යුද්ධය පැවැති සමයේ දී විවිධ අපරාධ කළ බවට චෝදනා නගමින් බන්ධනාගාරගත කර සිටින රණවිරුවන් නිදහස් කරගැනීමට අවශ්‍ය ඇප මුදල් සොයාගැනීමට ජාතික හිමිකම් සංවිධානය බැංකු ගිණුමක් ආරම්භ කළ බව එම සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ කියති.
කිරිබත්ගොඩ, සම්පත් බැංකු ශාඛාවේ 100561002479 ගිණුම් අංකයට ඒ සඳහා හැකි ආකාරයෙන් ආධාර ලබා දෙන්නැයි ඒ හිමියෝ ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පිනක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ මේ වෙලාවේ ඉදිරිපත් වෙලා මේ දේවල් ගැන හොයල බලන එක ලොකු දෙයක්. මමත් ආධාර කරන්න කැමති. (අ)
අපරාධ කළ බවට චෝදනා නගමින් බන්ධනාගාරගත කර සිටින සියළුම අයව නිදහස් කරගැනීමට අවශ්‍ය ඇප මුදල් සොයාගැනීමට අරමුදලක් පිහිටනවා නම් නේද වඩා හොඳ? (නි)
හෙල්පින් හම්බන්තොට වගේ ගිණුමක් ද ? (අ)
ඇප මුදල් කියන්නේ නැවත ගෙවන මුදලක්. ඒ නිසා මිනිස්සු සල්ලි එකතු කරලා ඇප බැඳලා ඒ ඇප රිටන් කළාම කාටද ඒ සල්ලි යන්නේ? නොදන්නා නිසයි අහන්නේ. (බ)
මේ සල්ලි ටික කොහාට යයිද දන්නේ නැහැ . ටිකක් කල්පනා කරන්න (බ)
පාර්ලිමේන්තුව රැස්වෙන දවසට රජයේ මුදල් හොරකම් කරපු ප්රභූලාගෙන්. ඉල්ලගන්න ඒ තැනට ගොස් (බ)
සරත්, ඔබගේ මිම්මෙන් රටේ හැම මිනිහෙක්වම මනින්න එපා, මේ සංවිධානය තමයි යුද්ධයයට දායක වෙලා නිරපරාදේ මානව හිමිකම් නඩු වලට පැටලුනු රණ විරුවෝ විශාල පිරිසකට මුදල් වලින් උපකාර කෙරුවේ. කුහක කමින් අනුන්ගේ කුණු හොයා හොයා ඉන්නවටම වැඩිය රට වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගන්න (බ)
සරත්, ඔය විදියට වටිනා අරමුණු වෙනුවෙන් යමක් කරනවිට තමුන්ගේ අාරේ ගතිය නොපෙන්වනවානම් මැනවි හොදින් තේරුම් ගන්න අද රට පවතින තත්වය හමුවේ මෙවන් අදහසක් පහල වීම ඉතාම කාලෝචිතයි ! (බ)
හොදම යෝජනාව කොටි අතින් ඝාතනය වුන සිංහල දෙමල මුස්ලිම් අයගේ නෑයන් ලිස්ට් එකත් වන්දි ඉල්ලා අධිකරණයේ නඩු දැමීම මෙම මුදල් කොටි සම්බන්ධ අරමුදල් වලින් අයකර වන්දි ගෙවීමය .නැත්නම් දෙපැත්තේම වන්දි ලබා ගැනීමෙන් තොර සන්හිදියවකට යනබවට ගිවුසුම් අත්සන් කළ යුතුය (බ)
පුජ්‍ය බෙන්ගමුවේ නාලක ස්වාමින්වහන්සේ යුදසමයේ රණවිරුවන් වෙනුවෙන් හඬක් නැගු ස්වාමින්වහන්සේ නමක් යුරෝපයට පවා පැමිණ (විශේෂයෙන් ඉතාලි )අප දිරිමත් කරමින් උද්ඝෝෂණ පැවැත්වූ හිමිනමක් අප මෙම සත්කාරයට යුද සොයුරන් වෙනුවෙන් උදව්කරමු. (බ)
මේවා රජයේ වගකීම්. රණවිරුවන්ට මෙහෙම නම් සාමාන්‍ය ජනතාවට ? (බ)
අනිල් ජාත්‍යන්තර අදිකරණ අතුරුදහන් කොමිසම් ගැන නොදන්නා බවයි පෙන්නේ. කවුරුත් කියන පලියට කියන්න එපා. අපේ නිවැරදි බව පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව මේක. වැරදි කරලා නැත්නම් මොකටද බය වෙන්නේ (බ)
තාම ඇරඹුන පමණයි. රටේ සාමන්‍ය නීතියටත් උඩින් තියන අතුරුදන් වුවන් හොයන කොමිසම, ජාත්‍යන්තර යුධ අදිකරණය වැඩ පටන් ගත්තම අපේ රණවිරුවන් බේරගන්න සතියෙන් සතිය කෝටි ගණන් හොයන්න වේවි! නිකන් පැමිණිල්ලක් දැම්ම ගමන් සැකයි කියල උස්සන් ගෙනිහින් දානවනේ රිමාන්ඩ්, අනේ ඉතින් ඒ සෙබළු කොහේ කියල ඔය තරම් ඇප සල්ලි හොයන්නද! (අ)
සරත්, චමල් - මේ තම පටන් ගත්ත විතරමයි. ඉස්සරහට ඔය අරමුදලට ලක්ෂ ගණන් නෙවි කෝටියේ ඒවම සිය ගණනක් ඕන වේවි - ජාත්‍යන්තර අධිකරණෙ, අතුරුදන් කොමිසමේ වැඩ පටන් ගත්තම, ගොතන බොරු සාක්කි වලට අහුවෙන සෙබළු බේරගන්න. හිතල බලන්න, කොටින්ට කවදත් සල්ලි ලැබුනේ පිටරටවලින්. ඉස්සර යුධ උපකරණ ගන්න ඒ සල්ලි වියදම් වුන. දැන් කිසි වියදමක් නැති එකේ සියලු අරමුදල් යොදවන්න පුළුවන් ඉස්තරම්ම නීතිඥයෝ අල්ලාගෙන බොරු නඩු සිය දාස් ගණනින් පටලවන්න. අනිත් එක ලංකාවෙන්ම කොටින්ගේ සල්ලි හොයන සංවිධාන සැහෙන ගණනක තහනම අයින් කරනේ ගිය අවුරුද්දේ, දැන් ඒ අරමුදලුත් නිදහස්. ඉතින් ඔය එන්න තියන නඩු පෝලින් එක්ක බැලුවම මේ අරමුදලට කෙතරම් මුදල් ලැබුනත් වැඩියක්නම් වෙන්නේ නෑ. (අ)
එදා යුද්දෙට විරුද්ධව කොටින්ට කඩේ ගිය එවුන් තමයි මේ රණ විරුවන් බෙරා ගන්න දරන උත්සාහයටත් අවමන් කරන්නේ. අමනයෝ.(අ)
මේ දඩුවම් ලබපු අයට නඩු දැම්මෙ මහින්ද මහත්තයගෙ කාලෙ කියල කාටවත්ම මතක නෑ වගේ (අ)
ලෝකයේ කිසිම රටක මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ (නි)