ලන්ඩන් නුවර පදිංචි කරුණා බස්නායක තම හිත මිත්‍රාදින්ගේද සහයෝගය ඇතිව පසුගිය වසර 13ක් තිස්සේ පවත්වාගෙන ආ සුවිශේෂි පින්කමක් පැවැත්වීමට යයි.
මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළුව ශ්‍රී ලංකාව පුරා සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් විපතටපත් ජනතාවට මෙන්ම ත්‍රස්තාවාදයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා දිවි පිදු සියලුම රණවිරුවනටද පින් පැමිණවීම මෙම පුණ්‍ය කර්මයෙහි අරමුණ බව බස්නායක කියයි.
ලබන 19 වැනි ඉරුදින උදේ 10.30 ට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී බුද්ධ පුජාවක් පවත්වා මහා සංඝ රත්නය උදෙසා දානය පිරි නමා පිං අනුමෝදන් කිරීම අරමුණයි.
ජනක අලහප්පෙරුම, අජිත් සිල්වා, කුමාර් දිසානායක, සහ දොස්තර එම්.බි.රණතුංග ඇතුළු විශාල පිරිසක් සහාය වනු ඇත.
මහනුවර ශ්‍රී දළඳා මාලිගය වෙත එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ දිනය මුලික කර ගනිමින් පසුගිය වසර 13 ක්ම බස්නායක මෙම පිංකම පවත්වා ඇති අතර ඒ සමගාමීව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය දරුණු අන්දමට පැවැති වක වානුවේ ත්‍රස්තවාදයේ බිහිසුණුකම බටහිර වැසියනට පෙන්වාදෙන අරමුණෙන් රැස්වීම්,සාකච්ඡා, ඡායාරුප ප්‍රදර්ශන සහ වාර්තා චිත්‍රපට දර්ශන ලන්ඩන් නුවර සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර රණතුංග මහතා හා ජනක අලහප්පෙරුම වැනි ක්‍රියා කාරීන්ගේ පරහිත කාමී වැඩ ගැන දැන් දැන් නිතර ලන්ඩන් නුවරින් අසන්න ලැබෙනවා. මෙය අද ඊයේ ඇරඹුන දෙයක් නොවෙයි. කරුණා බස්නායක ට මේ කාර්යය කර ගැනීම ට අත හිත දෙන අජිත් සිල්වා හා කුමාර් දිසානායක ටද අපගේ ගෞරවාචාරය.(නදී)
දොස්තර රණතුංග මහතා හා ජනක අලහප්පෙරුම වැනි ක්‍රියා කාරීන්ගේ පරහිත කාමී වැඩ ගැන දැන් දැන් නිතර ලන්ඩන් නුවරින් අසන්න ලැබෙනවා. මෙය අද ඊයේ ඇරඹුන දෙයක් නොවෙයි. කරුණා බස්නායක ට මේ කර්තව්‍යය කර ගැනීම ට අත හිත දෙන අජිත් සිල්වා හා කුමාර් දිසානායක ටද අපගේ ගෞරවාචාරය. (නදී)
ඉතාමත්ම හොඳ සත් ක්‍රියාවක්. මේ පිරිස වසර විසි තිස් ගානක් තිස්සේ ලන්ඩන්වල අවංකවම රට වෙනුවෙන් විවිධ වැඩ කරන පිරිසක්. පක්ෂ, පාට භේදයකින් තොරව අඛණ්ඩවම කරන මේ සියලු ජාතිහිතේෂි වැඩ සාර්ථක වේවා. ලාභ ප්‍රයෝජන බලාගෙන පක්ෂ වලට කඩේගිය නඩය පේන්නවත් නැහැ නේද? (නදී)
ඉතා හොඳ පින්කමක්, දැනුත් සාකච්චාවක් පවත්වන්න බටහිර රටවල් අපේ රටට ඔලුව උස්සන්න දෙන්නේ නැති එක ගැන කියලා දෙන්න. අපේ රටට විතරක් චෝදනා කරන්න බලන් ඉන්නේ අයත් ඉන්නවා (දිල්)
ඔව්වා මොනවද ?ඉතාලියේනේ අපි පිංකම් කරන්නේ .(නදී)
ඇත්ත අපේ කලාකාරයෝ උනත් සිනමාවෙන් රටට කරපු දේ නැති තරම් ඔය ජිනිව මානව හිමිකම් ගැටලුවටත් අපේ අය හදපු ෆිල්ම් එහෙමත් රුකුලක් දුන්නා. තව කට්ටිය ඉන්නවා මේ වෙන දේවල් වලට වග කියන්න ඕනා. (නදී)
ඉතාමත් උතුම් පිංකමක්. අපේ රටේ මිනිස්සුන්ට කොටින්ගේ සැහැසිකම් අමතක වෙලා තියෙන කාලෙක මේක කරණ එක මොනතරම් වටිනවද? ගොඩක් මිනිස්සු බයයි කොටින්ට කොටි කියන්න. කොටි අපේ දළදා මාලිගාවට, ශ්‍රි මහා බෝධියට බෝම්බ ගැහුවා කියලා ප්‍රසිද්ධියේ කියන්න බයයි මොකද ජාතිවාදීන් වෙයි කියලා. මුස්ලිම් අය මුස්ලිම් ජාතිය ගැන කථා කරනවා.. දෙමළ අය දෙමල ජාතිය ගැන කථා කරනවා.. ඒත් අපේ සිංහල අය ජාතිවාදින් වෙන්න තියෙන බයට වෙන ජාතීන් ගැන කථා කරනවා.(නදී)