අඟහරුමත අතීතයේ ජලය තිබී ඇති බව නාසා ආයතනය විසින් එහි යවන ලද කියුරියෝසිටි රෝවරය තහවුරු කරයි. අඟහරු පෘෂ්ඨයේ ඇති භූ ලක්ෂණ බොහොමයක් පෘථිවියේ මෙන් ගංගා ඇළ දොළ ගලායාමෙන් හටගෙන ඇති බව රෝවරයෙන් ලැබුණු දත්ත අනුව ස්ථිර වූ බවත් නාසා ආයතය පවසයි.
අඟහරුමත ජලය තිබෙන්නට ඇතැයි යන්න වසර ගණනාවක සිට විද්‍යාඥයන්ගේ විශ්වාසය වුව ද එය විද්‍යාත්මකව තහවරු කරන ලද්දේ කියුරියෝසිටි යානයෙන් ලැබුණු දත්ත පදනම් කැර ගනිමිනි. විද්‍යාඥයන් පවසන්නේ ජලය තිබූ බැවින් අඟහරු අතීතයේ ජීවය සහිත ග්‍රහලෝකයක් වන්නට ඇති බවයි. නමුත් මෙතෙක් ජීවය පිළිබඳ සාධක හමුවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු වැස්ස ගැන දැන් ඉතින් බයක් නැහැ. එන්නේ කොහෙන්ද කියල දැන ගත්තා. එහෙ මිනිස්සු නැත්නම් මැති ඇමතිවරු එහෙමත් නැතුව ඇති නේද? ෂඃ යන්න විදිහක් නැහැනේ. (නදී)
හෙඩිමේ කියනදේ පුවතෙත් තිබුනානම් හොඳ ආරංචියක් වෙන්න තිබුනා. ඇත්තටම ඔවුන් ඡයාරුප ගතකරලා තිබුනේ ජලය ගලායාම නිසා වර්ණවත් අවසාදිත තැන්පත්වූ ස්ථානයක්.(නදී)
ඔය ජලය නෙමෙයි, අගහරු පෘෂ්ටය සිසිල් වීමේදී ගලා ගිය පාරවල් වෙන්න බැරිද? ජලය තියෙන්න වායුගෝලයේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වගේ දේවල් තියෙන්න ඕනෑ. මුලිකවම අනෙක ඝන වායු ගෝලයක් සහිත වියයුතුයි.මේවගේ ව්‍යාපෘති වලට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණන් වියදම් කළා. එහෙත් වැඩක් වුණේ නැහැ. (නි)
ඉදිරියේදී අපේ පෘතුවියට ජලය නැතිවී යනවා .ලෝකයේ කරන ස්වබාව දර්මය ( වනාන්තර ගස් ) නැති කිරීමත් , කරන පරිසර දුෂනයත් නිසා . එනිසා වර්තමානයේ ඇතිවන ඒ අඩුපාඩුවට මේ රතු ග්‍රහය අපිට උදව් කරාවි.(නදී)
සමහර ග්‍රහලෝකවල ඇල මාර්ග වගේ තියෙනවා ඒවා ගිනිකධු නිසා ලාව ගලාගෙන ගොස් ඇතිවුනු ඒවා. ජලය කියල ස්ථිරවම කියන්න බෑ. ජලය විතරක් ගලනවා නෙමෙවි ඌනෙම ද්‍රවයක් ගලනවා. ජිවය තියෙන්නේ පෘතුවියේ විතරයි. ශුද්ධ වූ බයිබලේට අනුව. එය නිවැරදි. (අ)