(යොහාන් භාසුර  සහ පද්මා කුමාර කංකානම්ගේ)

නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල රත්තරන් කිලෝග්‍රෑම් 8 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය කලපුවේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (12) කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්තරන් කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් භාරයට ගත් බවත් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය ක්‍රියාත්මක කළ එම මෙහෙයුමේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල පාර්සල් හතරක අසුරන ලද රත්තරන් තොගය සොයා ගත් බව ද නාවික හමුදාව සඳහන් කළේය.

මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 ක් සහ 42 ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා, රත්තරන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.