රණවිරු ලේබලය ගසාගෙන නීති විරෝධී වැඩ කිරීමට, මිනී මැරීමට කිසිවකු බලපත්‍ර ලබා දී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ අපරාධ සම්බන්ධ විමර්ශන පැවැත්වෙද්දී විවිධ කණ්ඩායම් ඇවිස්සී ඇතැයි ද, අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නන් රණවිරුවන් ලෙස ඔවුන් නම් කරන්නේ යැයි ද ස්ටාලින් මහතා පැවසීය.
‘‘එක්නැලිගොඩ ඝාතන විමර්ශනවලදිත් රණවිරුවන් අත්අඩංගුවට ගත් බව පිරිසක් කියනවා. යුද්ධ කළා කියා මිනී මරන්න කාටවත් ලයිසන් දීලා නෑ. රතුපස්වල වෙඩි තැබීමට වග කිව යුතු බව කියන බ්‍රිගේඩියර් ලංකාවට ඇවිත් ඉන්නවා. ඔහුට එරෙහිව මෙතෙක් පියවරක් ගෙන නෑ.
මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව තබෙනවා වෙඩි තැබූ හා අනදුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියා. අද වනතුරු කිසිදු පියවරන් ගෙන නැහැ. මේ ආණ්ඩුවත් ඔවුන් ආරක්ෂා කරන්නේ ඇයි කියා අපට ප්‍රශ්නයක් තිබෙනවා.
අපි ආණ්ඩුවට බල කරනවා ජනතාවගේ හඬට ඇහුම්කන් දී පරීක්ෂණ සාධාරණව සිදු කරන ලෙස.‘‘
සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද මාධ්‍ය සාකච්ඡාව ඇමතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවෙක් වුණත් නීතියට එයත් යටයි (නි)
මෙම මාතෘකාවට අපි සැම එකඟයි. (නි)
රණවිරුවන්ගෙන් දැන් දැන් සමාජයට බොහෝ කරදර සිදුවෙනවා. (නි)
මේ කාරණය ගැන 200% ක් එකඟයි. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය, ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය, බිඳුණුවැව ඝාතනය, ඇඹිලිපිටිය, සුරියකන්ද සිසු ඝාතනය, මෑතකදී සිදුවූ මොහොමඩ් ෂියාම් ඝාතනය යනාදී සියල්ලටම සාධාරණයක් වියයුතුයි. නීතිවිරෝධී වැඩ හෝ ඝාතන සිදුකර ඇති කිසිම ආරක්ෂක අංශ සාමාජිකයෙක් හෝ පොලිස් නිලධාරියෙක් අපරාධකරුවන් මිස රණවිරුවෝ නොවෙති. නිල ඇඳුම අපරාධ කර ගැළවී සිටීමට ලැබෙන මුක්තියක් නොවිය යුතුය. (නි)
හරියටම හරි. ඔයටිකවත් රටේ ජනතාවට තේරුනොත් ඇති (නි)
කතාව නම් සහතික ඇත්ත (නි)
රණවිරුවන් වුණත් නීතියට පිටුපාන්න බැහැනේ (නි)
නිරායුධ මිනිස්සු මරන්න රණවිරුවෝ තියා කාටවත් බලපත්‍ර දීලා නැහැ (නි)
සියලු හමුදා භටයින් රණවිරුවන් නොවේ.. සියල්ලෝම නීතියට යටයි (බ)
එ්ත් ඔය කිසිම විරුවෙක් ඒ වගේ මිනි මැරුව කියල ඔප්පු වී නැහැ, බොරුවට තියාගෙන ඉන්නවා මිසක් වෙන කිසි දෙයක් නැහැ.. මේ කරන්නේ ලෝකෙට පෙන්නන්න ..(බ)
රණවිරුවෝ අපිට වටිනවා.අපි ගරු කරනවා.එත් රටේ නිතිය කාටත් සමාන විය යුතුයි.වහාම නිතිය ක්‍රියාත්මක විය යුතුයි.(ම)
මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ විදිය පිළිබද උපදෙස් දෙන්නේ මේ සර්වඥයන් වහන්සේලා දෙනමද? (කෞ)
නිරායුධ මිනිස්සු මරන්න රණවිරුවෝ තියා කාටවත් බලපත්‍ර දීලා නැහැ රණවිරුවෙක් වුණත් නීතියට එයත් යටයි. අනෙක 88-89 ජේ වී පී එක විසින් කළ අරගලයේදී ඔවුන් සිවිල් ජනතාව ඝාතනය කිරීම වළකා ගැනීම හා රාජ්‍ය දේපල විනාශ කිරීම පාලනය කිරීමට යුධ හමුදාව යොදාගත් නමුත් දේශපාලකයන් අවස්ථාවාදින් ලෙස තම විරුද්ධවාදීන් සිවිල් ජනතාව ඝාතනය කිරීම ආරම්භ වුණා. මේ වනතෙක් සිටි සියලුම රජයන් එක දිගටම මෙය කරගන යනවා දේශපාලකයන් තම විරුද්ධවාදීන් පාලනය කිරීමට මේ අය විශාල ලෙස යොදා ගන්නවා (බ)
මෙතන නිතිය ගැන කතා කරන උපාසක මහත්වරු කේ.පිල වගේ ය ගැන කතා කරන්නේ නැත්තේ මන්ද? (බ)