කුඩා හිමිනමක් ඇතුළු දෙදෙනකු රතිඤ්ඤා පත්තු කරද්දී තුවාල ලබා නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියෝ රෝහල් ගත කරනු ලැබ සිටී. මේ සිද්ධියෙන් සාමණේර හිමියන්ද තරුණයෝ දෙදෙනෙක් ද තුවාල ලදහ.

දැල්වූ රතිඤ්ඤා රතිඤ්ඤා ගොඩකට වැටී ගිනිගෙන ඇතැයි ද නාහිමියන්ගේ අත් හා පා එයින් පිළිස්සී ඇතැයි ද කියති.

රතිඤ්ඤා ගොඩ මහ හඬින් පුපුරා ගිය බවද කියති. නාහිමියන් කියා ඇත්තේ මේ සිද්ධිය අත්වැරදීමක් නිසා පොලිසි යාමට අනවශ්‍ය බවයි.