවීමට කැප වී සිටින ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියනට පරිභව කළ බුද්ධ සාසන ඇමැති ද වන අගමැති ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකින බව රත්නපුර විහාරාධිපති සංගමයේ ලේකම් අකරැල්ලේ ඤාණවංශ හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
හත්පොළේ කුඩු ගාගත් පුද්ගලයින් පිළිබඳව සෝභිත හිමියන් කළ හෙළිදරුව්ව නිසා මෙම අවලාද අසන්නට සංඝරත්නයට සිදු වී යැයිද එවැනි පුද්ගලයකුගෙන් බුදු සසුනේ ආරක්ෂාව කෙසේ බලාපොරොත්තු විය හැක්කේ කෙසේදැයි ඒ හිමියෝ ප්‍රශ්න කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් යනකොට ඔක්කොම ‘‘කුඩ්ඩෝ". සැබෑ කුඩ්ඩෝ කුඩු ගෙන්නන කොට අනික් අය බිං කුඩ්ඩන් ගේ භූමිකාව රඟ දක්වනවා.(නදී)
ඕක තමයි කියන්නේ සිත ,කය ,වචනය යන 3 දොරේ ශිලය රැකෙන්න ඕනේ කියලා. (නදී)
දුප්පතුන්ට බෙදාදෙන්න පරිප්පු කන්ටේනර් එකක් ගෙන්නුවොත්, අගමැතිතු ලේකම්ගෙන් අර වගේ ලියුමක් ගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ.(නදී)
අපි සැවොම එකසේ පිලි ගන්නවා ඔබ වහන්සේලාගේ මතය (දී)
අයියෝ අගමැති (දී)
අගමැති තුමාට විශාල කළු පැල්ලමක් සිද්ද උනා පහුගිය දවස් ටිකේ (දී)
ජනතා මතයට අපි හිස නමන්න ඕනේ (දී)
අගමැතිට ලැජ්ජාවක් තියෙනවනම් දැන්වත් යන්න ඕන (දී)
රටේ දෙවෙනි පුරවැසියා ආගමික කටයුතු ඇමතිවරයා වැනි උසස් තනතුරක් දරන කෙනෙකුගෙන් මෙවැනි කතාවක් අහන්න ලැබීම ඇත්තෙන්ම කනගාටුදයක් තත්වයක් ... එතුමා ගරු සංග රත්නයෙන් සමාව ගත යුතුමයි නියම මහත්මයෙක් නම්. (දී)
වරදක් කල නිසානේ මේ හැමෝම විවේචනය කරන්නේ (දී)
අයියෝ අගමැති තුමා මොනවාද මේ වෙන්නේ (දී)
ලංකාවේ ගොඩක් අය හිතන විදිහට තමයි අගමැතිත් හිතන්නේ. තමන් කරන වැරදි, වැරදි විදිහට තමන්ට පෙනෙන්නේ නැහැ.(නදී)
තිත්ත ඇත්ත (දී)
අගමැති තුමා ඔබ තුමා නිවැරදියි නම් බය වෙන්න එපා (දී)
උණු හින්දා බොන්ටත් බැහැ. කිරි හින්දා විසිකරන්ටත් බැහැ. මෙන්න මේ වගේ කතන්දරයක් තමයි වෙන්ට ඇත්තේ.(නදී)
සමහරුන්ට නම් හැමෝම සහයෝගය දෙනවා. ඒත් අගමැතිතුමාට කවුරුත් සහාය දෙන්නේ නෑ වගේ. (ත)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (ත)