කැනඩාවේ රැකියා දෙන බව කියමින් රුපියල් තිස් පන් ලක්ෂයක් වංචා කළැයි කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ආනන්ද රණසිංහ ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ඇප මත සිටි ඔහු උසාවි පැමිණියේ රජයේ රත්තරන් කිලෝ සියයක් විකිණීමට ඇති බව කියමින් කළැයි කියන වංචාවක් සම්බන්ධයෙනි.
කොටුව හා කොම්පඤ්ඤවීදිය පොලීසි මහේස්ත්‍රාත් අමතමින් පැවසුවේ පොලීසියට ඕනෑ කළ පුද්ගලයකු වූ මොහු අත්අඩංගුවට ගත් උත්සාහ අසාර්ථක වූ බවයි.
කොටුව පොලීසියේ පැමිණිලි අටක් ද, කොම්පඤ්ඤවීදිය පොලීදියේ නඩු හතක් ද ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු මහේස්ත්‍රාත්ට දැන්වූයේ ඔහුට මරණීය තර්ජන ඇති බවයි.
රාජකාරිය හරියට කළා නම් එවැනි තර්ජන තිබිය නොහැකි බව මහේස්ත්‍රාත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම ගියහම මෙහෙම නම් සේවයේ සිටියදී කොහොම ඇද්ද? (නි)
තරු පහේ ජරාව කන රටවැසියෙක්ද... (නි)
අවංක නිලධාරියෙක්! (නි)
නඩු 15 ක විත්තිකාරයෙක්. හොයා ගන්න බැරුව හිටියා. කොහොම වුනත් පොලිසියට ස්තුතියි මෙයාව නීතිය ඉදිරියට ගෙනාවට.(ස)
දැන් මොකද කරන්නේ
අයියෝ සල්ලි
මෙයා ඒ එස් පි වෙනකම් පොලිසියේ ඩියුටි කරලා කොහොම හම්බ කෙරිල්ලක් හම්බකරන්න ඇද්ද?ගොරකා නියමෙට දඩමස් කරන්න ඇති (නි)
මෙයාව කලින්ම ඇතුලට දාන්න තිබුණේ. තව මොනවා මොනවා කරලා ඇද්ද (නි)
දය,ඔබගේ කියමන නම් හරියට හරි , දැන් සේවයේ ඉන්න අයත් ඔහොම තමයි (නි)
රාජකාරිය නියමටම කරලා තියනවා. පොලිස් හොරු කියලා නම දාන්න ඕනෑ (නි)
අද කාලයේ අපි අසන අපරාධ හොර මැරකම් වලට බොහෝ පොලිස් නිලදාරීන්, හමුදාවෙන් පැනගිය අය සම්බන්ධයි. එහෙත් මේ අතර සිටින අවංක නිලධාරින්ට මේ නිසා අපහසුතාවයක් ඇතිවේ . (නි)
අනේ කාලේ වනේ වාසේ (නි)
මේ වගේ පොලිස්කාරයෝ නිසා මුළු පොලිස් දෙපාර්තමේන්තුවම කුනුවෙනවා. (නි)