ශ්‍රී ලංකාවේ පසුගිය කාල වකවානුවේ අතුරු දන්වුවන් පිලිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ලබන අවුරුද්දේදී වාර්තාවක් සකස්කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියයි.
මෙම කටයුත්ත සඳහා ජාත්‍යන්තර කමිටුවක්ද පත්කර ඇතිබවද එම වාර්තා සඳහන් කරයි.
සමීක්ෂණ කටයුතු අවසන්කර වාර්තාව ඉදිරිපත්කිරීම මෙම වර්ෂය අවසානයට පෙර සිදුකිරීමට බලාපොරොත්තුවන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රකාශිකා සරසි විජේරත්න පවසා ඇත.
1990 සිට රතුකුරුස සංවිධානයේ කොළඹ කාර්යාලයට අතුරුදහන් වුවන් පිලිබඳ පැමිණිලි 16,000 ක් ලැබී ඇති බවද එම වාර්තාවෙහි දක්වා ඇත.
මෙම සමීක්ෂණය මඟින් අතුරුදන් වුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සමාජීය, ආර්ථික, නීතිමය සහ නානසික අවශ්‍යතාවයන් පිළිබඳවද කරුණු සොයා බලනු ඇත.
මෙම පැමිණිලි අතරින් 4,500 ක් පමණ ආගිය අතක් නැතිවූ හමුදා සේවයේ නියලී සිටි අයගේ පවුල් වලින් ඉදිරිපත් කළ ඒවාය.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා රජය මඟින් අතුරුදන් වුවන් පිලිබඳ සොයාබැලීමේ වැඩපිළිවෙලක් දියත් කළේය. මේ දිනවල එම ත්‍රී පුද්ගල කමිටුව මඟින් රජය වෙත ඉදිරිපත්කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් තොරතුරු පරීක්ෂා කරගෙන යනු ලබයි.
මෙහි එක අංගයක් වශයෙන් දිවයින පුරා ජනසංගණනයක්ද පවත්වනු ලැබීය.
ඉන්දියානු වාර්තාවේ දක්වා ඇත්තේ උතුරේ පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සහ දකුණේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල හේතුවෙන් විශාල පිරිසක් අතුරුදහන්වූ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල වගේ නොවෙයි අපේ රටේ අතුරු දහන් උනා කියන්නේ අතුරුදහන් ම තමයි. හැබැයි ඕනෙම නම් ඒ අයගේ ඇට කටු නම් හොයා ගන්න පුළුවන්. ඒත් දවස් කිහිපයකට පමණක්.(නදී)
හමුදා සේවයේ නියලී සිටි, නැති ඌ අය ගැන කොටි වගකියන්න ඕනා. දකුණේ නැති ඌ අය ගැන එ ජා ප ය වගකියන්න ඕනා. ඉතිරි; උතුරේ නැති ඌ අය ගැන; 10% ඉන්දියානු සාම හමුදාවත්, 20% එල් ටි ටි ඊ එකත්, 10% ලංකා හමුදාවලුත්, වගකියන්න ඕනා. ඉතිරි ටික හොයාන්න; නොර්වේ, ස්වීඩන්, යුකේ, ඔස්ට්‍ර්රලියා, යු එස් ඒ, ඊ යු, හා ස්විට්සර් ලන්තයේ හොයන්න ඕනා.(නදී)